Megan Fox

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo

    megan-fox-kiss-756-709914.jpg




    බාහිරින් මෙගන් සියුමැලි පෙනුමක් උරුම කරගෙන සිටිය ද, තමන් ආකර්ෂණීයයි කියනවාට වඩා ඇය කැමැති තමන් කෙළින් කතා කරන බුද්ධිමත්, නිවැරැදියි කියා සිතන දේට සටන් කරන කෙල්ලකු සේ දකිනවාටයි.



    එහෙත් ඇය සිය ආකර්ෂණයේ සත්‍ය ලොවින් සඟවන්නේ කෙසේද?

    ඇය සුරංගනාවියක් වගේ හැඩකාර ය. එහෙත් මේ සුරංගනාවිය අඳුරට බිය ය. අඳුරට කෙතරම් බිය ද කිවහොත් විදුලි බල්බයක් නො දල්වා ඇයට එක් රැයක්වත් පහන් කිරීමට නම් නො හැකිය. මෙගන් ෆොක්ස්, හොලිවුඩ් තාරකා විමනේ බැබළෙන අඩි පහයි අඟල් 4 ක් උස පුංචි සුරංගනාවිය, අඳුරට මෙතරම් බිය ඇයි? ඇයගේ පියකරු රුව එවිට ලෝකයාට වඩාත් හොඳින් දිස් වේවියි කියා ඇති බියට ද?


    1231300188_1024x768_megan-fox-in-fall.jpg




    ලොව වඩාත්ම සොඳුරු රුවැත්තියන් අතර පෙරමුණේ සිටින හොලිවුඩ් තාරකාවක වන මෙගන් ෆොක්ස් නවතම සිනමා පටයෙන් රසිකයන් අතරට එන්නේ ද සුරංගනාවියක ලෙසින්ය. ඇය පැෂන් ප්ලේ සිනමා පටයේ පණ පොවන්නේ ලිලී නම් කුරුලු කාන්තාවගේ චරිතයයි. පිටට සම්බන්ධ කළ විශාල තටු දෙකකින් සැරසී, බිකිනියක් පමණක් ඇඳ සිටින මෙගන්ගේ සුරූපී රුව රැගත් රූප රාමු පෙළක් පසුගිය දා ලොව පුරා ප්‍රේක්ෂක නෙත් පැහැර ගත්හ. මෙගන් එහි ළැම පෙදෙස වසාගෙන සිටියේ දෑතිනි. සිනමා පටය වීඩියෝ සිනමා පටයක් ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙයි.


    megan-fox-nude-in-passion-play3.jpg




    ෆ්රෙන්ඩ්ස් විත් කිඩ්ස් මෙගන්ගේ රූගත කෙරෙමින් පවතින නවතම සිනමා පටයයි. මේ වන විට මෙගන්ට ජීවිතයේ සතුටු විය හැකි කරුණු බොහෝය. රේසරයක් මිල දී ගැනීමට තරම්වත් වත්කමක් නො මැතිව හොලිවුඩයට පැමිණි ඇය දැන් එහි රැජනකි.


    මෙගන්ගේ ඇසිපිය නො ගසා බලා සිටින්නට ආසා සිතෙන රුවෙහි රහස ඇත්තේ ඇයගේ ජානවලයි. මෙගන් අයිරිෂ්, ප්‍රංශ සහ අමෙරිකා ස්වදේශික සම්භවයකින් යුක්තයි. මව, පියාගෙන් ඇය කුඩා වියේදීම දික්කසාද වීම නිසා ඇයට හැදෙන්නට, වැඩෙන්නට සිදු වූයේ මව හා සුළු පියා යටතේයි.


    ‘පිරිමි යහළුවන් ආශ්‍රය කරන්න බෑ. ගෙදරට පිරිමි ළමයි ගෙන්නන්න බෑ’ ඇයට ඔවුන්ගෙන් පැනවුණු ප්‍රධානම තහංචියයි. එහෙත් ඔවුන් කිසි විටකත් ඇයගේ කලා ජීවිතයට නම් අණ පනත් නො පනවන ලදී.
    රංගනය හා නර්තනය මෙගන් හැදෑරුවේ වයස අවුරුදු පහේ සිටයි. ඇයගේ හැඩකාර සිරුරට පාසල් වියේදී පිහිනීම ද උපකාරී වන්නට ඇත. දහතුන් හැවිරිදි නව යෞවනියක ලෙස මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට හැකිවීමෙන් ඇයගේ සිනමා සම්ප්‍රාප්තියට මාවත විවර වුණි.
    මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ජයග්‍රහණ, සම්මාන ලබා සිටි ඇය වයස අවුරුදු දාහතේදී ලොස් ඇන්ජලීස් නුවරට පැමිණියාය. එහෙත් ඇයගේ මංගල රංගනය ඇතුළත් වන්නේ සොළොස් හැවිරිදි වියේදී රඟපෑ ‘හොලිඩේ ඉන් ද සන්’ ඩීවීඩී චිත්‍රපටයටයි. තිරගත වුණ පළමු සිනමා පටය කොන්ෆෙෂන්ස් ඔෆ් අ ටීනේජ් ඩ‍්‍රාමා ක්වීන්ය. 2007 දී ‘ට්‍රාන්ස්ෆෝමර්’ සිනමා පටයෙන් මෙගන් ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තාය. ඇය එම් ටී වී සිනමා උළෙලේත්, ටීන් චොයිස් සම්මාන උළෙල තුනකත් සම්මාන සඳහා නිර්දේශ වූවාය.
    ඇය එමිනම්ගේ සහ රිහානාගේ ගීතවල නිරූපණ ශිල්පිනියක ලෙස ද හද දිනා ගත්තියකි.


    බාහිරින් මෙගන් සියුමැලි පෙනුමක් උරුම කරගෙන සිටිය ද, තමන් ආකර්ෂණීයයි කියනවාට වඩා ඇය කැමැති තමන් කෙළින් කතා කරන බුද්ධිමත්, නිවැරැදියි කියා සිතන දේට සටන් කරන කෙල්ලකු සේ දකිනවාටයි. එහෙත් ඇය සිය ආකර්ෂණයේ සත්‍ය ලොවින් සඟවන්නේ කෙසේද? මේ වන විට මෙගන් ෆොක්ස් සඟරා කවර සරසන්නියකි. ඇය ලොව සුරූපීම සහ සරාගීම තාරකා නාම ලේඛනයේ මුල් අංක අතර සිටින්නේ ජනතා මනාපයෙනි.


    ෆොක්ස් වැඩි දෙනකු සමාන කරන්නේ ඇන්ජලිනා ජොලීටය. එයට හේතුව දෙදෙනාම ටැටූවලින් සිරුර සිත්තම් කරගෙන සිටීමයි. ඒ වාගේම මේ හොලිවුඩ සුරූපිනියෝ සරාගී සංකේත ලෙස ගොඩ නැඟෙමින් සිටින්නියෝයි. දෙදෙනාම ක්‍රියාදාම වීරවරියන් ලෙස ප්‍රේක්ෂක සිත් දිනා අවසන්ය. මීළඟ ලාරා ක්‍රොෆ්ට් සිනමා පටයට ඇන්ජලිනා ජොලී වෙනුවට මෙගන් ෆොක්ස් ගන්නා බවට ද රාවයක් මේ අතර පවතී.
    ටැටූ (පච්ච) නිසා වගේම මෙගන්ගේ ආදර සබඳතාව ද පුවත් සාගරයකි. ඇයට ‘හෝප් ඇන්ඩ් ෆේත්’ රූගත කරද්දී මුණ ගැසුණු නළු බ්‍රයන් ඔස්ටින් ග්‍රීන්, කලකදී මිතුරු, කලකදී වෙන්වන පෙම්වතා විය. දෙදෙනා 2004 දී මුල් වරට හමුවන විට මෙගන්ට වයස දහ අටකි. බ්‍රයන් තිස් හැවිරිදිය. 2006 දී විවාහ ගිවිස ගෙන, යළි 2009 දී වෙන් වී යළි 2010 ජූනි මස විවාහ ගිවිස ගත් දෙදෙනා 2010 ජූනි 24 දින ලොවට හොර රහසේ හවායි හිදී විවාහ විය. කලින් විවාහයෙන් බ‍්‍රයන්ට අට හැවිරිදි පුතකු සිටින අතර මෙගන් දැන් ඔහුට කාරුණික කුඩම්මා කෙනකි.


    ගුවනේ ගමනට භීතිකාවක් ඇති ෆොක්ස් හඳුන් වන්නේ ආත්ම විශ්වාසය අඩු කෙනකු හැටියටයි.
    ටැටුවලට වගේම මෙගන්ගේ ලෝකයේ විකට පොත්වලින්, සතුන්ගෙන් සහ වීඩියෝ ක්‍රීඩාවලින් පිරී පවතී.
    මෙගන් ෆොක්ස්ගේ උසට සරිලන මහත ගැන ලොව නො දන්නා රහසක් තිබේ. ඒ මෙගන්ගේ කෑම පිසීමට ඇති නො හැකියාවයි. මෙගන් පිසින ආහාර, ඇයටම කෑමට ගැනීම කෙතරම් අසීරුදැයි කිවහොත් ‘කුසගින්නේ සිටියත් මං නම් මගේ කෑම කන්නේ නැහැ’ කියා වරක් ඇය ප්‍රකාශ කළාය. එයින් අපට සිතා ගත හැක්කේ ඇයගේ ආහාර පාලනය ඉබේටම සිදුවන්නක් කියායි.
    අන්තර්ජාලයෙනි


    මං මේක ගත්තේ නම් අද දිනමිණ පත්තරේ ක්ෂිතිජය තියන අතිරේකයෙන්.


    දන්නවනේ හොඳ නම් ඉතිං REP + හරි COMMENTS පාරක් හරි දාලා යන්න.

     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    " රේසරයක් මිල දී ගැනීමට තරම්වත් වත්කමක් නො මැතිව හොලිවුඩයට පැමිණි ඇය දැන් එහි රැජනකි."


    අඩේ මෙයාට මොකටද බන් Razer එකක්,අනික කෙල්ලන්ට මොකටද Razers :rolleyes::rolleyes::eek::eek:
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    " රේසරයක් මිල දී ගැනීමට තරම්වත් වත්කමක් නො මැතිව හොලිවුඩයට පැමිණි ඇය දැන් එහි රැජනකි."


    අඩේ මෙයාට මොකටද බන් Razer එකක්,අනික කෙල්ලන්ට මොකටද Razers :rolleyes::rolleyes::eek::eek:


    Api Babala....................

    :lol::lol::lol:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    තොරතුරු ටිකනම් නියමයි.. :)
    ත්‍රෙඩ් එක තවත් ලස්සන වෙනවා උඩම තියන image එකේ size එක පොඩ්ඩක් අඩු කලානම්.... :yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තොරතුරු ටිකනම් නියමයි.. :)
    ත්‍රෙඩ් එක තවත් ලස්සන වෙනවා උඩම තියන image එකේ size එක පොඩ්ඩක් අඩු කලානම්.... :yes:
    සිරාවටම
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    " රේසරයක් මිල දී ගැනීමට තරම්වත් වත්කමක් නො මැතිව හොලිවුඩයට පැමිණි ඇය දැන් එහි රැජනකි."


    අඩේ මෙයාට මොකටද බන් Razer එකක්,අනික කෙල්ලන්ට මොකටද Razers :rolleyes::rolleyes::eek::eek:


    එහේ වීට් තියෙන්න නැතුව ඇති.ඒකයි රේසර් හොයලා තියෙන්නේ.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    kohomada karanne, atthatama man danne naa..........

    :no::no::no:

    ත්‍රෙඩ් එකේ edit
    341Snap_2011.05.27_15h34m.png
    කියන button එක click කරලා ඔයා දාල තියන image එක අයින් කරලා මේ ලින්ක් link එක copy කරල එතෙන්ට past කරන්න....:yes:

    HTML:
    [img]http://tictok.us/images/527megan_fox_kiss_756_709.jpg[/img]
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ත්‍රෙඩ් එකේ edit
    341Snap_2011.05.27_15h34m.png
    කියන button එක click කරලා ඔයා දාල තියන image එක අයින් කරලා මේ ලින්ක් link එක copy කරල එතෙන්ට past කරන්න....:yes:

    HTML:
    [img]http://tictok.us/images/527megan_fox_kiss_756_709.jpg[/img]


    Ane Macho, Thread Eka Dapu Dawase Vitharada Koheda Edit Karanna Denne, Man Baluwa, Eeth Edit Kiyala Thiyena ICON Eka Penna Naa...

    Sry,

    :no::no::no: