March-02 විශේෂ දිනයක්...
source
වාරියපොල සිරි සුමඟුල්අනුනාහිමි 201 වැනි ගුණ සැමරුම් උළෙල ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේ දී..
-------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමට මොහතකට පෙරාතුව සිංහල කොඩිය පහත දමා ඉංග්‍රීසි ධජය එසවීම නිසා ජාත්‍යාලයෙන් ඔද වැඩුණු වාරියපොල ශ්‍රී සුමංගල නාහිමියන් ඉංග්‍රීසින්ගේ කතිර කොඩිය බිම හෙළා නැවතත් සිංහ ධජයගුවනට එස වූයේය.
මීට වසර 201 කට කලින් ලක් ඉතිහාසයේ සිදු වූ එම සුවිශේෂී අවස්ථාවනැවතත් පුණරාවර්ජනය කරන වාරියපොල ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ 201වැනි ගුණ සැමරුම් උළෙල මාර්තු 2 වැනිදා එනම් අද දින පෙ.ව.8.30ට සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාව මහමළුවේ පිහිටි ශ්‍රී සුමංගල නාහිමි පිළිරුව අසලදී පැවැත්විය.
අස්ගිරි මහා විහාර පාර්ශවය මඟින් මෙම උළෙල සංවිධානය කරනු ලබන අතර, අස්ගිරි මහා විහාරයේ අතිපුජ්‍ය ගලගම ධම්මසිද්‍ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සාභිධාන මහා නායක මාහිමිපණන් වහන්සේ විසින් මුලාසනය හෙබවු අතර වාරිපොල සුමංගල නාහිමි පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ආරම්භ කළ මෙම උත්සවය සඳහා අස්ගිරි මහා විහාර පාර්ශවය නියෝජනය කරමින් ගරුතර සංඝරත්නය සහ විවිධ ප්‍රභූන් සහභාගී විණි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමාද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
***

Code:
https://en.wikipedia.org/wiki/Wariyapola_Sri_Sumangala
Code:
https://www.facebook.com/sridaladamaligawa/posts/10153568843178687