Meaning of Life

Sharma02

Member
Jul 21, 2017
11
4
0
කවුරුන් හෝ මට මේ ලෝකයේ තිබෙනා වටිනාම මුතු මැණික් රත්තරන් වලින් මල්ලක් සකස් කොට එම මල්ල අසුචි, පණුවෝ, මස්, සහ ඇටකෝටු වලින් පුරවා ලබා දුනහොත් මම ඒ මල්ල භාර ගැනීමට සුදානම්ද යන්න නිතරම මගේ සිතට එන සිතුවිල්ලකි.එම මල්ලේ ඉතාම සියුම් සිදුරු අතුරින් අසුචි වැගිරෙනවා.සෝදා පවිත්‍ර කලත් නොනවත්වාම වැහෙනවා. අනේ මට නම් එපා එවැනි මල්ලක්. කොපමණ වටිනා වස්තුවකින් සරසා තිබුනත් මට එහි කිසිදු වටිනාකමක් නැත. මගේ මේ මුළු ශරිරයත් ඉහත අසුචි මල්ලෙත් වෙනසක් නැති බව මට එවිට සිතේ. බාහිර සම ලස්සන කරන්න කොතරම නම් මම වෙහෙසෙනවද ? මෙම ශරීරය හැඩ කරගන්න සරසා ගන්න කොපමණ නම් දේවල් තිබෙනවද? නමුත් අසුචි, ලේ,මස්,සෙම, ඇටකටු යන පිළිකුල දනවන දේවල් වලින් මෙම ශරීරය පිරී ඇත.
මොහොතකට මම වඩාත්ම ඇලුම් කරන කෙනාගේ ශරීරයත් මේ ආකාරයටම අභ්‍යන්තරය කපා දෙපලු කොට මා ඉදිරියේ තිබුන හොත් මම අර කලින් දැක්වූ ආදරයෙන්ම අනේ මගේ අම්මා, අනේ තාත්තා,අනේ මගේ ස්වාමිපුරුෂයා, අනේ මගේ දරුවා ආදී වශයෙන් ආදරයෙන් තුරුළු කරගනිද? එය බැලීමට තියා එය අසලටවත් යාමට නොහැකි වනු ඇත. ඉතින් එහෙනම් ඇයි අප එකම කෙනාට දෙවිදිහකට සලකන්නේ? ඇඟ දෙපළු කිරීමට පෙර එක විදිහකටත් දෙපළු කල ශරීරය දැක තව විදිහකටත් සලකන්නේ?
මම ඇලුම් කරනා, ලස්සනම නළුවා හෝ නිළිය මා ඉදිරියේ මේ මොහොතේ පෙනී සිටියහොත් මම කොපමණ නම් සතුටට පත්වනු ඇතිද?පින්තුරයක් ගැනීමටත් කතා කිරීමටත් මම පුදුම විදිහට පෙළබෙනු ඇත. යම් හෙයකින් ඔහු හෝ ඇය සිය උඩු සම ගලවා ඉවත් කළහොත් මම ඉස්සර වගේ ඔහු හෝ ඇයව ආදරයෙන් නිලියක් /නළුවෙක් විදිහට පිළිගනු ඇතිද? කිසිසේත්ම නැත. ලේ ගලන ලිස්සන ස්වරුපයක් ඇති එම ශරීරය මට පිළිකුල් ගඳ ගසනා අසුචි ගොඩක් පමණක්ම වනු ඇත.එය ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියාවත් මට සිතා ගැනීමට නොහැකි වනු ඇත. බලන්න මේ පිට සමෙන් අපිව මුලා කර ඇති ආකාරය. අපිව මේ සංඥාවෙන් කොපමණ මුලාවකට පත්කොට ඇතිද? මේ අසුචි ගොඩකට අපි කොච්චර ඇලුම් කරනවද.මගේ කරගන්න දගලනවද? මොන මෝඩ කමක්ද අපි මැදිවෙලා සිටින්නේ.
මිනිසුන් හැමෝම ඉතා ලස්සනට හැඩ වී ගමන් බිමන් යෑම, උදේ හවස රැකි රක්ෂා කටයුතු වලට යෑම් ඊම් දකින මට සැම විටම සිතෙන්නේ "බලන්න මේ සැමදෙනාම මේ අසුචි ගොඩක් කරපින්නාගෙන උජාරුවෙන් ඒවා රකින්න දරන වෑයම සහ දුක් කන්දරාව, අසුචි ගොඩක් වාහනයක් උඩ තියාගෙන , අට සැකිලි ගොඩක් අව්වට දාන කන්නාඩි ගෙන ලොකු වාහනයක විටෙක කෙනෙකු සිගරුට්ටුවක් උරමින්,තව කෙනෙකු සිංදුවකට තාලයට මුමුණමින් උජාරුවෙන් යන අන්දම " ආදී වශයෙනි. අට සැකිල්ලක් ඇත්තටම මෙහෙම පාරේ ගියොත් අපි සිනා සෙවී" අන්න ඇටසැකිල්ලක් යන විදිහ කියා". අපි අපිටම හිනා වෙනවා කියා මට සිතෙන්නේ. අපි ආසාවෙන් උජාරුවෙන් මාන්නයෙන් රකින්නේ මේ අසුචි වලින් පිරුන නොනවත්වා දුර්ගන්ධය හමන වැගිරෙන මේ කුණු ශරීරය නෙවේද?
තවත් විටෙක මට සිතෙන්නේ මොන දුකක්ද මෙම ශරීරය අපිට ලබාදෙන්නේ කියාය. කොපමණ ආවතේව කලත් ලෙඩ වූ විට කොපමණ වේදනාවක්ද?අපිව වධකයෙක් බවට පත්වෙලා. ලෙඩ නොවී නිරෝගීව වයසට යන්නේ නැතුව සදහටම අපිට මෙම ශරීරිය තියාගන්න බැරිය. කුමක්ද මේ හරයක් නැති පටලැවිල්ල .කුණු ගඳ ගහන ශරීරයක් උස්සගෙන විදින දුක. මම ලස්සනයි මම සුදුයි කියා ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ. දුකක්ම පමණි.මොනතරම් මායාවකද අපි ඉන්නේ.වැස්ස වෙලාවක නොතෙමී ඉන්න වහලයක් යටට ගිහින් වැස්ස ඉවර වූ පසු එම ස්ථානය හැර නැවත අපේ ගමන පටන් ගන්නවා සේ අම්බලමක් වූ මේ කුණු කයට ටික කලකට ඇවිත් වැස්ස ඉවර වූ පසු නැවත එය හැර යන්නා සේ මෙම කුණු කය අතහැර අපිට යන්න වෙනවා, මේ දීර්ඝ සංසාර ගමනට නැවතීමේ තිත නොතැබුවහොත්.
නැවත නැවත ඉපීද මැරෙමින් යන මේ දීර්ඝ සංසාරය පුරා, මෙවැනි පිළිකුල් ශරීර කොතෙක් නම් "මම", "මගේ" කරගෙන මෝහ ජාලයක සිරවී අනන්ත වූ දුක්ඛස්කන්ධයකට අපට යට වන්නට සිදුවුණිද ?
එදා බුදුරජාණන් වහන්සේ මාගන්දියාට පැවසූයේ, මේ කුණු ශරීරය, පයින්වත් ස්පර්ශ කිරීමට පිළිකුල් කරන බවය. ඇත්ත ඇති සැටියෙන් දක්නා වූ උතුමන් මේ කුණු ශරීරය පිළිකුල් කරන්නේ එලෙසිනි. රූපයන් කෙරෙහි තණ්හා, දිට්ඨි, මාන වලින් බැඳී සංසාර ගමන දික් කරගැනීමට නොව, ඒවායේ ඇති පිළිකුල් සහගත බව, දුක් සහගත බව යථාවබෝධ ඥානයෙන් දැක, ඒවා කෙරෙහි විරාගී වී, වහ වහා සංසාරයෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරමු.

~~~ අමා සුව ~~~
 
  • Like
Reactions: DemonAkalanka

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    ජීවිතෙ සුන්දර ද අසුන්දර ද කියල මනින්න වෙන්නේ සාපේක්ෂ විදියට බං...
    උඹ ඔය කුණු විදියට දකින ශරීරෙම ලංකාවේ එම්බාම්වලට උපාධියක් ගත්ත එකා දකින්නේ කලා සිත්තමක් විදියට.... අපිට දෙයක් සුන්දර ද අසුන්දර ද කියල තීරණය වෙන්නේ අපේ සිතිවිල්ල අනුව... තමන්ගේ අම්මා තාත්තා තුවාල වෙලා කුණුවෙලා ඇඳක බාවල ඉන්න කොට ඒ අම්මට තාත්තට තියෙන ආදරය නිසා ඒක කුණු ශරීරයක් විදියට නොදැක ඉන්න පුලූවන්....

    උඹලගේ තියෙන වැරද්ද මේක කුණු ගොඩක් කුණු ගොඩක් කියල හූල්ල හූල්ල කෙටිකාලීන ජිවිතේ ඔහේ ගෙවල දාන එක... උඹගේ ආගම අනුව සංසාර පැවැත්මක් තියෙනවා කියල උඹ හිතනවා නම් උඹ කරන්න ඕන මේ පෘථග්ජන සමාජයෙයන් ඈත්වෙලා ඒ ගමන යන්න... උඹල කරන්නේ එහෙම නැතිව හැම දේම අපි වගේ භුක්ත් විද විද අනෙක් එවුන්ටත් ලැබිච්චි ජීවිතේ කළකිරවන එක.... :no: කෙටියෙන්ම කියනවා නම් උඹ දැන් එළකිරියේ නෙවෙයි ඉන්න ඕන මහ වනයක් මැද බණක් භාවනාවක් කරගෙන.....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.

    මරු එවුන් තමයි දැන් උපදෙස් දෙන්නේ...! :rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    කවුරුන් හෝ මට මේ ලෝකයේ තිබෙනා වටිනාම මුතු මැණික් රත්තරන් වලින් මල්ලක් සකස් කොට එම මල්ල අසුචි, පණුවෝ, මස්, සහ ඇටකෝටු වලින් පුරවා ලබා දුනහොත් මම ඒ මල්ල භාර ගැනීමට සුදානම්ද යන්න නිතරම මගේ සිතට එන සිතුවිල්ලකි.එම මල්ලේ ඉතාම සියුම් සිදුරු අතුරින් අසුචි වැගිරෙනවා.සෝදා පවිත්‍ර කලත් නොනවත්වාම වැහෙනවා. අනේ මට නම් එපා එවැනි මල්ලක්. කොපමණ වටිනා වස්තුවකින් සරසා තිබුනත් මට එහි කිසිදු වටිනාකමක් නැත. මගේ මේ මුළු ශරිරයත් ඉහත අසුචි මල්ලෙත් වෙනසක් නැති බව මට එවිට සිතේ. බාහිර සම ලස්සන කරන්න කොතරම නම් මම වෙහෙසෙනවද ? මෙම ශරීරය හැඩ කරගන්න සරසා ගන්න කොපමණ නම් දේවල් තිබෙනවද? නමුත් අසුචි, ලේ,මස්,සෙම, ඇටකටු යන පිළිකුල දනවන දේවල් වලින් මෙම ශරීරය පිරී ඇත.
    මොහොතකට මම වඩාත්ම ඇලුම් කරන කෙනාගේ ශරීරයත් මේ ආකාරයටම අභ්‍යන්තරය කපා දෙපලු කොට මා ඉදිරියේ තිබුන හොත් මම අර කලින් දැක්වූ ආදරයෙන්ම අනේ මගේ අම්මා, අනේ තාත්තා,අනේ මගේ ස්වාමිපුරුෂයා, අනේ මගේ දරුවා ආදී වශයෙන් ආදරයෙන් තුරුළු කරගනිද? එය බැලීමට තියා එය අසලටවත් යාමට නොහැකි වනු ඇත. ඉතින් එහෙනම් ඇයි අප එකම කෙනාට දෙවිදිහකට සලකන්නේ? ඇඟ දෙපළු කිරීමට පෙර එක විදිහකටත් දෙපළු කල ශරීරය දැක තව විදිහකටත් සලකන්නේ?
    මම ඇලුම් කරනා, ලස්සනම නළුවා හෝ නිළිය මා ඉදිරියේ මේ මොහොතේ පෙනී සිටියහොත් මම කොපමණ නම් සතුටට පත්වනු ඇතිද?පින්තුරයක් ගැනීමටත් කතා කිරීමටත් මම පුදුම විදිහට පෙළබෙනු ඇත. යම් හෙයකින් ඔහු හෝ ඇය සිය උඩු සම ගලවා ඉවත් කළහොත් මම ඉස්සර වගේ ඔහු හෝ ඇයව ආදරයෙන් නිලියක් /නළුවෙක් විදිහට පිළිගනු ඇතිද? කිසිසේත්ම නැත. ලේ ගලන ලිස්සන ස්වරුපයක් ඇති එම ශරීරය මට පිළිකුල් ගඳ ගසනා අසුචි ගොඩක් පමණක්ම වනු ඇත.එය ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියාවත් මට සිතා ගැනීමට නොහැකි වනු ඇත. බලන්න මේ පිට සමෙන් අපිව මුලා කර ඇති ආකාරය. අපිව මේ සංඥාවෙන් කොපමණ මුලාවකට පත්කොට ඇතිද? මේ අසුචි ගොඩකට අපි කොච්චර ඇලුම් කරනවද.මගේ කරගන්න දගලනවද? මොන මෝඩ කමක්ද අපි මැදිවෙලා සිටින්නේ.
    මිනිසුන් හැමෝම ඉතා ලස්සනට හැඩ වී ගමන් බිමන් යෑම, උදේ හවස රැකි රක්ෂා කටයුතු වලට යෑම් ඊම් දකින මට සැම විටම සිතෙන්නේ "බලන්න මේ සැමදෙනාම මේ අසුචි ගොඩක් කරපින්නාගෙන උජාරුවෙන් ඒවා රකින්න දරන වෑයම සහ දුක් කන්දරාව, අසුචි ගොඩක් වාහනයක් උඩ තියාගෙන , අට සැකිලි ගොඩක් අව්වට දාන කන්නාඩි ගෙන ලොකු වාහනයක විටෙක කෙනෙකු සිගරුට්ටුවක් උරමින්,තව කෙනෙකු සිංදුවකට තාලයට මුමුණමින් උජාරුවෙන් යන අන්දම " ආදී වශයෙනි. අට සැකිල්ලක් ඇත්තටම මෙහෙම පාරේ ගියොත් අපි සිනා සෙවී" අන්න ඇටසැකිල්ලක් යන විදිහ කියා". අපි අපිටම හිනා වෙනවා කියා මට සිතෙන්නේ. අපි ආසාවෙන් උජාරුවෙන් මාන්නයෙන් රකින්නේ මේ අසුචි වලින් පිරුන නොනවත්වා දුර්ගන්ධය හමන වැගිරෙන මේ කුණු ශරීරය නෙවේද?
    තවත් විටෙක මට සිතෙන්නේ මොන දුකක්ද මෙම ශරීරය අපිට ලබාදෙන්නේ කියාය. කොපමණ ආවතේව කලත් ලෙඩ වූ විට කොපමණ වේදනාවක්ද?අපිව වධකයෙක් බවට පත්වෙලා. ලෙඩ නොවී නිරෝගීව වයසට යන්නේ නැතුව සදහටම අපිට මෙම ශරීරිය තියාගන්න බැරිය. කුමක්ද මේ හරයක් නැති පටලැවිල්ල .කුණු ගඳ ගහන ශරීරයක් උස්සගෙන විදින දුක. මම ලස්සනයි මම සුදුයි කියා ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ. දුකක්ම පමණි.මොනතරම් මායාවකද අපි ඉන්නේ.වැස්ස වෙලාවක නොතෙමී ඉන්න වහලයක් යටට ගිහින් වැස්ස ඉවර වූ පසු එම ස්ථානය හැර නැවත අපේ ගමන පටන් ගන්නවා සේ අම්බලමක් වූ මේ කුණු කයට ටික කලකට ඇවිත් වැස්ස ඉවර වූ පසු නැවත එය හැර යන්නා සේ මෙම කුණු කය අතහැර අපිට යන්න වෙනවා, මේ දීර්ඝ සංසාර ගමනට නැවතීමේ තිත නොතැබුවහොත්.
    නැවත නැවත ඉපීද මැරෙමින් යන මේ දීර්ඝ සංසාරය පුරා, මෙවැනි පිළිකුල් ශරීර කොතෙක් නම් "මම", "මගේ" කරගෙන මෝහ ජාලයක සිරවී අනන්ත වූ දුක්ඛස්කන්ධයකට අපට යට වන්නට සිදුවුණිද ?
    එදා බුදුරජාණන් වහන්සේ මාගන්දියාට පැවසූයේ, මේ කුණු ශරීරය, පයින්වත් ස්පර්ශ කිරීමට පිළිකුල් කරන බවය. ඇත්ත ඇති සැටියෙන් දක්නා වූ උතුමන් මේ කුණු ශරීරය පිළිකුල් කරන්නේ එලෙසිනි. රූපයන් කෙරෙහි තණ්හා, දිට්ඨි, මාන වලින් බැඳී සංසාර ගමන දික් කරගැනීමට නොව, ඒවායේ ඇති පිළිකුල් සහගත බව, දුක් සහගත බව යථාවබෝධ ඥානයෙන් දැක, ඒවා කෙරෙහි විරාගී වී, වහ වහා සංසාරයෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරමු.

    ~~~ අමා සුව ~~~

    වටින ලිපියක් මචං. :)