MAYA මායා ශිෂ්ටාචාරය
මායා ශිෂ්ටාචරය ගැන ඔබ කොතෙකුත් අසා ඇති.මේ ලිපිය ගෙන හැර දක්වන්නෙ එ පිළිබද්ව ඔබට සුලු පැහැදිලි කිරීමක් කරන්නටයි.ඔබ මේල් ගිබ්සන්ගෙ ඇපකැලිප්ටො චිත්‍රපටිය නැරඹු අයෙක් නම් ඉතා පහසුවෙන් මාය වරුන්ගෙ ශිෂ්ටාචරය පිළිබදව වැටහෙනු ඇත.
මායා ශිෂ්ටාචාරය
බටහිර අර්ධගෝලයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් ලෙස මායා ශිෂ්ටාචාරය හැඳින්විය හැකිය. අද ගෝතමාලාව , එල් සැල්වදෝරය, හොන්ඩුයුරාස් හා දකුණු මෙක්සිකෝව ලෙස හැඳින්වෙන ප්‍රදේශවල අතීතයේ විසූ ඇමරිකානු ඉන්දියානුන් විසින් මෙම ශිෂ්ටාචාර ගොඩනගාගෙන තිබේ.කෘෂිකර්මය ජීවිකාව කරගත් මායාවරු භූ විෂමතාවය අනුව ගොවිතැන් ක්‍රමද වෙනස් කළෝය. කඳුකර ප්‍රදේශවල ඇති ජලාශයන්හි කුඩා දිවයින් තැනීමද, පහත්බිම් ප්‍රදේශවල හේන් ගොවිතැන් කිරීමද භාවිතා කරන ලදී. මායාවරු දකුණෙහි වූ ඝන වනාන්තර එළිකර ඉරිඟු වැවීම සඳහා කෙත් තැනීමටත්, නගර තැනීමටත් පටන් ගත්හ. ඉරිඟු වලට අමතරව යුරෝපයේ ජනයා දැන නොසිටි ලබු, අර්තාපල්, තක්කාලි සහ කොකෝ යන ආහාර වර්ග වවන්නට ඔවුහු දැන සිටියහ.මායාවරුන් නගර ගොඩ නැගු නමුත් ඒවා ප්‍රධාන වශයෙන් භාවිතා කළේ ආගමික උත්සව පැවැත්වීම සඳහාය.
ඔවුන් සෑම නගරයකම මැද කුඩා උස් බිමක් තනා ඒ මත උස කැටයම් කළ කුළුණු වලින් අලංකාර කරන ලද මාළිගා සහ දේවස්ථාන තැනූහ. ඔවුන් මේ මාළිගාවල ජීවත් වෙමින් ලස්සන නගරවලින් ගහන විශාල ප්‍රදේශයක් පාලනය කළහ. සාමාන්‍ය ජනයා ජීවත් වුයේ ගම්වලය. මේ නිවාස ඉදිකළේ ගොවිතැන් කිරීමට අවශ්‍ය ජල පහසුකම් ඇති ප්රදේශවලය. ඒ සෑම ජනාවාසයකටම ආගමික කටයුතු පැවැත්වීම සඳහා කුඩා ස්ථානයක් වෙනවී තිබුණි.බලසම්පන්න පූජකවරු කැටයම් කරන ලද දිව්‍ය රූප තිබූ විශාල දේවස්ථාන පාලනය කළහ. පූජකවරු තාරකා , සෘතු යනාදිය ගැන ඉගෙනගත් උගතුන් වූහ. ඉලක්කම් ක්‍රමයක් නියම කරගත් ඔවුහු දින දර්ශනයක් පවා සකස් කර ගත්හ. මෙම දින දර්ශනයට අනුව රජවරුන්ගේ උපත, විවාහ, රාජ්‍යත්වයට පත්වීම හා යුද්ධවලදී ලැබූ ජයග්‍රහණ ආදිය මෙහි සටහන් කොට තිබේ. මීට අමතරව මායාවරු තම සටහන් තබාගනු සඳහා අකුරු ක්‍රමයක් ද භාවිතා කළෝය. කලා ශිල්ප අතින්ද මායාවරු ඉතා දියුණු ජන කොටසක් වූහ.
මායාවරුන් අතර මූර්ති කලාවට වඩා ලී කැටයම් කලාව ප්‍රචලිතව තිබෙන්නට ඇතැයි සැලකේ.මායා ශිෂ්ටාචාරයේ නගර සියල්ල නටබුන් වී දැනට අවුරුදු සිය ගණනක් ගත වී ඇත. නමුත් ඒ කාලයේදී ඒවා විසිතුරු වර්ණවත්, ජනාකීර්ණ නගර විය. පණිවුඩකරුවෝ නගරයෙන් නගරයට ගොස් රූප සටහන් භාෂාවෙන් ලියන ලද පණිවුඩ ගෙන ගියහ. වෙළෙන්දෝ විකිණීම සඳහා රන් සහ මැණික් ආභරණ සහ රෙදිපිළි රැගෙන තැනින් තැනට ගියහ. බදු අය කරන්නෝ අගරජතුමාගේ දැන ගැනීම පිණිස වාර්තා තබමින් ඔබ මොබ ගියහ. නගරවල පුහුණු ශිල්පීන් වෙත ගෙන යාම සඳහා ආකරවල රන්රිදී මිනිසුන් කර උඩ තබා එහි රැගෙන ගියහ.මායාවරුන්ගේ ප්‍රධාන නගරයක් ලෙස සැලකෙන්නේ ටිකාල් නගරයයි. වර්තමානයේ ගෝතමාලාව පිහිටි ප්‍රදේශයේ මෙම ටිකාල් පිහිටා තිබුණා. මෙහි 60000 ක් පමණ ජනගහනයක් සිටි බවට වාර්තා වෙනවා.
මෙහි වෙසෙන ජනතාව පිරමීඩ වටා පිහිටි විශාල චතුරස්රයකට එක්රැස් වී ආගමික මෙහෙයයන් වලට සහභාගි වෙති. ආගමික ජීවිතයට බෙහෙවින් නැඹුරු වූ මායාවරු අලුත් අවුරුද්දේදී නගර දොරටුවල සිට පන්සල් වලට පෙරහරින් ගමන් කරති. එමෙන්ම දෙවිවරුන් උදෙසා සිය ජීවිතය වුවද බිලි දීමට තරම් ඔවුහු භක්තිමත් වූහ.9 වන සියවස අවසානය වන විට මායා ශිෂ්ටාචාරය සම්පූර්ණයෙන්ම අභාවයට ගියේය. ස්පාඤ්ඤ ආක්‍රමණ මීට ප්‍රධාන හේතුව විය. යුදකාමී පිරිසක් නොවූ මායාවරුන්ට රණශ®ර ස්පාඤ්ඤයන් හා සටන් වැදීමට අවි ආයුධ හෝ පිරිස් බලය නොතිබුණි. නියඟය ආදි හේතුව නිසා මේ වන විට බොහෝ මායාවරු සශී‍්‍රක පෙදෙස් කරා ගමන් කළෝය.
දැනුම අසුරින් http://en.wikipedia.org/wiki/Maya_civilization