Mazda 2 Review

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    DfUr6vC.jpg

    MAZDA 2 2016 :cool:

    ඔන්න සිංහලු මාත් මගේ කාර් එක ගැන Review එකක් ලියන්න හිතුවා. සැහෙන කාලයක් තිස්සෙ මන් මේක ගැන ලියන්න හිටියෙ එත් වේලාවක් සෙට් උනෙම නැ. මන් කාර් එක ගත්තෙ 2016 ජුනි මාසේ, දැන් අවුරුදු දෙකක් වෙන්නත් ලඟයි.

    මේක මන් ගන්න කාලේ ගවපාලන අන්ඩුවේ වැඩනිසා සැහෙන කට්ටක් කන්න උනා හිටං, ඒක දිග කතාවක්, කෙටියෙන්ම කිව්වොත්, ලක්ෂ 45ට ගන්න ගියේ Mazda 2 Sedan එකක්, රවියට පිංසිද්ද වෙන්න අන්තිමට ගන්න උනෙ ලක්ෂ 56ට Mazda 2 Hatchback එකක්, තව ටිකකින් එකත් නැති වෙනවා. :)

    හරි බයිලා නැතුව දැන් කාර් එක ගැන කතා කරමු නේද අපි? :D

    අපි Brandnew වාහනයක් Agentගෙන් ගද්දි අපිට බොහොම සිමිත options තියන වාහනයක් තමයි ගන්න වෙන්නෙ, එකියන්නෙ basic options තියන වාහනයක්.
    ඉතින් මෙ Mazda 2 එකත් මන් ගත්තේ Colonial Motors එකෙන් තමයි (Mazda Agent), හරිය? :D

    Mazda Company එක වාහන හදද්දි "European Market" එකට Full Spec වාහනයක් සහ "Asian Market" එකට basic එකක් තමයි හදන්නෙ, ඔන්න මම නෙමෙ මෙහෙම කියන්නෙ Agent තමයි මෙහෙම කිව්වෙ හාද?

    Basic options තියන කාර් එකක් උනත් පට්ට වැඩ කැලි ටිකක් නැතුවම නෙමෙ මෙකෙත්, ඉතින් අපි දැන් බලමු මොනාද මේකේ තියන වැඩ කිඩ ටික කියලා.​

    rzh4zdv.jpg

    මුලින්ම අපි Mazda 2 එකේ පිට පෙනුම (Exterior) ඒක ගැන ටිකක් බලමු නේද?

    Mazda company එක කියන විදිහට මෙකේ පිට පෙනුමට භාවිතා කරලා තියෙන්නෙ kodo design එකක් "Soul of motion", එකියන්නේ ලොක්යේ වේගයෙන්ම දුවන සතෙක් වන චීටා ගේ හැඩරුවට අනුව.

    A1wFaqa.jpg


    මෙන්න මේ පින්තුරේ තියන විදියට තමයි මේක design කරලා තියෙන්නේ.

    Q2Wxl4g.jpg



    දැන් එන අලුත් Mazda වහන ඔක්කොම වගේ නිශ්පාදනය වෙන්නෙ "Skyactiv Technology" එක යටතේ. මොකක්ද මේ Skyactiv Tech කියන්නේ?

    අපිට skyactiv Technology එක ප්‍රධාන කොටස් 4ට වෙන් කරන්න පුලුවන් : Engine,Transmission,Body,Chassis​

    M2 එකේ,​
    Engine: In line 4 cylinder 16 value DOHC SkyActiv petrol engine
    Engine Displacement : 1500cc

    Transmission: 6 Speed Tiptronic Transmission

    Max. Power: 112 bhp/ 6000 rpm
    Max. Torque: 148 Nm / 4000 rpm

    Suspension Front: McPherson Strut Coil springs with Stabilizer Bar.
    Rear: Torsion – beam axle

    Steering: Electric Power Assisted, Rack & Pinion​

    fE83nMY.jpg


    දැන් අපි මේකේ Safety Features ගැන ටිකක් බලමුද?


    - Tires 4ටම Disk Brakes අවිල්ලා තියනවා.

    xfRDn2p.jpg


    - ABS - Anti-lock brake system එකක් තියනවා

    - EBD - Electronic Brake-force Distribution කාර් එකේ බර අනුව brake වදින විදිය වෙනස් වෙනවා, එකියන්නේ පිටිපස්සේ 3ක් හිටියොත්, ඉබේම පිටිපස්සේ brake තදින්ම වදිනවා.

    - BA - Brake Assist System.

    - HLA - Hill Launch Assist. මෙකෙන් වෙන්නේ කාර් එක කන්දක් වගේ තැනක නවාත්තලා brake එක අතහැර accelerate එක දෙද්දි කාර් එක පොඩ්ඩක්වත් පල්ලමට යන්නෙ නැතුව ලොක් වෙන එක.
    ඇත්තටම කිව්වොත් මේක Automatic Transmission එකට වඩා Manual Transmission එකට තමයි ගොඩාක්ම ප්‍රයොජනවත් වෙන්නේ, එකියන්නෙ Clutch Balance කරන්න අමරු එක්කෙනෙක්ට.. තෙරුනෙයි?

    - DSC - Dynamic Stability Control.

    - ESS - Emergency Stop Signal. මෙකෙන් වෙන්නේ අපි වේගය 50න් එහා වගෙ යද්දි හදිස්සියේ Brake කරොත්, කර් එකෙ Double Signal (Hazzard) පත්තු වෙලා පිටි පස්සේන් එන කෙනාට සංඤාවක් ලබා දෙනවා.

    - Auto Power Window With Jam Safe Mechanisam. driver ගේ පැත්තේ විතරයි මේක තියෙන්නෙ. ඇත්තටම මෙකෙන් වෙන්නේ අපි විදුරුව වහද්දි මොකක් හරි අහු උනොත් හරි අතක් තියන් හිටියොත් හරි විදුරුව ඉබෙම පාහලට යනවා.

    - Multifunction Steering Wheel එකක් ඇවිල්ලා තියනවා. මෙකෙන් අපිට Calls answer කරන්න පුලුවන්, Voice commands දෙන්න වගේ තව තව ගොඩක් දෙවල් කරන්න පුලුවන්.

    - LED DRL - Day time running lights. Luxury කාර් එකක් වගේ මෙකෙන් පෙනුම තවත් වැඩි වෙනවා.


    H178hlr.jpg

    - LED Headlamps 2ක් අවිල්ලා තියනවා

    - Auto Leveling Headlamps. වාහනේ බර අනුව Headlights දෙකේ උස් පහත් මට්ටම හදා ගන්නවා.

    - Auto Headlamp On-OFF. Mazda 2 එකේ light සෙන්සර් එකක් අවිල්ලා තියනවා, එකෙන් වෙන්නේ කලුවර තැනකට ගිය ගමන් කාර් එකේ lights ඉබේම පත්තු වෙනවා.

    KjpNWcO.jpg


    - Rear View Parking Camera with Static Lines. ලංකවට ගෙන්වන Mazda එකෙ මෙන්න මේ Camera එක එන්නෙ නැ, අපි එක සල්ලි දිලා වෙනම දාගන්න ඔනි, එකට ඉතින් රු.65000ක් වගේ යනවා හිටං.

    - Rain Sensor. කෙටියෙන්ම කිව්වොත් windscreen එකට වතුර බිංදුවක් වැටුන ගමන් wipers 2ක ඉබේම වැඩ කරන්න පටන් ගන්නවා.

    - Dual SRS Airbags. මේකට airbags 2ක් තමයි එන්නේ හාද?

    - 3 Points Seat Belts for all Positions. පිටිපස්සෙ යන 3ම seatbelts 3ක් අවිල්ලා තියන්වා.
    T8wWUxt.jpg


    - LED High Mount Stop Lamp. එකක් එනවා.

    KNHaNJq.jpg


    - Power Folding Side View Mirrors.

    - Front Fog Lamps 2ක් අවිල්ලා තියනවා.



    Mazda 2 European Market එකට හාදන එකේ තව Safety Features ටිකක් වැඩියෙන් තියනවා, එවා ගැනත් මන් මෙතන පොඩ්ඩක් ලියාන්නම්කෝ.


    - A-BSM - Advance Blind Spot Monitoring. මේකෙන් වෙන්නේ අපිට පැත්තෙන් එන වාහනයක් හඳුනාගැනිමට උදව් වීමක්.
    උදහරනයක් විදියට ගත්තොත් bike කාරයෝ අපිට පෙන්නේ නැති වෙලාවල් තියනවනේ පැත්තෙන් එද්දි, අන්න ඒ වේලාවට side mirror එකේ light එකක් පත්තු වෙනවා.

    - RCTA - RearCross Traffic Alert. මේකත් උඩ එක විදියමයි, අපි පස්සට ගද්දි වාහනයක් එනවනම් Alert එකක් දෙනවා system එකෙන්, මෙතනදිත් Side Mirror එකෙ light එකක් පත්තු වේනවා.

    - SCBS - Smart City Brake Support. වාහනයේ වේගය 4-30ත් අතර යද්දි, සතෙක් වත් පැන්නොත් ඉබේම brake වදිනවා.


    U5zvzP8.jpg

    දැන් අපි මෙකේ Security පැත්ත ගැනත් පොඩ්ඩක් බලමු නේද?​

    ExJ0JHf.jpg

    - Auto Door Lock. ඩොරවල් Auto Lock කරගන්න පුලුවන් system එකක් එක්ක තමයි M2 එක එන්නේ, ඒක අපිට අවශ්‍ය විදියට හදාගන්න පුලුවන්, එකියන්නේ වේගය 20ට විතර යද්දි දොරවල් lock වෙන්න හදා ගන්න පුලුවන්, මේ විදියට options කීපයක්ම තියනවා.

    - Walk Away Lock Mode. මේකෙන් වෙන්නේ යතුර අරන් එලියට බැස්ස ගමන් බඩු lock වෙනවා.

    - Immobilizer. මේකේ යතුරේ ඩුප්ලිකේට් එකක් ලේසියෙන් ගහන්න බැරි වෙන්න Immobilizer chip එකක් සවි කර ඇත. :lol:

    - Burglar Alarm System. lock කරලා තියෙද්දි තදින් ඇදලා දොරවල් අරින්න හැදුවෝත් මේ ගෑණී කෑ ගහනවා කියාහන්කෝ.

    - Start Stop Button. ඔක්කෝම බයිලා ගැහුවා තාම මේක කියන්න බැරි උනා නේ, මොනා කරන්නත් මේකේ ඇන්ජිම පණගන්වන්නේ මෙන්න මෙ බොත්තමෙන් තමයි.

    abyQzdK.jpg


    දැන් අපි මේ කාර් එකේ තියන වෙනාත් විශේෂත්වයන් ගැන ටිකක් බලමු නේද?​

    - Telescopic Steering. අපිට කැමති මට්ටමකට Steering Wheel එක ඉස්සරහට පස්සට ගන්න පුලුවන්.

    kRfM8kB.jpg


    - 6 Way Adjustable Driver Seat.

    - Multi Information Display. මේකෙන් අපිට ගොඩක් වැදගත් විස්තර බලා ගන්න පුලුවන්. outside temprature, Avg speed, avg fuel consumption, current fuel consumption වගේ දෙවල් ටිකක් බලා ගන්න පුලුවන්.

    9PB5utu.jpg


    - Sport Mode Button එකකුත් ඇවිල්ලා තියනවා.


    1CwJsCN.jpg



    දැන් අපි MZD Connect එක ගැන පොඩ්ඩ්ක් බලමු.
    OL6GQ8a.jpg

    - 7 Inch Hi RES TFT Center Display Touch Screen එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ.

    - AM-FM Tuner, CD Player, MP£, WMA, USB, IPOD, Bluetooth අනන්මනන් ගැජමැටික්ස් ඔක්කොම තියන්වා.

    - 6 Speaker Audio System එකකුත් තියනවා, sound quality එක ඉතාමත් හොඳ මට්ටමක තියනවා කියන්න පුලුවන්, එත් මගේ කැසිල්ලට මම මේකට තව subwoofer එකකුත් දැම්මා දැන් ඉතින් sound quality පට්ටම පට්ටයි සිංහලු.

    hkbBVuq.jpg


    - Command Controller. අපේ ආරක්ෂාව ගැන Mazda company එක ගොඩක් හිතන නිසා අපිට වහානය එලවද්දි Screen එක ඔබන්න ඔනි නැ,
    කොහොමත් ඔබන්නත් බැ, Touch එක Disable වෙනවා speed එක 10 පන්නලා යද්දි. ඒවෙනුවට අපිට Command Controller එකක් දීලා තියනවා මෙන්න මේ වගේ, මේකෙන් ඔක්කොම Control කරන්න පුලුවන්.

    WNhLrHn.jpg


    - Bluetooth Audio Streaming. Phone එකක් Bluetooth හරහා සම්බන්ද කරලා සිංදු අහන්න, videos බලන්න calls ගන්න වගේ දෙවල් අපිට කරන්න පුලුවන්.

    - Voice Commands වලිනුත් වැඩ කරන්න පුලුවන්.

    - Mazda Navigation System. Navigation එක හදා ගන්න Company එකෙන් SD Card එකක් ගන්න වෙනවා අපිට, එකට වෙනම ලක්ෂයක් විතර යනවා.
    ඊටවඩා හොඳයි google maps පවිච්චි කරන එක, මම නම් Navigation එකත් දාල තියෙන්නෙ, අවුරුදු 3ක් යනකන් අපිට නොමිලේ Updates උත් දෙනවා.

    u4ysFyC.jpg


    අපි දැන් මේකෙ Comfort එක ගැන පොඩ්ඩක් බලමු නේද?​

    - Black-RED line Interior with High Quality Fabric.

    XvV9Lbd.jpg


    VVBLLC1.jpg


    2kWvOvQ.jpg


    - Manual Air Conditioning System එකක් තමයි එන්නේ මේකට.

    MfDMLbe.jpg


    - Leather Steering Wheel

    cIzup1n.jpg


    - 4 way Manual adjustable Front Passanger Seat.

    - Coming Home Lights.

    - 12 V Accessory Socket.

    dDM50wW.jpg


    - Luggage Light

    - Sunvisor with Vanity Mirrors

    - Spot-Type Front Room Lamps.

    sGIrHUL.jpg


    - 2 Rear COAT Hooks


    හරි ඔන්න ඔවා තමයි ඉතින් කියන්න තියන වැඩ කිඩ ටික මේ කාර් එකේ, දැන් ඉතින් ඔන්න කතාව අවසන් වෙන්නත් ලඟයි හරිය? ඊට ඉස්සල්ලා අපි මේකේ තේල් කෙරුවාව ගැනත් ටිකක් කතා කරමුකෝ.
    ශ්‍රී ලංකිකයෝ වෙන අපි වාහනයක් ගන්න යද්දි ඉස්සල්ලාම බලන එක දෙයක් තමයි කොච්චර තේල් කරනවද කියන එක. M2 එකේ මෙන්න මේ වගේ Fuel Consumption එකක් තමයි තියෙන්නේ.

    Highway - 20-21 KMPL (Speed 60-80)

    City - 15-16 KMPL

    Heavy Traffic - 10-12 KMPL


    මේකට Armrest එකක් එන්නෙ නැ, එක මන් Ebay එකෙන් ඕර්ඩර් කරලා Genuine Mazda Armrest එකක් ගෙන්න ගත්තා, Agentටම දීලා එක හදාගත්තා.

    BfgBrj0.jpg


    තව Genuine Mazda Carpet සෙට් එකකුත් ගෙන්න ගත්තා. ඔක්කෝටම රු 40.000ක් වගේ ගියා.

    UKJCEjw.jpg


    Nh4fLZJ.jpg


    Mazda 2 කියන්නෙ B සෙග්මන්ට් එකේ තියන හොඳම කාර් එකක් කියලා කියන්න පුලුවන්, 2014-2015 Japan Car of the Year වෙලා තිබ්බා.
    ‍Youtube එකේ මේක ගැන Reviews ඕන තරම් තියනවා, වෙනත් කාර් එක්ක Compare කරලත් තියන්වා, ඒ හැම එකකින්ම ඉදිරියෙන්ම ඉන්නෙ Mazda 2එක තමයි.
    ඉස්සර Mazda වාහන වගේ නෙමේ දැන් මේ Skyactiv තාක්ෂණය යටතේ එන Mazda වාහන, ඒවා පට්ට පෙනුමක් සහ Performance අතිනුත් සෑහෙන්න ඉස්සරහින් ඉන්නව කියල කියන්න පුලුවන්,
    Reliability එක පත්තෙනුත් Mazda ඉස්සල්ලට වඩා හොඳ තැනක ඉන්නව කියන්න පුලුවන්.
    දැනට එච්චර කියන්න වරදක් නම් නෑ ඉතින් මේ කාර් එක ගැන, මන් පවිච්චි කරන්න අරන් අවුරුදු 2ට ලඟයි, මේ වෙද්දි 30000ක්ම් ලන් වෙන්න දුවල තියන්වා, රට වටේම ගිහිල්ල තියනවා, Maintainance ඔක්කොම කරන්නෙ Agent හරහා තමයි, වෙන තැන් වලට දාන්නෙ නැ සර්විස් කරන්නවත්.
    දැනට කියන්න තියෙන්නෙ මෙච්චරයි, තව මොන හරි තිබ්බොත් ත්‍රේඩ් එක ඉස්සරහටත් Update කරන්නම්කො, එහෙනම් අපි ගියා ඈ TATA, Ciao!
    :D :love::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    රිවීව් එක නම් පට්ට පොටෝ ගොඩක් තියෙන හින්ද :D :D

    හැබැයි ඕනර්ශිප් එක ගැන මොකුත් නැති එක අඩුපාඩුවක් ඈ. මේකේ තියෙන ගොඩක් විස්තර ගූගල් එකෙනුත් බලාගන්ඩ ඇහැකි නේ. පාවිච්චි කරන කෙනාගෙ අදහස් ඕන Driving pleasure, looks, comfort, ඇතුළේ ඉඩ, ඩිකිය, ස්පෙයා වීල් අහරෙමෙහෙ, handling , සර්විස් වලට ගිය මිල ගණන්, සර්විස් එක්ස්පීරියන්ස්, දාපු ඔයිල්, පාට්ස් එහෙම ගැන... ඔය දාපු පාට්ස් වලට ගිය මිල ගණන් එහෙමත් දැම්මනං එල කාපට්, ආම්රෙස්ට් අරවට මේවට :yes:

    මෙන්න මේකේ වගේ :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1680741
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    රිවීව් එක නම් පට්ට පොටෝ ගොඩක් තියෙන හින්ද :D :D

    හැබැයි ඕනර්ශිප් එක ගැන මොකුත් නැති එක අඩුපාඩුවක් ඈ. මේකේ තියෙන ගොඩක් විස්තර ගූගල් එකෙනුත් බලාගන්ඩ ඇහැකි නේ. පාවිච්චි කරන කෙනාගෙ අදහස් ඕන Driving pleasure, looks, comfort, ඇතුළේ ඉඩ, ඩිකිය, ස්පෙයා වීල් අහරෙමෙහෙ, handling , සර්විස් වලට ගිය මිල ගණන්, සර්විස් එක්ස්පීරියන්ස්, දාපු ඔයිල්, පාට්ස් එහෙම ගැන... ඔය දාපු පාට්ස් වලට ගිය මිල ගණන් එහෙමත් දැම්මනං එල කාපට්, ආම්රෙස්ට් අරවට මේවට :yes:

    මෙන්න මේකේ වගේ :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1680741

    ow review eka personal ideas dapan. oka ganna hethuwa
    dan gannawanam ganan, adu padu

    http://www.elakiri.com/forum/showthread.php?t=1766457
     
    Last edited: