“බල්ලො කියන්නෙ හරිම පුදුම සත්තු කොට්ටාසයක්. හොද බුද්ධියක් තියන පක්ෂපාතිකම තියන සත්තු කොට්ටාසයක් තමයි බල්ලො කියන්නෙ. ඔයාලටමේ චිත්‍රපටිය බලද්දි තේරෙයි බල්ලෙක්ට කොයි තරම් මනුස්සයෙක්ට ආදරය කරන්න පුළුවන්ද කියලා. බල්ලෙක් කියන්නෙ හරියට පුංචි ළමයෙක් වගේ. අවුරුදු 10ක් වයස බල්ලෙක් කියන්නෙ හරියට වයස අවුරුදු 4ක 5ක ළමයෙක් වගේලු. අවුරුදු 4ක 5ක ළමයෙකුගෙ මානසිකත්වයලු තියෙන්නෙ. ඒ කියන්නෙ ආදරේම බලාපොරොත්තු වෙන සෙල්ලමටම කැමති, රතිඥ්ඥා වගේ ගිනිකෙලි වලට බය කෙනෙක්. මේ චිත්‍රපටියෙ තැනක තියනවා ගිනිකෙලි වලට බයෙන් මැක්ස් හැසිරෙන විදිය. අපිත් අවුරුද්දට ඇති තරම් ගිනිකෙලි පාවිච්චි කරන්නෙ ගෙදර ඉන්න බල්ලා ගැන හිතලා නෙවෙයිනෙ. මේක දැක්කාම නම් ඒකෙ වෙනසක් වෙයි කියලා හිතනව.” අපොයි. නෑයි කිව්වට මේක බල්ලො ගැන ලෙක්චර් එකක් වේගන යනව වගේ. ඒ හන්දා බලමු කතාව. මේ කතාව මැක්ස් කියන හමුදා සෙබලා ගැන. සෙබලෙක් කිව්වට මෙයා බල්ලෙක්. සේවය කරන්නෙ හමුදාවට. මෙයාගෙ අයිතිකාරයා කායිල් මිය යනවා. ඊටපස්සෙ එයාව පාලනය කරන්න අපහසු වෙනවා. ඒත් කායිල්ගෙ මල්ලි ජස්ටින්ට පුළුවන් වෙනවා මැක්ස් එක්ක යාළු වෙන්න.
මොකද මැක්ස් කැමති එයාට විතරයි. වෙන කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒ වගේම කායිල්ගෙ මියයාම පිටිපස්සෙ තියනවා රහසක්. බලමු මැක්ස් ඒක හොයාගනීද කියලා. මැක්ස් නිසා ජස්ටින්ගෙ පවුලෙ වෙන වෙනස්කම්, මැක්ස් නිසා ජස්ටින්ගෙ ජීවිතේ වෙන වෙනස්කම්, ඇත්තටම බල්ලෙකුට අපේ ජීවිත ගොඩක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටියේ ඉන්න වර්ගයේ බල්ලක් තමයි ඔසාමා බින් ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වෙලා තියෙන්නෙත්. එහෙනම් කියෙව්වා ඇති. බලන්නකො චිත්‍රපටිය. තව කතාවකින් හමුවෙමු. ජය…..
Let us die young or let us live forever We don’t have the power,
but we never say never Sitting in a sandpit,
life is a short trip The music’s for the sad man!

චිත්‍රපටය සහ උපසිරස ගන්න මෙතනින්