Medical expenses cover කරගන්න ඕනද?

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කලින් මම දාපු ලිපි වලට කට්ටියගෙන් හොද ප්‍රතිචාර තිබුන . inbox msg ගොඩක් තිබුන, හැමෝටම reply කලා. ඒ හැමෝටමත් මට පුළුවන් හැටියට උදව් කලා .

    කාගේ හරි msg එකක් මට miss වෙලා නම්, තරහ නැතුව පොඩි reminder එකක් දාන්න. අනිවා reply කරනවා, වෙලාව තියෙන හැටියට .

    හරි, අද මම තව අලුත් ලිපියක් දානවා, මේකත් කට්ටියට වැදගත් වෙයි කියල හිතෙනවා.

    Medical Expenses , එහෙමත් නැත්තම් පුද්ගලික රෝහල් ගත වීමකදී අපට දරන්න වෙන වියදම්, දවස ගානේ ඉහල යනවා . අපි දවසින් දවස වයස යනකොටත්, පවුලේ සාමාජිකයින් ගෑන වැඩි වෙනකොටත්, මේ වියදම දෙගුණ තෙගුණ වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි . හැබැයි, අපේ අදායම එහෙම දෙගුණ තෙගුණ වෙනවද ?

    මට private ඇඩ්මිට් වෙන්න උනොත්, wife ට admit වෙන්න උනොත් , බබාව ඇඩ්මිට් කරන්න උනොත් කොහොමද මම මගේ බිල් එක ගෙවන්නේ , මගේ අතේ තියෙන මුදල් ඇති වෙයිද? මේ ගැන හිතුවද ?

    අපිට නම් company එකෙන් medical තියෙනවා . අවුලක් නෑ . කාල බීල සැපේ ඉන්නයි තියෙන්නේ. ඔන්න දැන් කට්ටියකට මෙහෙම හිතෙයි.

    හැබයි, පොඩ්ඩක් හිතන්න , ඔයා කරන්නේ business එකක් නම්, ඔයා වැඩ කරන company එකෙන් medical එක දෙන්නේ ඔයාට විතරක් නම් ? company එකෙන් දෙන ලිමිට් එක පොඩ්ඩ නම්, ? company එකෙන් ලබන අවුරුද්දේ ඉදල medical දෙන්න බෑ කියුවොත් ? ඔය ඕන එකක් වෙන්න පුළුවන්.

    ඔන්න ඔය කාරණාවේදී , අපිට පුළුවන් අපේ පවුල වෙනුවෙන් අපිට ඉන්සුරන්ස් cover එකක් දාගන්න. medical ඉන්සුරන්ස් එකක් දාල, claim එකක් ආවොත් හොදයි, අවේ නැත්තම් ගෙවපු සල්ලි අපරාදේ. එහෙම නේ ?

    හැබැයි, මොකද මම කියුවොත්, මාසේ පඩියෙන් / අදායමෙන් කොටසක් යොදවල , ඉන්සුරන්ස් ප්ලැන් එකක් අරන්,

    - පවුලේ සාමාජිකයන්ගේ හොස්පිටල් බිලත් claim කරලා ( locally එහෙම නැත්තම් internationally )
    - අවුරුද්දෙන් අවුරුද්ද ලිමිට් එකත් වැඩි කරලා
    - claim කලත් නොකලත් , අපි ගෙවපු මුදලත් එක්ක අමතර ගානකුත් අතට ලැබෙන
    - ටික කාලෙකින් සත පහක් වත් ගෙවන්නේ නැතුව තව අවුරුදු ගානකට medical cover එකෙන් ක්ලේම් කරන්නත් පුළුවන් කියල....
    - අපිට කරදරයක් උනොත්, පවුලේ අය වෙනුවන් රැකවරණයත් ( medical ලිමිට් එකට වඩා ගොඩක් ලොකු මුදලක් ) ලැබෙනවා කියල.

    කීයෙන් කී දෙනෙක් මේ දේ ගැන දැනුවත්ව සිටියද ?

    සංවාදයට විවුර්තයි ..

    කාට හරි මේ වගේ ප්ලෑන් එකක් ගැන බලන්න කැමති නම්, උපන්දිනයයි, මාසෙකට medical ප්ලෑන් එක වෙනුවන් වෙන් කරන්න පුළුවන් මුදලයි, contact number එකයි (whats app තියෙනවානම් ලේසි ), inbox කරන්න.

    ජය වේවා .!
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ubata oya details ewwa kiyanne dawasa gane call ei
    sir me plan eka ganna ara plan eka ganna kiya kiya

    Call කරන කෙනා කොහොම කරත් call කරනවා මචන්. company වල ඕන තරම් databases තියෙනවා.

    මේකේ පොස්ට් එකක් දාල තියෙන්නේ එළකිරි එකේ අයට වැඩක් වෙන්න මිසක් , call කරන්න නොම්බර එකතු කරන්න නෙමයි මචන්.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Call කරන කෙනා කොහොම කරත් call කරනවා මචන්. company වල ඕන තරම් databases තියෙනවා.

    මේකේ පොස්ට් එකක් දාල තියෙන්නේ එළකිරි එකේ අයට වැඩක් වෙන්න මිසක් , call කරන්න නොම්බර එකතු කරන්න නෙමයි මචන්.
    එහෙනම් උඹලගේ ඔය insurance plane එකේ සම්පුර්ණ විස්තරයම එළකිරියේ දාපන්කෝ උඹේ contact number එකත් එක්ක එතකොට ඕන කෙනෙක්ට කියවලා බලලා තමන්ට ගැලපෙනවා නම් උඹව contact කරවී නේ
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    එහෙනම් උඹලගේ ඔය insurance plane එකේ සම්පුර්ණ විස්තරයම එළකිරියේ දාපන්කෝ උඹේ contact number එකත් එක්ක එතකොට ඕන කෙනෙක්ට කියවලා බලලා තමන්ට ගැලපෙනවා නම් උඹව contact කරවී නේ

    එකනේ බං.
    මේකේ දාපන්. එතකොට ඕන එවුන් උඹට කතා කරාවි.
    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Call කරන කෙනා කොහොම කරත් call කරනවා මචන්. company වල ඕන තරම් databases තියෙනවා.

    මේකේ පොස්ට් එකක් දාල තියෙන්නේ එළකිරි එකේ අයට වැඩක් වෙන්න මිසක් , call කරන්න නොම්බර එකතු කරන්න නෙමයි මචන්.
    එහෙම කෝල් කරන නැ බන් කවුරුත්
    යකෝ මම ඔහොම ඉන්ෂුරන්ස් කාරයෙක්ට පස්සේ බලන්නම් කියල නම්බර් එක ඉල්ලා ගත්ත
    යකෝ මාස 6 තිස්සේ මට කෝල් ආව එක එක නම්බර් වලින්
    මම වෙන ඉන්සුරන්ස් එකක් ගත්ත කියල කුණුහරපෙන් බැනල තමා කෝල් එන එක නැතිකර ගත්තේ
    මුන් එනවා අපිව අන්දන්න
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    එහෙනම් උඹලගේ ඔය insurance plane එකේ සම්පුර්ණ විස්තරයම එළකිරියේ දාපන්කෝ උඹේ contact number එකත් එක්ක එතකොට ඕන කෙනෙක්ට කියවලා බලලා තමන්ට ගැලපෙනවා නම් උඹව contact කරවී නේ

    මූලික විස්තර මචන්, පලවෙනි පොස්ට් එකේම දාල තියෙන්නේ. ඕන අය ඉන්නවනම් contact කරාවි.

    health බෙනිෆිට් ප්ලෑන් එකක් ගත්තම මචන්, ඒක එකෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා , වයස , ඉන්න ෆැමිලි members ගැන, pay කරන්න පුළුවන් ගාන , health condition , ඔයවගේ ගොඩක් දේවල් තියෙනවා. එක හින්ද ඒක එක්කෙනාගෙන්, එක්කෙනාට වෙනස් .

    එහෙම කෝල් කරන නැ බන් කවුරුත්
    යකෝ මම ඔහොම ඉන්ෂුරන්ස් කාරයෙක්ට පස්සේ බලන්නම් කියල නම්බර් එක ඉල්ලා ගත්ත
    යකෝ මාස 6 තිස්සේ මට කෝල් ආව එක එක නම්බර් වලින්
    මම වෙන ඉන්සුරන්ස් එකක් ගත්ත කියල කුණුහරපෙන් බැනල තමා කෝල් එන එක නැතිකර ගත්තේ
    මුන් එනවා අපිව අන්දන්න

    මට තව කෙනෙක් ගැන කියන්න බෑ මචන්, මම මේකෙම වෙනම තැනක thread එකක් දාල ඇති මචන්, agent කෙනෙක් තෝර ගන්න විදිහ ගැනත් , company එකක් තෝර ගන්න විදිහ ගැනත්.