ඔයාල හැමෝම දන්නවා ඇතිනේ Sun Microsystems විසින් MySQL 2008 දී ඩොලර් බිලියනයකට මිලදී ගන්නවා කියල.
ඊට පස්සේ Oracle විසින් Sun Microsystems මිලදී ගන්නවා 2009 දී.
මේක Sun Microsystems මිලදී ගන්න කොට MySQL වල වැඩ කරපු original developers (founders ලා )සෙට් එක ඉවත් වෙනවා.............
David Axmark, Allan Larsson and Michael "Monty" Widenius. - founders
මේ අය අයෙත් 22 January 2009 දී ආරම්භ කරනවා MariaDB කියල එයාලගෙම company ක් .
MySQL engine එක අරගෙනම තමයි මෙයාල මේක හදන්න ගන්නේ ..............හැබැයි ගොඩක් improvments කරනවා ....... ඩොලර් බිලියනයක් ගත්ත නිසා දැන් සල්ලි බාගෙත් එහෙම හොදට තියෙනවනේ.........
කරපු improvments ලිස්ට් එකක්ම මෙතන තියෙනවා........ Click Here
දැනට MariaDB විසින් නිකුත් කර ඇති version -
source-wikipedia
එත් හැමෝම MariaDB හොදයි ෆාස්ට් අනන් මනම් කිව්වට අපි දන්නේ නැනේ .........
එක නිසා මට පොඩ්ඩක් හිතුන මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න.......
මේ තියෙන්නේ මිලියන ගානක් data enter කරනකොට MySQL සහ MariaDB වල performance එක.
මේක මිට වඩා වෙනස් වෙන්න පුළුවන් hardware requirenments අනුව.මම මේක test කලේ core i 3 4GB normal ලැප්ටොප් එකක.SSD එකක් භාවිතා කලොත් මිට වැඩ ගොඩක් fast වෙයි.
මේ තියෙන්නේ data row මිලියන 2ක් insert කරනකොට database එකට ඒ සදහා ගත වූ කාලය.
MySQL
MariaDB
වෙනස- 34.3 - 18.3 = 16 seconds
( MariaDB වලට වඩා MySQL තත්පර 16 ගිහින් තියෙනවා.)
මේ තියෙන්නේ data row මිලියන 4ක් insert කරනකොට database එකට ඒ සදහා ගත වූ කාලය.
MariaDB
වෙනස- 34.3 - 18.3 = 16 seconds
( MariaDB වලට වඩා MySQL තත්පර 16 ගිහින් තියෙනවා.)
මේ තියෙන්නේ data row මිලියන 4ක් insert කරනකොට database එකට ඒ සදහා ගත වූ කාලය.
MySQL
මේ තියෙන්නේ data row මිලියන 10ක් insert කරනකොට database එකට ඒ සදහා ගත වූ කාලය.
MySQL
MariaDB
වෙනස- 177.9 - 117.9 = 60s
(MariaDB වලට වඩා MySQL තත්පර 60(one minute) ගිහින් තියෙනවා.)
ඒ වගේම මම මේ වෙනස් වීම graph එකකත් නිරුපනය කල.
(MySQL ,MariaDB performance test Graph - insert කරන data ප්‍රමාණය million වලින්ද ,කාලය තත්පර වලින්ද දක්වා ඇත.)
දැක්ක නේද කොපමණ වෙනසක්ද කියල.......
අනිත් එක වාසියක් තමයි file size එක..... MySQL = 200MB වෙනවා MariaDB = 54 MB (64bit version) download කරන්නත් ලේසි.
MySQL සමග එන්නේ GUI editor එක MySQL workbench එකනේ.......ඒ workbench එකනම් හෙනම අච්චාරුවක් .
එත් MariaDB සමග එන GUI එක HeidiSQL මේක Object Pascal වලින් ලියල තියෙන්නේ ... ඒ කියන්නේ Embarcadero Delphi ..... එක නිසා මේක ගොඩක් ෆාස්ට් .මමත් දැන් අවුරුදු 2ක ඉදන් භාවිතා කරන්නේ HeidiSQL.
source - heidiSQL
HeidiSQL විතරක් නෙමෙයි SQLyog , Navicat වගේ GUI editor සමගත් භාවිතා කරන්න පුළුවන්.
හොදම දේ තමයි MySQL වලින් කරපු කිසිම දෙයක් වෙනස් නොකර MySQL ,MariaDB වලින් replace කරන්න පුළුවන් වීම .
MariaDB install වෙන්නෙත් MySQL කියලමයි.එත් backend එක වෙනස්.
වැරදි අඩු පාඩු තිබුනානම් සමාවෙන්න....... මම වරද්දපු තැනක් තියෙනවනම් මට වඩා දන්නා බුද්දිමත් අය ඒවා පෙන්නවා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
--------------------------------------------------------------------



MySQL walath engine eka anuwa, operation eka wenas wenawa Writes adu reads wadi table walata MyISAM thamath hodai.

