MD5 Hash Checking tool for SL Secure Team Releases

Aug 25, 2011
5
11
0
md5img2.png


MD5 (Message-Digest Algorithm 5)
MD5 (Message-Digest Algorithm 5) යනු යම්කිසි ගොනුවක්(File) හෝ String(Text Value) භාවිතා කරමින් ගණනය කරනු ලබන Hash අගයක් වේ. 128bit(16byte) අගයක් වන මෙම අගය වෙනයම් File එකක් හෝ String එකක MD5 Hash අගය සමග කිසිඳු විටක සමානකමක් නොදක්වයි . මෙලෙස ගණනය කරනු ලැබු MD5 Hash අගය Fingerprint නැතහොත් යම්කිසි ගොනුවක(ඇගිලි සලකුන / හදුනා ගැනිමෙ සලකුන) ලෙස භාවිතා කරනු ලබයි . MD5 Hash අගයන් ප්‍රධාන වශයෙන් දෙආකාරයකට යොදාගනියි. එනම් යම් වෙබ් අඩවියක්(Web Site) තුළ Register වීමෙදී ඔබගේ Passwords එම වෙබ් අඩවියේ Database එක තුළට ඇතුලත් කරනුයේ MD5 බාවිතයෙන් Hash අගයකට Encrypt කිරිමෙන්ය. ඒ මගින් තමන්ගේ Passwords තවත් කෙනෙකුට ලබාගැනිමට නොහැකිවේ. කිසියම් ක්‍රමයකින් එම MD5 අගය ලබාගත්තද එය Decrypt කර අදාල Password එක ලබාගැනිම සුලුපටු කාර්යක් නොවන අතර, එය සිදුකිරිමට හැකි ඉඩකඩ බෙහෙවින් අඩුය.

MD5 CheckSum(128-bit value) - Files සදහා MD5 අගයන් භාවිතය.

මෘදුකාංග භාගත කරගැනිමට (Softwares Download) ඉඩසලසා ඇති බොහෝ Web Sites එම Software එකට අදාල MD5 Hash අගය එහි සඳහන් කරති. එහි සඳහන්ව ඇති MD5 අගය හා ඔබ ලබාගත් Software එකෙහි MD5 Hash අගය, සංසන්දනය කිරීමේ දී එම අගයන් දෙක සමාන නොවෙනම් එම මෘදුකාංගය භාවිතය අවධානම් සහිතය. Worms වැනි Virus මගින් "exe" Patch කිරිමෙන් අප පරිගණකයේ ඇති සියලුම Applications (".exe") තුළට එම වයිරසය ඇතුලත් කරනු ලබයි. නැතහොත් යම්කිසි අයෙකු විසින් එම Software එක Download කරගත් පසුව ඔබගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි Spyware වැනි හානිකර වැඩසටහන් ඇතුලත් කරයි. මෙවන් අවස්ථාවලදී එම Software එකේ MD5 Hash අගයන් වෙනස් වේ. ඔබ ලබාගන්නා Software එකෙහි MD5 අගයන් සමාන වන්නෙ නැත්නම් එය භාවිතා කිරිමෙන් වැලකි සිටීම ඔබගේ ආරක්ෂාවට සුදුසුය .ඔබ භාවිතා කරන මෘදුකාංගයක හෝ ඔබ විසින් Download කරගත් Cracks/Patches/Loaders යනාදියෙහි MD5 Hash අගය භාවිතා කොට එහි සුරක්ශිත භාවය සොයාගත හැක. එනම් යම්කිසි පුද්ගලයෙකු විසින් එම වැඩසටහන තුළ ආරක්ෂාවට හානිදායක දේවල් ඇතුලත් කර ඇත්ද යන්න එහි MD5 Hash අගය භාවිතයෙන් පියවර කිපයක් තුලින් සොයාගත හැක. මෘදුකාංගයක ඉතා කුඩා (Bit) අගයක වෙනස්විමක් සිදුවුවද එහි MD5 Hash අගය සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. මෙම ක්‍රමය බොහොවිට භාවිතා කරනුයේ ආරක්ෂාවට සම්බන්ධ මෘදුකාංග, ප්‍රති වයිරස (Anti-virus) මෘදුකාංග විසින්ය. ඔවුන් MD5 Hash අගයන්ට අමතරව CRC32 හා වෙනත් අගයන්ද භාවිතා කරති. MD5 හා තවත් Cryptographic Hash Function ඇති අතර ප්‍රධාන වශයෙන්ම භාවිතා වනුයේ MD5 , SHA-1 , SHA-2 Functions වේ. ඇමරිකානු ජාතිකයෙක් වන Ronald Linn විසින් 1991 වසරේ MD5 Function අගයන් නිපදවු අතර එය ඔහුගේ MD4 අගයන් නිර්මානයට ප්‍රතිස්තාපනය ලෙස නිකුත් කෙරුනි. ඔහු විසින් MD2,MD4,MD5,MD6 Hash Functions නිපදවා ඇති අතර MD6 හි ඇති සුලු දෝශයන් කිපයක් හෙතුකොටගෙන එය භාවිතයෙන් ඉවත් වි ඇත.


Eg:
MD5 File Hash Value : 714FFF941284433EB2C2D824BECC13CF
String to MD5 Hash : Elakiri.com = C6798957AC425924B6E87F9F39D75A2F

පියවර කිපයක් තුලින් MD5 Hash අගයන් ලබාගැනිම

main2.jpg


1.png
,
2.png
SL-SecureTeam-InternetDownloadManager.zip මෘදුකාංගය ඇතුලත් කිරිමෙන් අනතුරුව
3.png
කොටස තුලින් ඔබ ඇතුලත් කරනු ලැබූ මෘදුකාංගයේ MD5 Hash අගය ගනණය කර ලබාදෙයි .
4.png
කොටසෙහි ඇතුලත් MD5 Hash අගය වෙබ් අඩවියෙන් ලබාදෙන MD5 අගයයි . යම්කිසි අයෙකු විසින් එම මෘදුකාංගයට ආරක්ෂාවට හානිදායක දේ ඇතුලත් කර වෙනත් අයෙකුට ලබාදිමෙදි හෝ Worms වැනි වයිරසයක් මගින් හානිදායක දේ ඇතුලත් විමෙන් එහි MD5 Hash අගයන් වෙනස් වෙයි. එමනිසා වෙබ් අඩවියෙන් ලබාදුන් MD5 Hash අගයන් සමග Download කරගත් මෘදුකාංගයේ MD5 Hash අගයන් සංසන්දනය කිරිමෙන් එහි සුරක්ශිත භාවය සොයාගත හැක.
5.png
Paste තුලින් වෙබ් අඩවියෙන් ලබාගත් MD5 Hash අගය ඇතුලත් කරගත හැක.
6.png
කොටස තුලින් MD5 අගයන් සමාන වන හෝ නොවන බව පෙන්නුම් කරයි . මෙම අවස්ථාව MD5 අගයන් සමාන වන අවස්ථාවකි.

MD5 Hash අගයන් Virus Total Web අඩවිය සමඟ භාවිතය
ඉහත
3.png
වන කොටසින් MD5 අගයන් ලබාගන්න . එම Software එක මිට පෙර Virus Total අඩවිය හරහා එය Scan කිරිමක් කර තිබිය යුතුවෙ. එවිට MD5 අගය භාවිතයෙන් සෙවිමක් කරගත හැක. නැතහොත් ඔබට එය Virus Total අඩවිය වෙත Upload කිරිමට සිදුවෙ.

Code:
http://www.virustotal.com/search.html
8.png
ඉහත ලබාගත් MD5 Hash අගයන් Copy & Past කර Search කිරිමෙන් පසුව
9.png
කොටසින් එහි Virus Scan Report ලබාගත හැක



Download SL-Secure Team MD5 Check 2.2
download2bs.png
validsmall.png
cleank.png

MD5 Hash :
Code:
MD5:7CAAA40A9EBB96F7EE4BF64BD52A42EE
Download Links :
Code:
[SIZE=2][COLOR=DarkSlateGray] http://www.mediafire.com/?ofg6otnmgylrar3[/COLOR][/SIZE][SIZE=2][COLOR=DarkSlateGray]
[/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkSlateGray] http://www.fileserve.com/file/tAEddzB[/COLOR][/SIZE][SIZE=2][COLOR=DarkSlateGray]
[/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkSlateGray] http://www.filesonic.com/file/1732312764[/COLOR][/SIZE][SIZE=2][COLOR=DarkSlateGray]
[/COLOR][/SIZE]
Virus Total Report : 0/42
Code:
http://www.virustotal.com/file-scan/report.html?id=411262b52dca02c6eaa8ee9f4ea9c1b272f8ed66d8ff5498016d69710ed9c55e-1311104241