Me feeling disappointed with Lasith Malinga and EK Members

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    "මිනිස්සු මට බනින්නේ ඇත්ත කතාව නොදැන. ඇත්ත කතාව මම තරම් කවුරුත් මට ආදරේ නෑ. මට දෙයක් වෙනකොට ඔය කවුරුත් නෑ. - ලසිත් මාලිංග"

    මාලිංග මේ කතාව කිව්වේ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ මාධ්‍ය සාකච්ඡාව අවසානයේ මාත් Hasitha Akalanka ත් සමග පෞද්ගලිකව කතා බහට එක් වෙමිනි. ( මට මතක ලෙස ඒ 2010 විය යුතුය.) ඒ වනවිට ක්‍රියාත්මක එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙරාතුව සමුගැනීම සටහන් කරන මාලිංග ඒ ක්‍රියාමාර්ගය ගන්නේ අයි.පී.එල් තරගාවලියට සහභාගී වීමට බව ඇතැමුන් චෝදනා කර තිබිණ. මාලිංග ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ එවැනි පසුබිමකදීය.

    2008 වසරේ දී පාදයේ ආබාධයකට මුහුණ දුන් මාලිංග මට මතක ආකාරයට සිය නිවසේ තරප්පු පෙලින් බැස ගැනීමට නොහැකි තරමේ අර්බුදයකට පත්ව සිටියේය.

    ක්‍රිකට් අතුරු පාලනයේ සිටි අර්ජුන රණතුංගට තමාගේ කොණ්ඩ විලාසිතාව වෙනස් කිරීමට වූ උනන්දුව එම මොහොතේ තමන්ගේ පාදය සුව කිරීමට නොතිබූ බවට මාලිංග චෝදනා කලේය. තමන්ගේ ජීවන වෘත්තිය වන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පාදය ආබාධයකට ලක්ව ඇති මොහොතක තමා ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් පවා ඉවත් කෙරුණු බව ඔහු සිහිපත් කළේ කලකිරීමෙනි. අන් කවරදාටත් වඩා තමා මානසිකව ඇද වැටුණ බවත්, අනාගත ජීවිතයේ තමන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් තමා බලාගැනීමට කිසිවෙකුත් නොමැති බව තමන්ට එහිදී පැහැදිලි වූ බවත් මාලිංග කියා සිටියේය.

    රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අද මාලිංගට බල කරන ඇතැම් මහත්වරුන් මාලිංගට සැලකූ ආකාරය සම්බන්ධයෙන් ඔහු තුල වූ කලකිරීම, මාලිංග සම්බන්ධයෙන් මා තුල තිබූ විරෝධාකල්පය තරමත් දුරට සමහන් කිරීමට හේතු වූ බව කිව යුතුය. මේ මොහොතේ ද සිහිපත් කළ යුතුව ඇත්තේ අද මාලිංගට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බල කරන මහත්වරුන් එදා රට වෙනුවෙන් ක්‍රීඩා කල මාලිංග නිවසේ තරප්පු පෙල බැස ගැනීමට නොහැකි තරමට අපහසුතාවට ලක් වූ මොහොතේ අහක බලා ගත් බවය. කොන්ත්‍රාත්තුවෙන් පවා ඉවත් කල බවය.

    “මචං කියපං. අපිට කියන්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා. සාමාන්‍ය මිනිහෙක් වෙඩින් එකකට ගිහිල්ලා රුපියල් 2000 ක් ලියුම් කවරයක දාලා දීලා ආපුවාම හරි. සාමාන්‍ය කඩේකට ගිහිල්ලා ඇදුමක් ගන්න ඒ මිනිහට පුළුවන්. ඒත් මම වෙඩින් එකකට ගිහිල්ලා රුපියල් 2000 ක් දීලා ආවොත් මිනිස්සු මට කියං අපෝ මුට සල්ලි තිබිලත් කුණුකම කියලා. වියදම් අධිකයි කියලා මට හෙට මරුටියක යන්න බෑ බං. පොඩි කඩේකින් අදින ඇදුම ගන්නත් බෑ. ඒ තත්ත්වය පවත්වාගෙන යන්න සල්ලි ඕනේ. අනික මෙච්චර කල් ලස්සනට ජීවත් වුණා වගේ ඉස්සරහටත් එහෙම ජීවත් වෙන්න මම ආසයි. කකුල කොරවෙලා හිටපු වෙලාවේ මා ගැන විශ්වාසය තිබ්බේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම. ජාතික කණ්ඩායමට මම ආයේ ආවේ අයි.පී.එල් ගහලා මට තාම පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නලා. ඒකට මට වේදිකාව හදලා දුන්නේ අයි.පී.එල් එක. ඉතිං මේ මිනිස්සු හිතන් ඉන්නවා අයි.පී.එල් එක ගැන මගේ උනන්දුව මේ සල්ලි නිසා විතරයි කියලා. නෑ එහෙම නෑ. මට කවුරුත් නැති වෙලාවේ, ඔවුන් මාව විශ්වාස කරලා ක්‍රීඩක කොන්ත්‍රාත්තුව දුන්නේ නැත්තං මට මොකද වෙන්නේ? මේවා මුකුත්ම ගැන දන්නේ නැති මිනිස්සු උඩ දාගෙන මට ගහනවා. ”
    එබැවින් මහත්වරුනි, කරුණු නොදැන නිකරුනේ මිනිසුන්ට එලව එලවා පහරදීමෙන් වලකින්න. මේ රටේ කරුමයක් තිබේ. එනම් තමන් ඇදේට යන ගමන් අනික් උන්ට නිවැරදි වන්නැයි බල කරන මිනිසුන්ගෙන් මේ රට පිරී තිබීමයි. අපේ මිනිසුන්ට කිසිම කරුණක් සොයා නොබලා කෙනෙකු තලා පෙලීමට, හෙලා දැක කතා කිරීමට ඇති හැකියාව වෙනත් කිසිම රටක මිනිසෙකුට තිබෙන්නට නොහැකිය. අපි ඒ අතින් කප් ගසා ඇති බව පසුගියදා කෙල්ලක් විසින් බුකියේ කල නාඩගම යලි යලිත් ලෝකයට ඔප්පු කර පෙන්වූයේය. කිසියම් පුද්ගලයෙකු තමන්ගේ අතිශය පෞද්ගලික කරුණක් අරඹයා ගන්නා තීන්දු විනිශ්චය කිරීමේ පාහර අයිතිය තමන්ට නොමැති බව මේ විවේචකයින් මතක තබා ගත යුතුය.

    මාලිංග රට වෙනුවෙන් තමන්ගේ වගකීම නොකරන්නේ යැයි උපහාසාත්මකව පෝස්ට් පල කර තිබූ මගේ හිතවත් මහත්මයෙකුගේ මව වෙසෙන්නේ මහළු නිවාසයකය. ඒ මහතා රටට සැලකීමට අනෙකෙකුට කියා දීමට පෙර මවට සලකන්නේ නම් යහපති. තවත් අයෙකු රටට සේවය කිරීම පසෙකලා විදෙස්ගතවී ඉහල රැකියාවක නිරත වෙමින් සිටින්නේය. තවත් අයෙකු පාසල් ගුරුවරයෙකු වී ඇතැම් පාසල් දින පවා තමාගේ පෞද්ගලික ටියුෂන් පන්තිය වෙනුවෙන් කැප කරන අයෙකි.
    එබැවින් තමන් වැරදි නැත්නම්, මාලිංග වැරදි වීමට කොහෙත්ම ඉඩක් නැත.
     
    • Like
    Reactions: Evo X

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    malingata IPL gahanna ona nam u gahapuden. eka uge hekiyawa. uge hekiyawen salli hoyanakota eke ethi weredda mokakda. rata wenuwen malinga karapu dewal athi vishalai. apahu amuthuwen karanna deyak ne. Wish you all the best malinga :)
     
    May 29, 2015
    612
    45
    0
    ඉස්සර රොෂාන් මහානාමගෙන් කීල්ස් ඇඩ් එකකට ඉන්න කොට මාද්‍ය ඇඩ්ස් වල පෙනීසිටීම ගැන ඇහුවම රොෂාන් කෙලින්ම කිව්වා මට සල්ලි හම්බ කරන්න පුළුවන් ජනප්‍රිය වෙලා ඉන්න කාලේ විතරයි. ඒ කාලේ හම්බ කර ගන්න ඕනේ. ජනප්‍රියත්වය නැති වුනාම ඔය කවුරුවත් ඇවිල්ලා අපි ගැන හොයන්නේ නෑ කියලා. ඒක ඇත්ත.

    ඔච්චර රටට ආදරේ කරන මිනිස්සු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකට දෙන්නේ ගාමනට් කෙල්ලෙක්ට දෙන වැටුපක්. ඉස්සර ඊටත් අඩුයි. ඒ මදිවට ක්‍රීඩිකාවන්ගෙන් අල්ලසුත් අරන් තිබුනා පරිපාලන නිලධාරින්. ඒවා ගැන හොයන්න කවුරුත් නෑ. හැබැයි කෙල්ලෝ ටික කවදා හරි උන්ගේ මහන්සියෙන් ලෝක කුසලානයක් අරන් IPL වගේ ප්‍රයිවට් දේවල් වලිනුත් හම්බ කරන්න ගත්තම නං ඒවා ට බනින්න බුරුතු පිටින් ඉදිවී.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    puluwan kaale hamba karaganna eke awulak nane
    anika anik jobs wage nemei neh.65 wenakal play karanna be neh

    හම්බු කරනව කියල පොඩි හම්බු කරගැනිල්ලක්ද බන් මුන් IPL ගිහිල්ල හම්බුකරන්නෙ?
    එක පාරට කෝටි 10-15.
    මුන් ඉතින් ලංකාවෙ මාද්ය වලට බුරනව කියන්නෙ අපිට බුරනව වගේ තමයි!!
    බලපන් ඒකට අපේ සනත්ල,අරවින්දල,සංගල එහෙම තාමත් කොච්චර නිහතමානී මිනිස්සුද කියල.මමනං කවදාවත් දැකල නෑ ජනතාවගෙ මාද්යවලට ඔහොම බනින ක්‍රීඩකයො.
    ඉංදියාවෙනන් එහෙම වෙන්න ඇති මුන්ට ඉතින් සල්ලි තමයි ලොකු.
    ඒකනෙ අර අරවින්දත් කිව්වෙ IPL ලංවෙනකොට එයාගෙ ඔක්කොම ආභාධ හොඳ වෙනව කියල......
    මුන්ට ඉතින් කවදහරි මුම්බායිම තමයි ලංකාවෙනන් කිසිම රෙස්පෙක්ට් එකක් නෑ:yes::rolleyes::frown::dull:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉස්සර රොෂාන් මහානාමගෙන් කීල්ස් ඇඩ් එකකට ඉන්න කොට මාද්‍ය ඇඩ්ස් වල පෙනීසිටීම ගැන ඇහුවම රොෂාන් කෙලින්ම කිව්වා මට සල්ලි හම්බ කරන්න පුළුවන් ජනප්‍රිය වෙලා ඉන්න කාලේ විතරයි. ඒ කාලේ හම්බ කර ගන්න ඕනේ. ජනප්‍රියත්වය නැති වුනාම ඔය කවුරුවත් ඇවිල්ලා අපි ගැන හොයන්නේ නෑ කියලා. ඒක ඇත්ත.

    ඔච්චර රටට ආදරේ කරන මිනිස්සු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකට දෙන්නේ ගාමනට් කෙල්ලෙක්ට දෙන වැටුපක්. ඉස්සර ඊටත් අඩුයි. ඒ මදිවට ක්‍රීඩිකාවන්ගෙන් අල්ලසුත් අරන් තිබුනා පරිපාලන නිලධාරින්. ඒවා ගැන හොයන්න කවුරුත් නෑ. හැබැයි කෙල්ලෝ ටික කවදා හරි උන්ගේ මහන්සියෙන් ලෝක කුසලානයක් අරන් IPL වගේ ප්‍රයිවට් දේවල් වලිනුත් හම්බ කරන්න ගත්තම නං ඒවා ට බනින්න බුරුතු පිටින් ඉදිවී.

    අනේ බම්බුව තමයි.කීල්ස් ඇඩ් එකක් වගේද බන් IPL කියන්නෙ.......:rolleyes::rolleyes::P:dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    IPL තමයි මුලු ක්‍රිකට් ඉතිහාසෙම කාපු සීරීස් එක.........:angry::angry:
     
    May 29, 2015
    612
    45
    0
    හම්බු කරනව කියල පොඩි හම්බු කරගැනිල්ලක්ද බන් මුන් IPL ගිහිල්ල හම්බුකරන්නෙ?
    එක පාරට කෝටි 10-15.
    මුන් ඉතින් ලංකාවෙ මාද්ය වලට බුරනව කියන්නෙ අපිට බුරනව වගේ තමයි!!
    බලපන් ඒකට අපේ සනත්ල,අරවින්දල,සංගල එහෙම තාමත් කොච්චර නිහතමානී මිනිස්සුද කියල.මමනං කවදාවත් දැකල නෑ ජනතාවගෙ මාද්යවලට ඔහොම බනින ක්‍රීඩකයො.
    ඉංදියාවෙනන් එහෙම වෙන්න ඇති මුන්ට ඉතින් සල්ලි තමයි ලොකු.
    ඒකනෙ අර අරවින්දත් කිව්වෙ IPL ලංවෙනකොට එයාගෙ ඔක්කොම ආභාධ හොඳ වෙනව කියල......
    මුන්ට ඉතින් කවදහරි මුම්බායිම තමයි ලංකාවෙනන් කිසිම රෙස්පෙක්ට් එකක් නෑ:yes::rolleyes::frown::dull:
    සනත් නං ක්‍රීඩා පිටියෙන් පිටත ජීවිතය හොඳ මනුස්සයෙක් නෙවෙයි මට හිතෙන්නේ. ඒ අතින් මාලිංග දාහකින් සම්පතයි දැනට.
    sanath_2.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සනත් නං ක්‍රීඩා පිටියෙන් පිටත ජීවිතය හොඳ මනුස්සයෙක් නෙවෙයි මට හිතෙන්නේ. ඒ අතින් මාලිංග දාහකින් සම්පතයි දැනට.
    sanath_2.jpg

    මොකක්ද මචන් මේ සීන් එක??
    :P:P:rolleyes:
     
    May 29, 2015
    612
    45
    0

    අනේ බම්බුව තමයි.කීල්ස් ඇඩ් එකක් වගේද බන් IPL කියන්නෙ.......:rolleyes::rolleyes::P:dull:
    හම්බ කරන් මුදල් ප්‍රමාණය මත තීරණය කරන්න එපා. ඉස්සරත් සනත්ලා අරවින්දලා හැම කෙනාම වගේ එංගලන්තේ ප්‍රාන්ත පිල් වලට සෙල්ලන් කරා මාස ගණන් වල contract sign කරලා. ඒවා IPL වගේ නෙවෙයි. මාස 6, අවුරුද්ද වගේ දිග කාල වල contract.

    උපුල් චන්දන ඒ දවස් වල එංගලන්තේ ප්‍රාන්ත ටීම් එකකට සිලෙක්ට් වුනාම කිව්වා ඒක හැම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේම හීනයක්. එයාගේ ජීවිතේ තිබුන ලොකු බලාපොරොත්තුවක් ඉටු වුනා කියලා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,853
    113
    -In Darkness-
    හම්බු කරනව කියල පොඩි හම්බු කරගැනිල්ලක්ද බන් මුන් IPL ගිහිල්ල හම්බුකරන්නෙ?
    එක පාරට කෝටි 10-15.
    මුන් ඉතින් ලංකාවෙ මාද්ය වලට බුරනව කියන්නෙ අපිට බුරනව වගේ තමයි!!
    බලපන් ඒකට අපේ සනත්ල,අරවින්දල,සංගල එහෙම තාමත් කොච්චර නිහතමානී මිනිස්සුද කියල.මමනං කවදාවත් දැකල නෑ ජනතාවගෙ මාද්යවලට ඔහොම බනින ක්‍රීඩකයො.
    ඉංදියාවෙනන් එහෙම වෙන්න ඇති මුන්ට ඉතින් සල්ලි තමයි ලොකු.
    ඒකනෙ අර අරවින්දත් කිව්වෙ IPL ලංවෙනකොට එයාගෙ ඔක්කොම ආභාධ හොඳ වෙනව කියල......
    මුන්ට ඉතින් කවදහරි මුම්බායිම තමයි ලංකාවෙනන් කිසිම රෙස්පෙක්ට් එකක් නෑ:yes::rolleyes::frown::dull:

    ඉතින් උඹට ඊරිසියයිද බං ඌ හම්බ කරාට? :rolleyes::rolleyes: ඔය උඹ කියන මාධ්ය කාරයොම තමා බං ඌට ඉන්න දුන්නේ නැත්තේ. සංඟා එහෙම නම් මාධයට කෙලින් මොකුත් කියන්නේ නෑ. ඒ ඌට මොළේ තියෙනවා එක එක ඒවා කියලා මේ රටේ ඉන්න බෑ කියලා. සංඟලා ඔච්චර හම්බ කරලා තියෙනවා නම් මොකටද කියපන්කෝ සරේ එකට ගහන්න යන්නේ? අන්තිම ටෙස්ට් මැච් එක කැන්සල් කරා ගිය අවුරුද්දේ, මේ අවුරුද්දෙත් යනවා තේරිම් කමිටුවෙන් අයින් වෙලා සරේ එකට ගහන්න :rofl: ඌ පිනට වෙන්න ඇති ගහන්නේ. ඔච්චර රට වෙනුවෙන් කැප වෙන්න පුලුවන් නම් ලංකාවේ ඉඳලා අපේ එවුන්ව හදන්න කියපන්කෝ :D:D මාලිංඟ නෙමෙයි ලංකාවේ වෙන ඕන එකෙක් තේරුනාත් උන් යනවා IPL . 16 දෙනෙක්ට බිඩ් කරන්න ඕපන් තිබ්බට මාලිංඟ විතරයි සිලෙක්ට් වුනේ. ඒක උගේ හැකියාව. ඌට කපපු කැපිල්ල හැටියට (මැතිව්ස් එහෙම) ඌ WC සෙල්ලම් කරන් නැති වෙයි කියලා අපි කිව්වේ මීට හුඟ කාලෙකට කලින්. මැතිව්ස් කිව්වානේ නායකයා තෝරපු කණ්ඩායමක් මේ, ඒක නිසයි පැරදුනේ කියලා. ඌටත් බං දින්නම ඒක දෙවියන් වහන්සේගේ කැමත්ත, පැරදුනාම ඒක කණ්ඩායමේ, නැත්තම් තේරුව අයගේ වැරද්ද. ලංකාවට රෙස්පෙක්ට් එකක් දෙන්නේ කොහොමද ඕයි හරි වෙලාවට සල්ලි ගෙවන්නේ නැත්තම්, පන්දමට ක්‍රීඩකයෝ ඇතුලට දානවා නම්, කොතනද එතන රෙස්පෙක්ට එකක් ඉතුරු වෙලා තියෙන්නේ? මතක තියාගනින්, අරූට ක්‍රිකට් ගහන්න බැරි කාලෙට උඹ ඔය ලොකුයි කියන මාධය්වත්, ලංකාවේ ඉන්න අනික් එවුන්වත් ඌට කන්න දෙන්නේ නෑ. ‍ඌම තමා ඒක කරගන්න ඕනේ. :yes::yes:
     
    • Like
    Reactions: 3rdEye
  • Jul 6, 2012
    10,680
    2,904

    Ekemma :yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ada sanga , mahela ahama kisima awlak nane bn :oo:
    enrique ge concert aka salli unath minissunta danawa kiyala kiwwa..
    Malinga thama tikak..
    "THAMANGE WADAK BALAGANA YANAWA MANUSSAYO YANNA"
    Mathakai nada? :-D
    Man hethanna education background ekath tikak hari balapanawa eti cricket walata.!
     
    ඌට තව පරම්පරා ගානකට කන්න සල්ලි හම්බුකරගෙන ඉන්නෙ දැන්.ඒත් තවත් කුනු පෙරේතකම ඕකගෙ.මටනන් ඊරිසියාවක් නෑ.ඒත් මුන් ලොකු තැන් වලට ආවම මුල අමතකවෙන එක තමයි ප්‍රෂ්නෙ.මූ ලංකාවෙ සල්ලිවලින් ඔක්කොම ට්‍රෙනින් එක අරගෙන දැන් අපිටම ගරහනව.ඕකට ඉතින් කවදහරි මුම්භායිම තමයි.....:rolleyes::rolleyes::angry::angry::dull::dull:
     
    May 29, 2015
    612
    45
    0
    මොකක්ද මචන් මේ සීන් එක??
    :P:P:rolleyes:
    දන් නෑ බන්. ඒත් ගෑනු බර ගානක් එක්ක හිටිය කියල නං දන්නවා. අවුරුදු ගණන් ලව් කරපු කපල් වල කෙල්ලොත් සෙට් කරන් උන්ගේ පවුල් අනාථ කරලා කියල දන්නවා. දේශපාලෙනට ක්‍රිකට් ක්‍රීඩාව බාල්දු කරපු බව රටම දන්නව
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ada sanga , mahela ahama kisima awlak nane bn :oo:
    enrique ge concert aka salli unath minissunta danawa kiyala kiwwa..
    Malinga thama tikak..
    "THAMANGE WADAK BALAGANA YANAWA MANUSSAYO YANNA"
    Mathakai nada? :-D
    Man hethanna education background ekath tikak hari balapanawa eti cricket walata.!

    Owban hebai mewa kiyanakota uge Fanboyslatanan godak ridenawalu.....:P:P:rofl::rofl: