මේ ජීවිතය තුළ අඩුම ගණනේ සෝවාන්ඵලයටවත් එනවානම් ආරක්ෂාවක් ලැබෙනවා, නේද? අඩුම ගණනේ හැකි තරමින් ධර්මයේ හැසිරෙනවනම්, නැවත ධර්මය අහන්න ලැබෙන තැනක උපතවත් ලබයිනෙ. ධර්මය අහන්න ලැබෙන එකමත් පිනක්.


දේශනාවේ සඳහන් වන්නේ කෙනෙක් තුල ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තියෙනවනම් එයා සතර අපායෙන් නිදහස් කියලයි.....

මේ දේශනාවෙ එතනින් නතර වෙනවා ඇත්තෙ මාර්ගයේ ගමන් කිරීම ඇරඹෙන්නෙ ශ්‍රද්ධාවෙන් නිසා. නමුත් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී අවස්ථා පසු කරලා, සෝවාන් ඵලය ලැබූ කෙනෙක් තමයි සතර අපායෙන් නිදහස් වෙනවාය කියන්නෙ. බලන්නකො වෙනත් දේශනා. සෝවාන් වීම සඳහා තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම අවශ්‍යයි. තවත් මොකක්දෝ ඕන, මට මතක නෑ.![]()
මේ දේශනාවෙ එතනින් නතර වෙනවා ඇත්තෙ මාර්ගයේ ගමන් කිරීම ඇරඹෙන්නෙ ශ්‍රද්ධාවෙන් නිසා. නමුත් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී අවස්ථා පසු කරලා, සෝවාන් ඵලය ලැබූ කෙනෙක් තමයි සතර අපායෙන් නිදහස් වෙනවාය කියන්නෙ. බලන්නකො වෙනත් දේශනා. සෝවාන් වීම සඳහා තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම අවශ්‍යයි. තවත් මොකක්දෝ ඕන, මට මතක නෑ.![]()
සෝවාන් මාර්ගය ක්‍රම 2ක්කට විස්තර කරන්න පුලුවන්...
එ දෙකෙහිම අඩංගු වෙන්නෙ අවස්ථා 4ක් ගැන. මට මතක 1ක් ක්‍රමයක් විතරයි. අනික හොයලා කියන්නම්...
1. බුද්ධ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම්.
2. ධර්ම රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම්.
3. සංඝ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබීම්.
4. සීලය සමාදන් වීම.
ඔය පමනින් එයා ඉන්නෙ සෝතාපත්ති මාර්ගයේ...
ඔව්, මං හිතන්නෙ මම ඕක ගැන අහල තිබුණෙ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියල. අචල ශ්‍රද්ධාවක් සමග ඒ පෙන්නපු මාර්ගයෙ ගමන් කරන කෙනෙක් වෙන්නත් ඕනෙ. සීලය කිව්වම ගොඩක් පුළුල් නේද? නමුත් ආර්ය සත්‍යය අවබෝධ කරන්නනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ ගමන් කරන කෙනෙක් වෙන්න ඕනනෙ. ඒ කියන්නෙ යම් තාක් දුරකට ඒ හැම අංගයක්ම වඩන කෙනෙක් වෙන්න ඕනෙ නේද? මේ දේශනයෙ තියෙන්නෙනම් පංච ශීලය ඉතා හොඳින් ආරක්ෂා කරගන්න කියල. කයින්, වචනයෙන් සිදුවෙන නරකම අකුසල්වලින් මිදෙන නිසා වෙන්නැති.
මෙතෙන්දි මට හිතෙනවා දිනපතා පන්සිල් ගැනීමෙන් මේ සීලය අලුත් කර ගැනීමේ වැදගත්කම. මොකද, හැමදාම ඒ ගැන සිහි කරනකොට තමයි තමන් අතින් කැඩුණු සිල්පද පෙනෙන්නෙ. ඒවා හරියට රකින්න උනන්දුවක් එන්නෙ.
මෙහෙමයි. පන්සිල් අරගෙන රාත්‍රි කාලෙ නින්දට පෙර තමුන් රැකූ සීලය ගැන හිතල සතුටට පත්වෙන්නත් ඕනි.. ඒකෙන් සිහියත් දියුනු වෙනවා..
අනේ මෙච්චර සතුන් මරන ලොකෙ මන් අද සත්ව ඝාතනයෙන් වෙන් වෙලා නේද හිටියෙ ආදි වශයෙන් මෙනෙහි කරද්දි හරිම සතුටක් එනවා හිතට...
