astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
මෙන්න මම නිකං ඉන්න ගමං මාක් මාමට කෙ‍ටුව ලියුමක්. EK එකත් එක්ක බෙදාගන්න හිතුන. කොහොමද බලන්නකෝ.

මාක් මාමේ,

මාක් මාමේ. ඔබට කැම්පස් එකට වී ඉගෙන ගන්නවා වෙනුවට නිකං ඉන්න බැරි අමාරුවකට හදපු මූනුපොත නිසා අප විඳින දුක දන්නේ අප පමණි. එක් අතකින් මෙය ඔබට නොවැටහෙන එක ගැන අප පුදුම නොවෙමු. මන්ද යත් ඔබට පෙනෙන්නේ ඔබ මසකට උපයන මිලියන බිලියන ගනන් මුදල් නෝට්‍ටු පමණි. ඔබ ඔබගේ මේ සමාජ ජාලය ට පසු ගිය දින කිහිපය තුල නවතම පහසුකම් ‍රැසක් එක් කල බව අපි දු‍ටුවෙමු. එහි හොඳක් ඇත. නමුත් ඉන් හොඳකට වඩා අපට මහත් කරදරයක් සිදුවෙයි. ඉන් එකක් ලෙස Comment සඳහා මිතුරන්ව ටැග් කිරීමේ පහසුකම හඳුන්වා දිය හැක. මෙතෙක් කලක් තිබුනේ වීඩියෝ වලට, පින්තූර වලට සහ බිත්තියේ දමන Post වලට මිතුරන් ටැග් කිරීම පමණි. ඒවායින්ද කරදර නැත්තේම නොවේ. නමුත් ඒවා කලකට පෙර සිටම පැවත එන බැවින් ඒවා ගැන දැන් කථා කිරීම නිශ්ඵලය. එම නිසා ඒ ගැන කරන කතාව නවත්වා තොප අලුතින් හඳුන්වා දුන් Comment Tags පිලිබඳ කතා කිරීමට මම කැමැත්තෙමු.

අප ඉස්සර යහලුවෙකුට පමණක් වලංගු වන ලෙස කමෙන්‍ටුවක් දැමීමට ඕනේ අවස්ථාවකදී යතුරු පුවරුවේ @ ලකුණ ඔබා සාමාන්‍ය කමෙන්‍ටුවක් ලෙස එය පල කලෙමු. යහලුවාට එය ලැබුනේද සාමාන්‍ය කමෙන්‍ටුවක් මෙනි. එනිසා යහළුවාට එය තමන්ට කියූ දෙයක්ද, නැති නම් වෙනත් අයෙකුට කිවූ දෙයක්ද යන්න දැන ගැනීමට හැකි වූයේ එයට ගොසින් මය. නමුත් අලුත් වැඩි දියුණු කිරීමත් සමඟ අපට යහළුවාට විශේෂයෙන්ම දැන ගත හැකි වන පරිදි කමෙන්ට් දැමීමට හැකි වී ඇත. එය මා දකින පරිදි මෙහි ඇති එකම වාසියයි. නමුත් මෙහි අවාසි බොහෝමයකි.


ඉන් එකක් නම් යම් දෙයකට කමෙන්ට් දැමීමේදී එය අපට Notification එකක් ලෙස එයි. තවද එයටම තවත් කෙනෙක් තමාව ටැග් කර කමෙන්ට් එකක් දැමුවහොත් *** metioned you in comment ලෙස තවත් Notification එකක් පැමිණේ. අවසන එකම ස්ථානටට යෑමට Notification දෙකකි. මෙය මා සිතන විදිහට බොහෝ දෙනෙකුට වදයකි.


ඉතිං මම තොපට මෙය අවලංගු කරන ලෙස නොකියමි. හැකි නම් අපගේ Settings වලට අපව තවත් අයෙකුට ටැග් කිරීමට හැකි වන හෝ නොහැකි වන ලෙස අලුත් පහසුකමක් යොදන්නේ නම් මැනවි. එය මෙම පහසුකම අවලංගු කර දමනවාට වඩා සාර්ථක වනු ඇත.


තවද මේත් සමඟ ඔබට මතක් කිරීමට තවත් දෙයක් ඇත. ඔබ මේ මූනුපොතට එක් කරන මේ පහසුකම් අතරේ MP3 ෆයිල්ද දැමීමට හැකි වන ලෙස පහසුකමක් යෙදීමට හැකි නම් ඉතා අගනේය.


මේ කිසිම දෙයක් ඔබ වැනි කඩු වනන්නෙකුට නොතේරෙන බව දනිමි. තොප ලඟ සිටින ලංකාවෙන් ගිය පුද්ගලයා ලවා කියවාගෙන මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය අප මහත් උපකාරයක් කොට සලකමු.​
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

රෙප් එකක් දීල යන්න හොඳේ
 
  • Like
Reactions: razer knight

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
@රේසර්
තෑන්ක්ස්
@එමිල්
මොකක් ? රීපෝස්ට් ? වෙන්න බෑ. මමනෙ මේක ලිව්වෙ