කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මදුරුවන්ට සහ කැරපොත්තන් විනාශ කිරීම සඳහා භාවිතා කරන මෝර්ටීන් නමැති කෘමි නාශකය බී අද සවස 1 ට පමණ කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබේ. මොහු වස බී ඇත්තේ දැඩි ලෙස මත් පැන් පානය කිරීමෙන් අනතුරුව බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
එස්.එස්.පී ගුණවර්ධන කුරුණෑගල ඔහුගේ නිල නිවාසයේ තනියම සිට ඇති අතර බිරිඳ සහ දරුවන් හිඳ ඇත්තේ කොළඹය. නිල නිවසේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිට ඇති අතර ඔවුන් දැක ඇත්තේ එස්.එස්.පී. වරයා වැනි වැනී ඇවිත් නිවසේ සාලයේදී ඇද වැටෙන බවකි. පසුව ඔවුන් ගුණවර්ධන එස්.එස්.පී වරයා රෝහල් ගත කර තිබේ.
මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
ඔහුගේ පවුලේ සාමාජිකයෙකු පැවසුවේ එස්.එස්.පී. ගුණවර්ධනට කෑමක් විෂ වී ඇති බවත් ඔහු මේ වන විට අනතුරුදායක තත්ත්වයෙන් මිදී ඇති බවත් ය.
මොහු කොළඹ අපරාධ කොට්ඨාශය භාරව සිටියදී සිය වැඩිමහල් පුත්‍රයා සමග එකට ඉගෙන ගත් සිසුවෙකු වූ නිපුන රාමානයක නම් සිසුවාට බිරිඳ ලවා ම්ලේච්ඡ ලෙස පහර දීම ගැන එකළ මහත් ආන්දෝලනයක් ඇති විය. පසුව මාධ්‍ය මගින් ඇතිකරන ලද තෙරපුම නිසාම බිරිඳ අත් අඩංගුව ගැණින. මේ වන විට එම නිපුන රාමනායක සිසුවා රටින් බැහැරව සිටී.
Mama nam kiyanne hoda wade. mun wage kalakanni ballo ratata winasayak. marila hari Duminda Silva wage abbagatha wela yana eka hoda.