ඔය ගීතය රචනා කරලා තියෙන්නෙ වොලී මහත්තයා, ඔහු රංගන ශිල්පියෙක් වගේම, ගීත රචකයෙක්.. ඔය ගීතය රචනා කලේ මාතර ආච්චී කියන චිත්‍රපටයට.. මුල් වරට සතිස්චන්ද්‍ර එදිරිසිංහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසත් වික්ටර් රත්නායක සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසත් සුනිල් එදිරිසිංහ චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසත් දොරට වැඩියෙ ඒ චිත්‍රපටියෙන්.. ඔය ගීතයේ කියවෙන නියම පසුබිම් කතාව හරියට කවුරුවත් දන්නෙ නැහැ.. විවිධ විධියට හිතන්න පුළුවන්..
_________________
සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.
දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.
හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.
____________________
සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.
ප්රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය.
එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.
මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්රේමවන්තයා ද එසේ සිය ප්රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි.
කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්රේමයට බාධා මතුවෙයි. පෙම්වතාගේ අතීත ප්රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.
ප්රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත.
පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.
________________
මේක ලියලා තිබුණෙ සුන්දර ගීයක ඇරඹුම කියන ත්‍රේඩ් එකේ
achalaachalaachala කියන නමින් EK එකේ ඉන්න මෙම්බර් කෙනෙක්..
සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැළැතුණ රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ
තමන්ගෙ දුව පොහොසතෙකුට දීග දීම කියන කාලයක් තිස්සෙ හිතේ කැලැතෙන අදහසින් යුතු දෙමාපියන් ගන්නා ජල බුබුලක් උඩට නැග එන්නාක් වැනි ඉක්මන් තීරනයක් හමුවේ ආදරයෙන් නොව නීතියෙන් සිදුවන විවාහයක් සදහා තම පිවිතුරු ආදරය අමතක කරන්නට මෙම පෙම්වතියට සිදුවෙනවා.
මෙකී කැලැතුනු රසය ඒයම බව රචකයා අවසාන පද පේලි වල යොදන "රුවන් විමානෙන්" යන යෙදුමෙන් අපට ස්ථිර කරනවා.
යුගයෙන් යුගයට නොමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලැවෙද්දී //
යුග ගනන් නොනැසෙන අතීතය නටබුන් වලින් ලොකයට පෙනෙනව වගෙම යුග ගනන් නොනැසෙන මෙ ආදරය ගැන දැන දැනම ඒ ආදරයේ නටබුන් වත් නොපෙනෙන දුරක මෙ අවිහින්සක පෙම්වතියව බලෙන් ඇදගෙන යනව. ඒ ඇය මැලවෙද්දි, අඩද්දි, වැලපෙද්දි.
අවසාන පද පේලිය දෙවරක් ගායනවීම නිසා ඇයගෙ නොකැමැත්ත අපිට තදින්ම පෙන්වනවා.
දහසක් පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි රැුන්දු
අහසක් ගුගුරා කලූවක් වපුරා
ඒ හා මුහුවුණ වැහි බින්දු
ඈ ගෙන යද්දී නටබුන් අතරක
තවෙතෙක් ඈ වෙත හද රැන්දු //
මී මැස්සා මලින් මලට ගොස් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. නමුත් අහස ගුගුරුවා වහින වැස්සෙන් මෙසේ දුක් මහන්සිවී ඒකතු කරගන්නා පැණි වල අගය වතුර එකතු වීම නිස බාල වෙයි. අගය නතිවී යයි. එලෙසම මෙම පෙම්වතා දුකින් සාදා ගත් ආලය බාල කොට විනාශ කොට ඒ නටබුන් ඇ වෙනකෙකු වෙත ගෙනයදිදී මෙ අව්‍යාජ පෙම්වතාගේ හැගීම මොනවගෙ වෙන්න ඇත්ද?
ජීවිතයෙ කෙනෙකු සාර්ථක ආදරයක් ගොඩනගා ගැනීමට දරන වෙහෙස පදරචකයා ඉතා සියුම්ව විදහාපෑමට ගත් උත්සහය බලන්න. මේ පදරචකයාගේ සිංහල භාශාව හැසිරවීමෙ සකසුරුවම් භාවයයි, ප්‍රවීන භාවයයි, වියත් භාවයයි.
හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
සත් සමුදුරකට මුහුව ගියා
මෙ මල් කැකුල කල් යල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා ඒ ගැන ඉගියක් හො නැතිවෙන තරම් දුරක යවා ඇත. ඒ නිසා ආදරයෙ නාමයන් ඇසට නැගෙන කදුලු බින්දු පොලවට වැටී මහ සාගරය දක්වාම ගලාගෙන යනව. ඒ අතර ඒ කදුලෙ බර බලන්න ඒ දුක මොනවගෙද බලන්න කවුරුත් නෑ. කාටවත් තේරෙන්නෙත් නෑ.
සියලු බලපෑම් හමුවේ ආදරයෙ ඇතිවන වේදනාව, ඒ වේදනව බෙදාගැනීමට කිසිවකු නොසිටීම නිසා ඇතිවන තනිකම ඒ වේදනාව දෙගුන තෙගුන කරන හැටි පෙන්වීමට පද රචකයා සිංහල භාශාව කැටයම් කොට ඇති අපූරුව.
ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා.... //
පෙම්වතට මෙන්ම පෙම්වතියට ඇතිවන විරහ වේදනාව හමුවෙ ඇය සියලු භාදක බැමි බිද දමමින් සැප ස්ම්පත් හැරදා නැවත මෙ පෙම්වතාගෙ තුරුලට ඒනතුරු ඔහු වේදනාත්මක හදකින් යුතුව මගබලා සිටී.
ඇත්තටම ඇය නැවත නාවොත්... ඔහු බලාගෙන ඉදීවි. ඇය එන්නෙම නැත්තම්...... ඒත් ඔහු බලාගෙන ඉදීවි. ජීවිතේ අවසාන මොහොත වෙනකම් ඔහු බලාසිටීවි ඒ ඇත්ත ආදරේ නමයෙන් ඔහු අනේක වෙදනා වෙන් බිහිකරගත් පරම පිවිතුරු ආදරේ නමයෙන් ඒ......... ඇත්තම ආදරේ.