ඉදිරි සතියේ සිට එක්සත් ජනපදයේ වෙළඳසැල්වල මුහුණු ආවරණ අළෙවිය අනිවාර්යය වීමට නියමිත අතර දැනටමත් පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේදී ඒවා පැළඳිය යුතුමය. මෙම නීති රීතිවලට යටත් නොවන පුද්ගලයන් යුරෝ 100ක දඩ මුදලකට යටත් වන බව සඳහන්ය. ශ්‍රී ලංකාව තුළද වෙන කිසිම දාක නොපැවති ලෙස මුහුණු ආවරණ නැතුවම බැරි අංගයක් බවට පත් වෙද්දී
විවිධ පුද්ගලයන් විවිධ මෝස්තර, රටා සහිත සහ විවිධාකාරයේ ද්‍රව්‍යයන්ගෙන් නිපදවන ලද මුහුණු ආවරණ හෙවත් මාස්ක් පළඳිනු දැකිය හැකිය.
සෝදා නැවත භාවිතයට ගත හැකි රෙදිවලින් නිපදවන ලද මුහුණු ආවරණ භාවිතයට ගන්නා ලෙස
බොහෝදෙනෙකුගේ නිර්දේශයය. නමුත් වඩාත් හොඳ වන්නේ කුමන අමුද්‍රව්‍යයෙන් නිපදවන ලද මුහුණු ආවරණද? ඉහළ පෙළේ පුද්ගලයන් පළඳින්නේ කුමනාකාරයේ ආවරණද?
මේස් එකකින් වුවත් මුහුණු ආවරණයක් සෑදිය හැකිද? මුහුණු ආවරණය පැළඳි විට ඇස් කන්නාඩිවලට හුමාලය වැදීම වළක්වන්නේ කෙසේද? විලාසිතාවක් සමඟින් ආරක්ෂිත මුහුණු ආවරණයක් පැළඳිය හැකි අයුරු පිළිබඳව සාරා රෙයිනී විසින් එක්සත් ජනපදයේ ඩේලි මේල් වෙත පළ කළ ලිපියක සඳහන් කර තිබුණි.
ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කිරීමට සෑමවිටම උත්සාහ කරන්න
හොඳම ආරක්ෂාව ලැබෙන්නේ කපුවලින් බව ඇය සඳහන් කරයි. ‘තදින් වියා තිබෙන, නමුත් හුස්මගැනීමට ඉඩ සලසන සියයට සියයක් කපු මම භාවිතා කරනවා. ඔබේ මුඛය ඉදිරියෙන් කෘත්‍රිම දෙයක් රඳවාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මන්දයත් එසේ කළොත් ඔබ හුස්ම ගන්නේ විවිධ වර්ගයේ ක්ෂූද්‍ර ප්ලාස්ටික් විය හැකිය.’
යම් රෙදි කැබැල්ලක් මුඛ ආවරණයක් සෑදීම සඳහා යොදාගැනීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳව ඔබට සැකයක් තිබෙනවා නම් එය ආලෝකයට අල්ලා බලන්න. ඔබට සිදුරු පෙනෙනවා නම් ඉන් අදහස් කරන්නේ එහි වියමන අවශ්‍ය ප්‍රමාණයට වඩා බුරුල් බවය.
මුහුණු ආවරණය බඳින කොටස ඇදෙනසුළු සහ හොඳින් තද වන එකක් විය යුතුය. ඉලාස්ටික් සොයාගැනීම අපහසුයි නම් ඔබේ පරණ ලෙගින්ස් දෙකකින් කොටසක් ඒ සඳහා කපාගන්න. ඔබේ මුහුණු ආවරණය ස්ථර තුනකින් සමන්විත විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයය. නමුත් ස්ථර ප්‍රමාණය වැඩි වුවහොත් හුස්ම ගැනීම අපහසු වේ. එක් ස්ථරයක් සඳහා මුළුතැන්ගෙයි භාවිතා කරන ටිෂූ (kitchen towel) එකක් යොදාගත හැකි අතර එය සෑම වතාවකදීම මාරු කළ යුතුය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ට්රීෂ් නම් මහාචාර්යවරයා මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයක් ඇසුරින් පැවසුවේ මුළුතැන්ගෙයි භාවිතා කරන ටිෂූ මගින් ප්‍රමාණවත් පෙරීමක් සිදු වන බවය. ක්ෂූද්‍ර අංශ අල්ලාගැනීමේ හැකියාව ඇති වැකියුම් ක්ලීනර් ෆිල්ටර හෝ කෝපී ෆිල්ටරද අනෙකුත් යෝජනා ලෙස සඳහන් විය.
ඔබේ මුහුණු ආවරණයෙන් අවශ්‍ය කාර්යය ඉටු වෙනවාදැයි දැනගත හැකි අනෙක් ක්‍රමය වන්නේ, මුහුණු ආවරණය පැළඳ ගිනි කූරක ගිනි දැල්ලට පිඹීම මගින් එය නිවා දැමිය හැකිදැයි පරීක්ෂා කර බැලීමය. ඔබට එසේ සිදු කළ හැකි නම් ඉන් හෙළි වන්නේ ඔබේ මුහුණු ආවරණය ඔබව ආරක්ෂා නොකරන බවය. ඔබ මුහුණු ආවරණය හරහා සංකලනයක් සිදු වූ ජල බිඳිති ආශ්වාස හෝ ප්රාශ්වාස කරනවා විය හැකිය.
දරුවන්ට මුහුණු ආවරණ පැළඳවිය යුත්තේ කෙසේද?
මුහුණු ආවරණයක් සෑදීමට මේස් එකක් භාවිතා කළ හැකිද?
ඔව්, මේ පිළිබඳව යූටියුබ් වීඩියෝ තිබේ. නමුත් ඔබට පිරිසිදු, එතරම් බර නැති මේස් එකක් තෝරාගත යුතුය. කකුලේ ඇඟිලිවලට සවි වන ප්‍රදේශය කපා ඉවත් කරන්න. ඉන්පසුව විලුඹට සවි වන කොටස මැදට සිටින ලෙස උඩ සිට වැඩි කොටස කපා ඉවත් කරන්න. එනම්, මේස් එකේ විලුඹට සවි වන කොටසට උඩින් සහ ඊට යටින් ඇති දිග සමාන විය යුතුය.
ඉන්පසු විලුඹ සවි වන පැත්තට විරුද්ධ පැත්ත කපා විවෘත කරන්න. මැද ඇති විලුඹ කොටසට ඉහළින් සෘජුකෝනාස්ර විවරයක් තබන්න. එය ඔබේ නාසයට ඉහළ කොටස සඳහායි.
කන දෙපස බැඳීමට පටි දැමීම සඳහා මේස් එකේ ඉහළ කෙළවරින් සහ පහළ කෙළවරින් සෙන්ටිමීටර දෙක බැගින් කුඩා සිදුරු සාදන්න.
මෙය සෙල්සියස් අංශක 60 උෂ්ණත්වයකින් සෝදන්න.
නිවසින් පිටතට ගිය විට වරින් වර මාරු කිරීමට අඩුම තරමින් මුහුණු ආවරණ තුනක්වත් ඔබට අවශ්‍ය විය හැකිය. කපු ආවරණයක් තුළ පිරිසිදු මුහුණු ආවරණ තබාගන්නා ලෙසත් සිප් එකකින් ආවරණය කරන ලද බෑගයකට භාවිතා කරන ලද මුහුණු ආවරණ දමාගන්නා ලෙසත් වෛරසවේදීහූ පවසති. මුහුණු ආවරණයක් පැළඳීමට පෙර සහ පසුව ඔබේ දෑත් හොඳින් සෝදාගන්න. මුහුණු ආවරණයේ ගැට ගසන පටි පමණක් අල්ලන්න. පිරිසිදුකම පිළිබඳ විශේෂඥයන් පවසන්නේ ඔබ මුහුණු ආවරණ සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයකින් සේදිය යුතු බවය. ඉන්පසු ඉහළ උෂ්ණත්වයකින් වේලාගන්න.
ඔබේ ඇස් කණ්ණාඩි මත හුමාලය ඇති වීම වළක්වාගැනීමට මුහුණු ආවරණය සබන් වතුරේ පොඟවා පවනේ වේලා බලන්න. මෙමගින් ප්‍රති මීදුම් පටලයක් ඇති වන බව පැවසේ. මීට අමතරව මුහුණු ආවරණයේ ඉහළ සීමාව මත ඇස් කණ්ණාඩිය රැඳවීමෙන් එය හොඳින් මුද්‍රා වන බව ඇස් කණ්ණාඩි පිළිබඳ අධ්‍යක්ෂකවරයෙක් සඳහන් කරයි.
(UK ඩේලි මේල් ඇසුරිනි)
එස්. දහනායක