නංගි , මල්ලි ඔයාල මේ පාර Medicine සිලෙක්ට් උන කෙනෙක් නම් ඔයාට වැඩිපුරම ගැලපෙන්නේ Laptop එකක් නෙමේ Tab එකක්.

එක හේතුවක් තමා Lap එකකට වඩා Tab එකක් පාවිච්චි කරන්න පහසුයි.

Lecture hall එකේදි Lecture note එක බලාගන්න.ඒකෙ අමතර points ලියාගන්න වගේ ගොඩක් දේවල් වලට Tab එක ප්‍රයෝජනවත් .ඒත් ලැප් එකක් අපිට Lecture hall එකකදි use කරන්න අපහසුයි.

ඒ වගේම ඔයාල Clinical යද්දි උනත් ලැප් එක දිග ඇරගෙන හැමවෙලේම ඕන කරන දේවල් බලාගන්න අමාරුයි.

ඔයාලට Tab එකක් තියෙනවනම් ලේසියෙන්ම Lecture note එකට අමතර slides add කරගෙන points ලියාගන්න ,රූප සටහනක් ඇඳගන්න වගේ දේවල් කරන්න පුලුවන්.නමුත් Lap එකකින් ඒ දේ Tab එකකට සාපේක්ශව අපහසුයි
ඒ නිසා නංගි ,මල්ලි ඔයාල Lap එකකට වඩා Tab එකක් ගන්නවනම් ඔයාලගෙ වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් වේවී.
මුල් කාලේ Lap ගත්ත ගොඩක් Medical Studentලා පස්සෙ Tab ගන්නවා මේ කාරණා නිසා.ඒ වගේම පස්සෙ Lap එක On කරන්නෙවත් නෑ .ඒ නිසා ඔයාලගෙ මුදල් ඉතුරුකරගන්න පුලුවන් පලවෙනි පාරම Tab එකක් ගන්න එකෙන්.

Tab එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධානතම දේ තමයි Tab එකට Styles එකක් ( Pen) support කරන කියන කාරණය.
මේ Pen එක Daraz එකේ විකුනන්න තියෙන ලොකු රබර් තුඩක් සහිත (Tip) රු.500 ,1000 සාමාන්‍ය pen එකක් නෙමේ.මේ pen එකක් වෙනම ගන්නවනම් රු20,000 කට ආසන්නයි.
වෙලඳපොලේ තියෙන ගොඩක් Tab වලට මේ Styles pen එක support කරන්නෙ නෑ.ඒක support කරන Tab වර්ග කීපයයි තියෙන්නෙ.
( උදාහරණයකට Samsung Galaxy A series වල Tab වලට Styles එක support කරන්නෙ නෑ)
මොකද ඔයා Tab එක පාවිච්චි කරලා අතින් නෝට් එකක් හදනවනම් මේ Styles pen එක අත්‍යාවශ්‍යයි.අනික් සාමාන්‍ය pen වලින් මේ දේ කරන්න බෑ ( ගොඩක් අමාරුයි)
ඒ නිසා නංගි මල්ලි ඔයාල ගන්නවනම් පහතින් මන් සඳහන් කරන Tab වර්ග වලින් විතරක් මිලදී ගන්න

Samsung
Samsung galaxy s6 lite
Samsung galaxy S6
Samsung galaxy S7
Samsung galaxy S7 FE
Samsung galaxy S8

HUAWEI
Huawei MatePad 10.4 LTE (4G)
Huawei MatePad Pro 10.8
Huawei MatePad 11

XIAOMI
Xiaomi Mi Pad 5
Xiaomi Mi Pad 5 pro
නංගි , මල්ලි Apple Ipad වලින් ගන්නවනම් Ipad 8 හො ඊට ඉහල Version එකක් මිලදී ගන්න
(

Apple Pencil Support කරන ipad එකක් මිලදී ගන්න )
iPad (8th, and 9th generation)
iPad Air (3rd generation)
iPad mini (5th generation)
iPad Pro 12.9-inch (1st and 2nd generation)
iPad Pro 10.5-inch
iPad Pro 9.7-inch
ඉහතින් සඳහන් කරපු Tab වර්ග අතරින් ගොඩක් Medical Student ලා ගාව තියෙන්නෙනම් Samsung galaxy s6 lite tab එක.
අනිත් Android tab වලට සාපේක්ෂව samsung galaxy s series එකේ Tab වල styles pen එකේ Quality එක ඉහලයි.ඒක Note වලට Support කරන හැකියාව ඉහලයි
COPIED*