maulawita nagala

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිය දරුවන් තිදෙනා වෙනුවෙන් නඩත්තු මුදලක් ලබා ගැනීම සඳහා සිවිල් නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය ලියුමක් දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ කාති උසාවියක කාතිවරුන් විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව පවසමින් මුස්ලිම් කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    ඇය සිය පැමිණිල්ල මගින් පවසා ඇත්තේ තමන් තිදරු මවක් බවත් ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති බවත්ය.

    ස්වාමිපුරුෂයා තමා අතහැර යෑමෙන් පසුව තමා කාති උසාවිය හමුවේ නඩුවක් පැවරූ බවත් ඒ අනුව, කාති උසාවියේ නියෝගයකට අනුව දරුවන් තිදෙනා වෙනුවෙන් තමන්ට රුපියල් දෙදහසක මුදලක් මාසිකව ගෙවන ලෙසට නියෝග කළ නමුත් 2009 වසරේ සිට එය නොලැබුණ බවද ඇය සිය පැමිණිල්ල මගින් පෙන්වාදී තිබේ.

    එසේ පැහැර හරින නඩත්තු මුදල ලබා ගැනීම සඳහා තමන් සිවිල් නඩුවක් ගොනු කිරීමට කටයුතු කළ බවත් එකී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කාති උසාවියෙන් අවශ්‍ය ලියුමක් ඉල්ලා සිටි අවස්ථාවේ කාති උසාවියේ කාතිවරුන් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවද ඇය සිය පැමිණිල්ල මගින් පෙන්වාදී තිබේ.