ඔහොම සිද්දියක් මටත් වුනා. කනත්ත ගාවදි නෙමේ. කනත්තට මීටර් 20ක් විතර මෙහාදි. කනත්තත් එක්කම තියෙනව ඇලක්. පාරත් හොදට පලලයි. මලගෙදරක ඉදල ආවෙ පාන්දර 1.30ට විතර. ඔය හරියට එද්දි 2ට වගේ ඇති. එක පාරටම පාර ඉස්සරහි0 දනගාගෙන මිනිහෙක් පැන්න. බල්ලෙක් වගේ සතෙක් නෙමේ. බල්ලට වඩා හුගක් ලොකුයි. හෙඩ් ලයිට් දෙකත් දාගෙන ආපු නිසා මිනිහෙක් දනගාගෙන පනිනව හොදටම පෙනුන. සරමක් විතරයි ඇදල හිටියෙ. ශර්ට් එකක් මොකුත් නෑ. කාර් එක දිහා බැලුවෙවත් නෑ ඌ පැන්න. මටත් ආපු වේගෙට කරගන්න දෙයක් නෑ අනික් පැත්තට කැපුව. කොහොම හරි මිනිහව ඉස්සරහ වම් පැත්තෙ වදිනව මට හොදට දැනුන. අයිනෙ තියෙන පොඩි පොඩි පදුරු පිරුනු කැලෑවෙ හැප්පිලා වාහනේ නැවතුනා. එහෙම්මම වාහනේ රිවර්ස් කරගෙන පාරට ගත්ත. අරගෙන බැලුව. පාරෙ ලේ පැල්ලමක්වත් නෑ. හැබැයි ඒ හැප්පුන විදිහට ඇට කටු හිට0 කුඩුවෙන්න ඕනෙ. අනික ඒ අයිනෙ අකුලෙන් එච්චර ඉක්මනට මිනිහෙක්ට රි0ගන්න විදිහකුත් නෑ. ඕනෙ රෙද්දක් කියල ගියා කාර් එකට තුවාලද බලන්න. ඉස්සරහ වම් පැත්ත ඩැමේජ්. මොකක් හරි හැප්පිලා තියෙනව. රෝදෙ වතුර වගේ මොනාදත් තිබ්බ. ලේ නෙමේ. ලේ වගේ ගනක0. හැබැයි පාටක් නෑ. කුනු ගදක් ආවෙ රෝදෙන්. ඕනෙ රෙද්දක් කියල ම0 එන්න ආව. මීට කලිනුත් රෑ වෙලා ඔතනි0 ආපු බයිසිකල් කාරයෙක් මිනිහෙක්ගෙ හැප්පිලා වැටිල අතක් කඩාගෙන තියෙනවලු. ඒ කිට්ටුව ඉන්න යාලුවෙක් කිව්වෙ. ඌ හොදටම දැකල මිනිහෙක්ව හැප්පෙනව. හැප්පිලා තමා බයිසිකලෙත් එක්ක ඌ වැටිල තියෙන්නෙ. හැබැයි හැප්පිච්චි එකෙක් නෑ. යාලුව කිව්ව විදිහට න0 උට බයිසිකලේ ඊට පස්සෙ විකුනන්නම වුනාලු. ඒ සිද්දියට පස්සෙ ඌ ඒ බයිසිකලෙන් හය වතාවක්ම හැප්පෙන්න ගිහි0 නූලෙන් බේරිලා. උගෙන් බයිසිකලේ ඉල්ල0 ගිය යාලුවෙකුත් බයිසිකලේ පිටි0ම වෙලට වැටිල. ඌ කියන්නෙ හැන්ඩ්ල් එක ඉබේ හැරුන කියල. උට න0 හොස්ස පොඩ්ඩක් තුවාල වෙලා බේරිලා. හැබැයි මට න0 දැන් ඕක වෙලා මාස හතරක් වගේ වෙනව තාම න0 කිසිම අවුලක් වුනේ නෑ. අරූගෙ විශ්වාසෙද මන්ද. ඕව ඔච්චර ගන0 ගන්න එපා බ0. මැරිච්ච උන්ට ඕනෙ විදිහට අපි ජීවත් වෙන්න ඕන්නෑ. ගේම න0 ගේම. මැරිච්ච උන් එක්ක හරි.