McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

27ROX

Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald's අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ. මීට හේතුවී ඇත්තේ නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි.
    දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවෙන් සිය සන්නාමය යටතේ ආහාර ලබාදීම නවතා දමන ලෙසට ඔවුන් උසාවි නියෝගයක් ලබාගෙන තිබේ.
    ශ්‍රී ලංකාවේ අබාන්ස් පුද්ගලික සමාගම මගින් ඇමරිකානු McDonald's අවන්හල් ජාලය මෙරටදී පවත්වාගෙන ගිය අතර උසාවි නියෝගය සමග එහි ශාඛා ජාලයට අයත් වෙළෙඳසල් 12 ම වසා දමා ඇත.
    ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ශාඛාවක සන්නාම ගළවන අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ජාලයට අයත් හොට් ලයින් අංකය දැන් ක්‍රීයා කරන්නේ නැති අතර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුද අවලංගු කරගෙන ඇත.
    ගූගල්හි මැප්හි සෙවුම් කරද්දී ‘තාවකාලිකව වසා දමා ඇත‘ යන පණිවිඩය දිස්වේ.

    ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සුප‍්‍රකට පිසූ ආහාර නිෂ්පාදන අලෙවි කිරීමේ McDonald's සමාගම ශ්‍රී ලංකාවේ කටයුතු ආරම්භ කළේ මීට වසර විස්සකට පමණ එපිට සිටය.
    කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවත්වාගෙන යන අවන්හල් 12ක් පවත්වාගෙන යෑම ලබන 4 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
    තමන්ගේ කීර්තිමත් වෙළෙඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප‍්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එකී ගිවිසුම් අවලංගු කර ඇති බව පෙන්වා දෙමින් මවු සමාගම කළ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

    එකී අඩුපාඩුකම් අවම කර ප‍්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය.

    නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.
    McDonald's අවන්හල් ලොව පුරා රටවල් 120 ක පිහිටුවා ඇති අතර සෑම දිනකම පාරිභෝගිකයින් මිලියන 68 කට සේවය කරන බව සඳහන්ය.
    මවු සමාගම ඉදිරියේදී වෙනත් ශ්‍රී ලංකා නියෝජිත සමාගමක් සමග එක්ව නැවත ජාලය ආරම්භ කරනු ඇ.ති අතර ඒ සඳහා කොපමණ කල් ගතවේද යන්න පැහැදිලි නැත.

    -gossiplankanews-
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,224
    12,019
    113
    ඒසි එක ටික ටික අඩු වුනා
    අයිස්කිම් එකත් ටික ටික වැඩි වුනා
    හැබැයි ඕකේ බර්ගර් එක පට්ට රසයි.
    ලංකාවේ කම්පැනි එක බැලුවේ ලාබ ගන්න මිසක්
    කස්ටමර් කෙයා නෙමේ

    සෝස් ටික චුට්ට චුට්ට අඩු වුනා
    ඉස්සර පට්ට විදියට සොස් දෙනවා
    දැන් උන් පැකට් එකක් දුන්නා

    සෙනග වැඩි දවස්වල
    ගෙදරින් ෆෑන් එකක් ගෙනල්ලා
    ප්ලග් එකේ ගහලා
    තමයි කෑම කන්න ඔන
    ඒ තරම් රස්නෙයි

    අඩු පාඩු නම් එමටයි
    ඒත් ක්ලොටි එක මේන්ටේන්
    කරනාම් , බර්ගර්
    එකක් කන්න
    හෙලයන්ට තාමත් පුලුවන්
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුද්දගෙ ජරාව රහ කර කර ගිලපු ලංකාවේ කලවම් මෝඩ හැත්තට දැන් ෆුකේ කැන්සර් අැවිත් අැති..තව ගිලපල්ලා සුද්දගේ ජරාවල්..අපි ඕවා කිව්වේ ඒ කාලේ..🤣

    ඔය කථාව 100%ක් වැරදියි..ඕනම රටක තමන්ටම අාවේණික අාහාර රටාවක් තියෙන්නේ ඒ ඒ රටවල මිනිස්සුන්ගේ ජාන වල හැටියට.උඹ සුද්දගෙ කෑම කෑවා කියල උඹ සුද්දෙක් වෙන්නේ නෑනේ ඒ වගේ තමා අනිත්වත් .මෙතන ප්‍රශ්ණේ කෑම නෙමෙයි තමන් ජීවත් වෙන ක්‍රමය.ඉස්සර කාලේ ලංකාවේ මිනිස්සු ඉන්න ෆොටෝ ඵකක් බලපන්.බඩ පොඩ්ඩක්වත් නෑ හොඳ ෆිට් නියම සිංහල පොරවල් හිටියේ..උඹ කියන විදිහට උන් කාල තියෙන්නෙත් සැලඩ්,චිකන් බ්‍රෙස්ට් වෙන්න ඕන..උනුත් බත්,කරි තමා කෑවේ ඒ වුනාට උන් අැඟ මහන්සි කරල වැඩ කරා..පයින් අැවිද්ද.උගුඩුවො වගේ බොන්න ගියේ නෑ.ප්‍රෙට්‍රල් පෝලිම් ඵන්න කලින් පාන් ගෙඩිය ගන්නත් කාර් ඵකේ කඩේට ගිය උන් හිටියේ ලංකාවේ..ඉතිං උන්ගේ බඩවල් බහියිද..ලෙඩ අඩු වෙයිද..පොල් කිරි කියන්නේ කෑමවල විස නසන දෙයක්..උඹ ලංකාවේ කෑම කන්නේ නැතුව සුද්දගෙ කෑම කාල බලපං අවුරුද්දක් උඹ ලෙඩෙක් වෙන්නේ නැද්ද බලන්න..සුද්දො කන කෑම කාල තමා දැන් ලංකාවේ උන්ගෙ ලෙඩ වැඩි..ඉස්සර කාලේ මෙහෙම කැන්සර් ලෙඩ්ඩු හිටියද..දැන් කාලේ උන් KFC,McDonald's,PIZZA කකා ලංකාවේ කෑම වල වැරදි හොයනවා..මහ මෝඩ හරක්.බලපං ඉස්සර නියම සිංහල මිනිස්සු නාකි වුනත් අැඟේ තියෙන ෆිට් ඵක..බඩ ලෑල්ල වගේ..උඹ කියන විදිහට මූත් කාල තියෙන්නේ සුද්දගෙ කෑම..:lol:

    ezoiJem.jpeg

    Post in thread

    https://elakiri.com/threads/යකෝ-මේකි-❤️-ඕනකම-තියෙනවනම්-මොනාද-කරන්න-බැරි-😍.2063642/post-28000310
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald's අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ. මීට හේතුවී ඇත්තේ නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි.
    දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවෙන් සිය සන්නාමය යටතේ ආහාර ලබාදීම නවතා දමන ලෙසට ඔවුන් උසාවි නියෝගයක් ලබාගෙන තිබේ.
    ශ්‍රී ලංකාවේ අබාන්ස් පුද්ගලික සමාගම මගින් ඇමරිකානු McDonald's අවන්හල් ජාලය මෙරටදී පවත්වාගෙන ගිය අතර උසාවි නියෝගය සමග එහි ශාඛා ජාලයට අයත් වෙළෙඳසල් 12 ම වසා දමා ඇත.
    ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ශාඛාවක සන්නාම ගළවන අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ජාලයට අයත් හොට් ලයින් අංකය දැන් ක්‍රීයා කරන්නේ නැති අතර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුද අවලංගු කරගෙන ඇත.
    ගූගල්හි මැප්හි සෙවුම් කරද්දී ‘තාවකාලිකව වසා දමා ඇත‘ යන පණිවිඩය දිස්වේ.

    ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සුප‍්‍රකට පිසූ ආහාර නිෂ්පාදන අලෙවි කිරීමේ McDonald's සමාගම ශ්‍රී ලංකාවේ කටයුතු ආරම්භ කළේ මීට වසර විස්සකට පමණ එපිට සිටය.
    කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවත්වාගෙන යන අවන්හල් 12ක් පවත්වාගෙන යෑම ලබන 4 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
    තමන්ගේ කීර්තිමත් වෙළෙඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප‍්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එකී ගිවිසුම් අවලංගු කර ඇති බව පෙන්වා දෙමින් මවු සමාගම කළ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

    එකී අඩුපාඩුකම් අවම කර ප‍්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය.

    නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.
    McDonald's අවන්හල් ලොව පුරා රටවල් 120 ක පිහිටුවා ඇති අතර සෑම දිනකම පාරිභෝගිකයින් මිලියන 68 කට සේවය කරන බව සඳහන්ය.
    මවු සමාගම ඉදිරියේදී වෙනත් ශ්‍රී ලංකා නියෝජිත සමාගමක් සමග එක්ව නැවත ජාලය ආරම්භ කරනු ඇ.ති අතර ඒ සඳහා කොපමණ කල් ගතවේද යන්න පැහැදිලි නැත.

    -gossiplankanews-
    බොහෝ දුරට ආයෙ එන එකක් නෑ

    ඊලගට KFC
    ------ Post added on Mar 24, 2024 at 8:22 AM
     
    • Haha
    • Like
    Reactions: NRTG and EVC

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙක කෑම සම්බන්ධ දෙයක් නෙවේ.

    DHL එකෙත් ඔය වගෙම සින් එකක් උනා. මට එන්න තිබ්බ දවසට බඩු ටික ආවේ නෑ. උන් කස්ටම් ක්ලියරන්ස් කරන්න කිසි ඔනකමක් නෑ ලන්කාවේ. ට්‍රකින් එක්ක dhl usa එකට කම්ප්ලෙන් දැම්මාට පස්සෙ සම්පුර්ණ Shipping fee එකම refund ආවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි.

    ලංකාවෙ උපාධි කඩත් එච්චර තමයි
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මෙක කෑම සම්බන්ධ දෙයක් නෙවේ.

    DHL එකෙත් ඔය වගෙම සින් එකක් උනා. මට එන්න තිබ්බ දවසට බඩු ටික ආවේ නෑ. උන් කස්ටම් ක්ලියරන්ස් කරන්න කිසි ඔනකමක් නෑ ලන්කාවේ. ට්‍රකින් එක්ක dhl usa එකට කම්ප්ලෙන් දැම්මාට පස්සෙ සම්පුර්ණ Shipping fee එකම refund ආවා.
    මෙතන කෑම එවා විතරයි. වෙන එවා දාන්න ඔට්ටු නෑ