The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1


    ශ්‍රී ලාංකික වෙළඳපොලේ මාස්ක් මිලියන විස්සක් නොමැත.. අඩු වශයෙන් එයින් සීයට පහක්වත් තිබේදැයි නොදනිමි.. ශ්‍රී ලාංකිකයන් පිස්සු බල්ලන් මෙන් මාස්ක් මිලදී ගැනීම නිසා දැන් ෆාමසි වල තොග අවසන්ව ඇත.. මෙහි භයානක ප්‍රතිඵල දෙකක් වෙයි..

    1. ඇත්තටම මාස්ක් අවශ්‍ය අයට ඒවා නොලැබීම : කොරෝනා අටමගලය හැර මිනිසුන් මාස්ක් පැළඳිය යුතු වෙනත් හේතු ඇත.. නිදසුනක් ලෙස ක්ෂය රෝගියෙක් මාස්ක් පැළඳිය යුතු ය.. ඔබගේ කුලප්පුව නිසා දැන් ක්ෂය රෝගියෙකුට වුවත් මාස්ක් එකක් සොයාගත නොහැකි ය.. එම අසරණ රෝගියා මෙලහකට ක්ෂය රෝගය බෝ කරමින් සිටිනවා විය හැක..

    2. යම් හෙයකින් වසංගතයක් පැමිණියහොත් ඇත්තටම මාස්ක් අවශ්‍ය අයටට ඒවා සපයාගත නොහැකි වීම..

    ලංකාවේ තවම තහවුරු කරගත් කොරෝනා වෛරස් ආසාදිතයන් සිටින්නේ එක් අයෙකි.. ඇය ද උණ රෝහලේ වෙන් කර තබාගෙන සිටියි.. එබැවින් ලංකා වා තලයේ කිසිඳු බිය වියයුතු මට්ටමකින් කොරෝනා වෛරස් තිබේ යයි සිතිය නොහැක.. එම වෛරසය ආසාදනය වුව ද මාරාන්තික වන්නේ 3%කට පමණ ය.. කොටින්ම හෙට දිනයේ කොළඹ නගරයේ ගමන් කරන ඔබ කොරෝනා වෛරසය වැළඳී මිය යාමට වඩා හෙලිකොප්ටරයක් ඔළුවට පතබෑවී මිය යාමට වැඩි සම්භාවිතාවක් ඇත!!

    එබැවින් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින වග නම් වෙළඳපොළේ ඇති මාස්ක් ඉවර නොකරන ලෙසයි..

    සැ : යු ;

    1. ඔබට කිසියම් හේතුවක් නිසා කොරෝනා වෛරසය ආසාදිත හෝ එලෙස සාධාරණ ලෙස සැක කළ හැකි අයෙකු (චීන මූණක් තිබීම එලෙස සැක කිරීමට හේතුවක් නොවේ!!) සමග ගැටීමට සිදු වේ නම් සාමාන්‍ය මුව වැස්ම වෛරසයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවන බව සලකන්න.. ඒ සඳහා එන්95 නම් විශේෂිත මාස්ක් එක අවශ්‍ය වේ..

    2. කොරෝනා අටමගල නොව ඔබ වෙනත් සාධාරණ හේතුවකට මාස්ක් පළන්දින්නේ නම් සෑම විටම නිල් පාට පැත්ත එළියට තිබෙන සේ පළන්දින්න..





    වෛද්‍ය බුද්ධික තාඹුගලගෙන් පණිවිඩයක්

     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අපේ උන් මාස්ක් නැතුව depress වෙලා දැන් වෙන ලෙඩක් හදාගන්නවා.. මාස්ක් ඕනේ නැහැ, හොදට අත පය හෝදලා පිරිසිඩුව ඉන්න, පුලුවනන්නම් මේ දවස් ටිකේ හැමදාම හවසට කොත්තමල්ලි ටිකක් බොන්න, උනක් හෙම්බිරිස්සවක් තියනවානම් වහාම බෙහෙත් ගන්න, එහෙම තියනවානම් මාස්ක් එකක් දාන්න.. කිසිම වෛද්‍යවරයෙක් කියලා නැහැ මාස්ක් දාන්න කියලා,, මාද්‍ය, දේශපලන කාරයින්, හා ෆාමසි කාරයින්ගේ කීමට අහුවෙන්න එපා, එහෙම අවශ්‍යතාවක් තියනවානම් දැනුම් දීමක් කරයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින්...