Mata gaanak naa.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක හෙන අවුලක් බන්. හැම එකාම වගේ මට කැති නෑ. බොරුවට හිනාවෙලා හිටියට උන් මට යටින් කැමති නෑ.

    ලොකුම අවුල කියන්නේ. මට හොද ප්‍රථිරූපයක් තියා ගන්න මට කිසි උවමනාවක් නෑ. මට අසාදාරනයක් උනොත් මම පලුයන්න බනිනව. ගහ ගන්නත් යනව. ඉස්සර හෙනම වයලන්ට් ඩයල් එකක්. හොදට ගුටි කාලත් තියෙනව. :rofl: ගමේ උනත් මිනිස්සු මට කැමති නෑ. මම කියන්න තියෙන දේ පොල්ලෙන් ගහනව වගේ කියල දානව. උනුත් එකට එක කියන්න ආවොත් හොදට දෙකක් කියල එනව. පුද්ගලය අදාල නෑ.

    මට ඔය කිසි දේකට උබලගෙන් උත්තර ඕන නෑ එකකට ඇරෙන්න.

    මට කියපන් හැම මනුස්සයම උන්ගේ ඉමේජ් එක හොදට හාදාගන්න හැම දේම කරද්දී. මට ඒ කිසි දෙයක් ගැන කිසි ගානක් නැත්තේ ඇයි බන්? මේක මානසික අවුලක් නම් ඒකේ නම මොකක්ද? මේකට බෙහෙත් ගන්න මම සූදානම්. මම ඩිප්‍රෙෂන් පවා තිබිල තියෙනව. දැන් වැඩිය අවුලක් නෑ.

    මම මේ වගේ පොරක්. හිතපන් හොදම යාලුවයි, තව කෙනෙකටයි එක තෑග්ගක් දෙන්න තියෙනවනම් යාලුව කියල නෑ දෙන්න සුදුසුම කෙනාට තමයි දෙන්නේ. හැබැයි ඒකේ මට වෙන්නේ අවාසියක්. මොකද කොහෙවත් නැති එකෙක්ට සාදාරනයක් කරත් ඌ ආයි ජීවිතේ කවද දකීද දන්නෑ ඒත් මගේ හොදම යාලුව නැතිවෙනව. අන්න ඒ වගේ හෙන මෝඩයි බන්. මට මේ ගති ඇරගන්නම බෑ. රැඩිකල් වැඩියි වගේ.

    මේ රැඩිකල් වැඩි කම හින්න වාසි වලට වඩා වෙලා තියෙන්නේ අවාසි. යන යන තැන කන්ෆලික්ට්ස්. මට ටිකක් නොමල් වෙලා සෝෂල් වෙන හැටි කියපන්. :angry:
     
    • Like
    Reactions: RoxDeyon

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93

    මට කියපන් හැම මනුස්සයම උන්ගේ ඉමේජ් එක හොදට හාදාගන්න හැම දේම කරද්දී. මට ඒ කිසි දෙයක් ගැන කිසි ගානක් නැත්තේ ඇයි බන්?

    ඒ වගේ දේක අගේ තේරෙන්න හොඳ පවුල් පසුබිමක් තියෙන්න ඕන. දඩාවතේ යන රස්තියාදුකාරයෝ වගේ එවුන්ට ඒ වගේ දේවල් ගැන කිසි ගානක් නෑ