Medicines Prices ⬆️⬆️⬆️⬆️

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    ඩොලරයේ සිදුවුණු වෙනසත් සමඟ ඖෂධවල මිල ගණන් ඊට සමානුපාතිකව පවත්වාගෙන යා යුතු බවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
    ඒ අනුව ඖෂධවල මිල ගණන්වල වෙනසක් සිදුකිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
    රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය විසින් ඊට අදාළ කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
    මිල වෙනසක් සිදුනොකළහොත් පෞද්ගලික ඖෂධසැල් හිමියන් විසින් ඖෂධ සඟවා මිල වැඩිවීමක් වනතුරු බලා සිටිනු ඇති බවත්, ඉන් කෘතිම ඖෂධ හිඟයක් ඇතිවනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
    පැරසිටමෝල් හිඟය පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී සඳහන් කළ අතර ඔහු එහිදී කියා සිටියේ වෙළෙඳපොළ තුළ පැරසිටමෝල් හිඟයක් නොමැති බවයි.
    යම් වෙළෙඳ නාමයන් සහිත සමාගම් කිහිපයක් විසින් පැරසිටමෝල් නිකුත් කිරීම සීමා කර ඇති බවත්, එම වෙළෙඳ නාමයන් යටතේ පැරසිටමෝල් ලබාගත් අයට හිඟයක් ඇතිව තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
    පැරසිටමෝල් මිල ඉහළ දැමීමට සිදුවුණේ එම ඖෂධ නිෂ්පාදනය කිරීමට ගන්න අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (09) දින‍යේ හෝමාගම නව රාජ්‍ය ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    මිල සූත්‍ර කියන නම නොකියා ඕනෙ දෙයක් කරපුවාදෙන්