Mark zuckerberg ගේ FB එකත් හැක් වෙලා…

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Mark zuckerberg ගේ FB එකත් හැක් වෙලා…

    පලස්තීනු ජාතික systems information විශේෂඥයෙක් වන Khalil Shreateh විසින් Facebook හි ඇති වරදක්, අනතුරක සේයාවක් (vulnerability)Facebook’s security කණ්ඩායමට අවබෝධ කර වීමට දෙවරක් ම උත්සාහ කලත් එම උත්සාහය පල රහිත වුවක් වුනා. ඔවුන් එම වරද පිළිගැනීමට තරම් කාරුණික නොවූ හෙයින් Khalil Shreateh ට සිදු වුනා එය සනාත කර පෙන්න්වීමට. ඒ සඳහා ඔහු යොදා ගත්තේ Facebook හි හිමිකරු වන Mark Zuckerberg ගේ Facebook ගිණුමයි. Enrique Iglesias ගේ වීඩියෝ පටයක් Zuckerberg ගේ පාසල් කාලයේ යහළුවකු වන Sarah Goodin ගේ Facebook ගිණුමේ පල කරමින් ඔහු Facebook හි ඇති මෙම වරද ලොවටම සනාථ කර පෙන්නුවා. Sarah Goodin හා Khalil Shreateh Facebook මිතුරන් නොවෙයි. ඒ වගේම දෙදෙනා අතර කිසිම සම්බන්ධතාවයකුත් නැහැ. නමුත් Facebook හි දැනට පවතින මෙම දෝෂය නිසා Facebook මිතුරන් නොවුනත් ඔවුන්ගේ wall එකෙහි විවිධ දේ පල කිරීමට ඇති හැකියාව තිබෙනවා.

    msg-to-sarah.jpg


    නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි. කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා.

    මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා. නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා. එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.


    19.jpg




    ගත්තේ මෙතනින්
     
    • Like
    Reactions: Bill Gates

    Similar threads