MENNA GALA

bubu

Active member
  • May 23, 2008
    442
    48
    28
    UAE
    929056542gala-L.jpg

    හම්බන්තොට ගල මට්ටු කරන්නට චීනයෙන් ඩොලර් මිලියන 40 ක් ඉල්ලයි

    August 24, 2011 11:19 am

    අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදිකෙරුණු හම්බන්තොට වරායට විශාල පරිමාණයේ නෞකා ඇතුළත් කළ නොහැකි ලෙස බාධාවක්ව පවතින විශාල ගල් පරය ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණය අධාරයක් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

    ශ්‍රී ලංකා වරයා අධිකාරිය විසින් මෙම ඉල්ලීම ඊයේ දිනයේ(23)කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

    2010 වසරේ අගෝස්තු මාසයේදී මෙම නව වරාය විවෘත කරනු ලැබු බවත්,වසරකට නෞකා 2500 ක් පමණ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වුණු බවත්,30 වසරක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රජය රට පුරා ඩොලර් බිලියන 6 ක සංවර්ධන කටයුතු දියත් කර තිබුණු බවත් රොයිටර් පුවත් පෙන්වාදෙයි.

    එසේ වුවද මෙම වරායට නෞකා ඇතුළත් කළ නොහැකි පරිදි විශාල ගල් පරයක් ඇති බවත්,එය රජයේ සැලසුම් හා කළමනාකාරිත්වයේ දුර්වලතාවක් බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පෙන්වා දුන් බව එහි සඳහන් වේ.