ඔවු. මේකට තියන්නේ එක විසදුමයි. ප්රයිවට් කෑම්පස් ඈතිකරනවා.. රජයේ කෑම්පස් වල නොමිලේ ඉගෙන ගන්න අය අනිවා අවුරුද්ය් 10 රටේ රෑදෙන්න ඕනේ. ප්රයිවට් සල්ලි දීලා ඉගෙන ගන්න අයට ඕන තෑනකට යන්න පුලුවන් හෑබෑයි රජයේ සේවයට එක් වෙනවා නම් වයිද්ය සභාවෙන් දෙන නිර්ණායක වලට එකග වෙලා ඒ විභාග කරලා තමා එන්න ඕනේ.. ප්රයිවට් ඉස්පිරිතාල වල වෑඩක් කරන්න කිසිම තහනමක් නෑති කරන්න ඕනේ
ඕවා කරන්න තමයි අමාරු. අපි කොච්චර කිව්වත් පට්ටම ඇටිටියුඩ් අප්සෙට් සෙට් එකක් ඉන්නවා ලංකාවේ ඕවා කරන්න ගියාම මැද්දට පැනලා ඒවා කඩාකප්පල් කරන. කොටින්ම කිව්වොත් මම මේ දැන් ඇවිත් ඉන්න රටේ මගේ ජොබ් එක කරන්නම ආණ්ඩුවෙ කැම්පස් එකෙන් ආපු එකෙක් හිටියා. මගෙන් පඩිය අහලා ( පඩිය නෙවෙයි වීසා එක ඇහුවේ. පඩිය අනුව වීසා එකේ කැටගරිය වෙනස් ) ඌට වඩා පඩිය වැඩියි කියලා දැනගත්ත හැටියේ කටින් පැන්නේ "අපි ආණ්ඩුවෙ කැම්පස් ඉගෙනගෙනත් අපිට නෙවෙයි නේ මුන්ට නේ පඩි තියෙන්නේ කියලා". උන් හිතන් ඉන්නෙ නාසා එකේ වැඩට යන්නැත්තේ බැරිකමකට නෙවෙයි දුර වැඩි නිසා කියලා.
අනිවා ඔය වගේ වෙනසක් කරන්න ආවොත් ඕකුන් ටික මැද්දට පැනලා ඒක කඩනවා. කොටින්ම කිව්වොත් ජොබ් එකක් ගන්න ගියත් සමහර කැම්පස් වල උන් නම් ඉන්නේ ටීම් ලීඩ් ලා, උන් ඉන්ටවීව් එකේදිම ප්රයිවෙට් යුනි නම් ප්රයිවෙට් එකාට කඩනවා. මම ලංකාවෙදි වැඩ කරපු තැනක එකපාරක් dev ops කරපු ප්රයිවෙට් ඉගෙනගත්තු උන් දෙන්නෙක් හිටියා. ඒ වෙනකොටත් උන් දෙන්නා සිස්ටම් 4ක විතර වැඩ. උන් එහෙම ඉද්දි මොරටුව යුනි එකේ ඉගෙනගත්තු ලීඩ් කාරයෙක් අළුතින් ඇවිත්, මොරටුවෙ උන් ටිකක් හයර් කලා වැඩි පඩියට. පරන ඩබලා කටු කාගෙන වැඩකරද්දිත් අරුන් ටිකට ලොකුවට වැඩ නෑ. පස්සේ ප්රයිවෙට් ඩබල ටිකක් කල් ගිහින් performance review එකේදි පඩි වැඩි කරන්න කිව්වම බෑ කියලා තිබ්බා. පස්සෙ එහෙනම් අළුතින් ගත්තු උන්ට වැඩි කළේ මොකද කියලා ඇහුවම ලොක්කා කියල තිබ්බේ ඒ අය මොරටුවෙ කියලා. පස්සෙ ඕකට හෙන ගේමක් ගියා. කොහොම හරි මේ වගේ හිතන ගන්කබරු ඇතිවෙන්න ලංකාවේ ඉන්නවා. උපාදියක් ගැහුවම උපාධි නැති උන් ඔක්කොම මෝඩයෝ, උන්ට උපාධිකාරයොන්ට වඩා අඩුවෙන් තමයි හැමදේම ලැබෙන්න ඕන කියලා හිතන කුහකයොත් එක්ක ඕවා කරන එක ලේසි නෑ.
මෙහෙම නැති හොඳ උනුත් ඉන්නවා. උන් ඉතින් උන්ගෙ පාඩුවෙ වැඩ.