Mewa Paw Wada Ne da?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ”ලංකා” මිය ගියේ අකුණු සැර වැදීමෙන් නොවේ…



    lankadeath01.jpg


    lankadeath02.jpg



    පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ‘ලංකා’ නම් අලියා 2012 අපේ‍්‍රල් මස 13 වන දින අකුණු සැර වැදීමෙන් ඉංගිරිය, අක්කර විස්ස ප‍්‍රදේශයේ දී මිය ගිය බව බොහෝ ජනමාධ්‍යවල ප‍්‍රචාරය විය. නමුත් මේ සතා මිය ගියේ අකුණු සැර වැදීමෙන් නො ව අධික ලෙස වැඩ ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස හා හෙණ්ඩු පහරවලට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස බව අප විසින් සිදු කෙරුණු කරුණු සොයා බැලීම්වල දී තහවුරු වී තිබේ.

    ‘ලංකා’ ගේ ඉදිරි දකුණු පාදයේ හෙණ්ඩු පහරවල් නිසා ඇති වූ දරුණු තුවාලය මේ සතා මිය යෑමට ප‍්‍රධානත ම හේතු සාධකයක් වී ඇත. නමුත් මේ සතා බලාගත් පශු වෛද්‍යවරිය ඇතුළුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ පශු වෛද්‍ය කණ්ඩායම මේ තත්ත්වය වසං කිරීමට පියවර ගනිමින් සිටී. එම ස්ථානයේ අකුණු සැරක් වැදුණු බවට කිසිදු සළකුණක් නොමැති අතර ‘ලංකා’ ව හිරවන සේ බැද තැබූ දංවැල් රාශියක් පමණක් දැක ගත හැකි විය.

    දැනට වසර ගණනාවක සිට ඉංගිරිය ප‍්‍රදේශයේ කොටන් ඇදීම සිදු කරන මේ අලියා නිසි පෝෂණයක් නොලැබීම හා අධික ලෙස වෙහෙසට පත් කරමින් වැඩ ගැනීම හේතුවෙන් දරුණු ලෙස දුර්වල ව සිටි අතර දකුණු ඉදිරි පාදයේ තුවාලය හේතුවෙන් දැඩි වේදනාවකින් ජීවත් විය. පසුගිය අලූත් අවුරුදු නිවාඩු දින කිහිපයේ පොල්වත්තේ හුදෙකලාව බැද සිටි මේ සතා නිරන්තරයෙන් කෑ ගසා ඇති අතර ඒ පිළිබඳ ව ප‍්‍රදේශවාසීන් විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කර තිබේ. නමුත් නිවාඩු දින කිහිපයක් නිසා අදාළ නිලධාරීන්ට මේ පිළිබඳ ව සොයා බැලීමට නොහැකි වී ඇත.

    ”ලංකා” මිය ගිය පසු ව ජාතික සත්වෝද්‍යානයෙන් හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ ව ප‍්‍රමාණවත් සොයා බැලීමක් සිදු කර නොමැත. අඩුම තරමින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් හෝ විශ්ලේෂණාත්මක ව පරීක්ෂාවට ලක් කර නොමැත. එවන් තත්ත්වයක් තුළ නැවත වරක් මේ විහාරස්ථානයට පින්නවල අලි අනාථාගාරයෙන් හොර රහසේ අලි – ඇතුන් ලබාදිය හැකිය.

    කෝට්ටේ රජමහා විහාරයේ පළමුව සිටි රාජා නම් ඇතා මිය ගියේ ද ඉංගිරිය ප‍්‍රදේශයේ දී ය. කොටන් ඇදීම සඳහා ලොරියකින් ගෙන යමින් සිටිය දී ලොරි තට්ටුව කඩා වැටීමේ ප‍්‍රතිඵලයක් ලෙස දරුණු ලෙස තුවාල ලබා දින ගණනාවක් මහ ඉංගිරියේ වත්තක පොල් කොටන් ආධාරයෙන් බැද තබා සිටි මේ සතා අවාසනාවන්ත ලෙස මරණයට පත් විය. මේ ඇතා මිහිදන් කළ දින රාත‍්‍රියේ හිටපු විහාරාධිපති හිමියන් විසින් තවත් කිහිප දෙනෙකු ගේ උදව් උපකාර ඇතිව ඇතා ගේ දළ යුගල ගලවා ගැනීම සිදු කෙළේ ය.

    ”ජය ශ‍්‍රී” නැතහොත් ”දිවුලා” නමින් හඳුන්වන 1982 වසරේ දී පින්නවල අලි අනාථාගාරයෙන් කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් අලියා ද මිය ගියේ අධික ලෙස වැඩ රැකගැනීමේ හා නිසි පරිදි ආහාර හා ජලය ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස ය. ”ජය ශ‍්‍රී” මිය ගියේ 2010 සැප්තැම්බර් මස 9 වන දා ය. මේ සතා ඉංගිරිය ප‍්‍රදේශයේ අධික ලෙස කොටන් ඇදීමේ රාජකාරිවලට යොදවා සිටි අතර නිසි පරිදි ආහාර ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ සතා අත්ගොව්වන්ට පාලනය කර ගත නොහැකි තත්ත්වයක පසු විය. මේ හේතුව නිසා ම වයෝවෘද පුද්ගලයකුව 2010 අගෝස්තු මස 18 වනදා ”ජය ශ‍්‍රී” විසින් මරා දමන ලදි. ඊට පළිගැනීමක් වශයෙන් ඇත්ගොව්වන් හා මේ සතා ගෙන් වැඩගත් පුද්ගලයන් විසින් ”ජය ශ‍්‍රී” ට ආහාර හා ජලය ලබා නොදී දින තුනක් එක ස්ථානයක බැද තැබීම සිදු කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ සතා විජලනය හේතුවෙන් මරණයට පත් විය.

    දැනට මේ විහාරස්ථානය සතුව අලි -ඇතුන් සිව් දෙනෙක් සිටී. ”සුරතලා” ලෙස හඳුන්වන අලියා 1978 වසරේ දී පින්නවල අලි අනාථාගාරයෙන් ලබා දී තිබේ. 1996 වසරේ දී පින්නවල අලි අනාථාගාරයෙන් ලබාදුන් ”හේමන්ත” නම් අලියා, ”සුරතල් රාජා” හෙවත් ”කළුවා” ලෙස හඳුන්වන අලියා සහ 2009 වසරේ දී මියන්මාරයෙන් ලබාදුන් ඇතා ඒ අතර වේ. නමුත් රජමහා විහාරයේ දැනට සිටින්නේ මියන්මාරයෙන් ලබාදුන් ඇතා පමණි. අනෙක් එක අලියෙකුවත් රජමහා විහාරයේ පෙරහැර දිනයේ දී හෝ විහාරස්ථානයට රැගෙන එන්නේ නැත. ඊට හේතුව ඒ සතුන් ඉංගිරියේ කොටන් ඇදීමට යොදවා තිබෙන නිසා ය.

    කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිපති අලූත්නුවර අනුරුද්ධ හිමියන් විසින් ”සුරතලා, හේමන්ත හා සුරතල් රාජා” ව ඉංගිරියේ ඊ.ඞී. පද්මශාන්ත හෙවත් මද්දු අයියා යන අයට ලබා දී තිබේ. ඔහු විසින් මේ සතුන් ගෙන් කොටන් ඇදීම සිදු කරන අතර විහාරාධිපති හිමියන්ට මසකට වරක් ඒ වෙනුවනේ අදාළ ගාස්තු පරිනැමීම සිදු කරයි.

    ”ලංකා” මිය යන විට සිටියේ ද ඊ.ඞී. පද්මශාන්ත යන අය භාරයේ ය. ඔහු විසින් මේ සතුන් නිසි පරිදි රැකබලා නොගැනීම, පෝෂණය නොකිරීම, පාලනය කිරීම සඳහා සතුන්ට දැඩි ලෙස හිංසා කිරීම යන ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස මේ සතුන් දරුණු ලෙස දුර්වල තත්ත්වයට පත් ව සිටී.

    පින්නවල අලි අනාථාගාරයෙන් ලබාදුන් දැනට ඊ.ඞී. පද්මශාන්ත භාරයේ සිටින ”සුරතලා” අද වන විට දරුණු ලෙස තුවාල ලබා සිටී. ඊට හේතුව තව අලියකු සමඟ කොටන් ඇදීමේ යෙදී සිටිය දී ප‍්‍රපාතයකට වැටීමයි. ඒ හේතුවෙන් මේ සතා ගේ හක්ක ප‍්‍රදේශය දරුණු ලෙස තුවාල වී ඇති අතර එක් පාදයක් ද කැඞීමට ලක් වී ඇත. දැනට මේ සතා දරුණු ලෙස දුර්වල ව සිටී.

    මේ සතුන් හිංසාකාරී ලෙස තබා ගැනීම, සන්තකය වෙනත් අයට පැවරීම, නිසි පරිදි පෝෂණය නොකිරීම, මේ සතුන් දරුණු ලෙස තුවාල ලබා සිටීම යන කරුණු සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇත. මේ සතුන්ට සිදුවන සත්ත්ව හිංසනයට එරෙහිව, සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනතට අනුව සහ මේ සතුන් නිසි පරිදි ලියාපදිංචි නොකිරීම හා සන්තකය නීති විරෝධී ලෙස පැවැරීමට එරෙහිව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. ඔවුන් මේ නීති දැන්වත් ක‍්‍රියාත්මක කරනු ඇතැයි අප විශ්වාස කරමු.

    ඇත්ගොව්වකු වන ඇඞ්ඩින් සිංඤෝ හෙවත් ”අලි ඇඞ්ඩින්” ගේ පුත‍්‍රයකු වන ඊ.ඞී. පද්මශාන්ත භාරයේ සිටින කෝට්ටේ රජමහා විහාරයට අයත් එක ම අලියකුවත් පෙරහැරකට පවා මේ විහාරස්ථානයට රැුගෙන නොඑන්නේ විහාරස්ථානයේ දායක සභාව විසින් ඒ සතුන් විහාරස්ථානයේ භාරයට ලබා ගනී යැයි අනියත බිය නිසා ය. නමුත් විහාරාධිපති හිමියන් විසින් මේ තත්ත්වය වසං කරමින් මසකට වරක් ඊ.ඞී. පද්මශාන්ත ලබාදෙන මුදලට ලොල් වී මේ සතුන් පිළිබඳ ව කුමන ආකාරයක හෝ සොයා බැලීමක් සිදු නොකරති.නමුත් පින්නවල අලි අනාථාගාරයේ නිලධාරීන් හා ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ භාෂ්වර සේනංක ගුණරත්න මහතා විසින් සෑම විට ම පවසන්නේ පින්නවල අලි අනාථාගාරයෙන් විහාර හා දේවාලවලට අලි – ඇතුන් ලබාදීමට ප‍්‍රථම ඒ ස්ථානයේ අලි තබාගැනීමේ හැකියාව හා එම සතුන් රැුකබලා ගන්නා ආකාරය පිළිබඳ ව සොයා බලන බවය. තව ද අලි – ඇතුන් ලබාදීමෙන් පසු ව ද ඒ සතුන් පිළිබඳ ව සොයා බලන බව ඔහු පවසයි. නමුත් මෙය සම්පූර්ණ මුසාවකි. පින්නවල අලි අනාථාගාරයෙන් ලබාදෙන සියලූ අලි ඇතුන්ට අත් වන්නේ මේ ඉරණමය. මේ සතුන් ගෙන් අධික ලෙස වැඩ ගැනීම හා නිසි පරිදි පෝෂණය නො කර මුදල් ඉපයීම පමණක් සිදු කරති. තව ද පින්නවල අලි අනාථාගාරයෙන් විහාරස්ථානවලට ලබාදෙන අලි – ඇතුන් සිටින්නේ එම විහාරස්ථානවල නො ව වෙනත් ජාවාරම්කරුවන් සතුව ය. ඔවුන් එම සතුන් ගෙන් හොර දැව ජාවාරම් ආදිය සිදු කරන අතර සමහර සතුන් සංචාරකයින් පිටමත තබා ගෙන යන ”සෆාරි” සඳහා යොදවයි.

    මෙවන් යථාර්තයක් පවතිද්දී හීලෑ අලි – ඇතුන් හිමියන් ගේ සංගමය හා දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර ප‍්‍රමුඛ හීලෑ අලි – ඇත් පරපුර ගැන කතා කරන පුද්ගලයන් පවසන්නේ පෙරහැරවල් කර ගෙන යෑමට අලි – ඇතුන් හිඟ බවත් පින්නවල අලි අනාථාගාරයෙන් හෝ වනාන්තරයෙන් අලි – ඇතුන් අල්ලා හෝ තමන් වෙත ලබාදෙන ලෙස ය. මෙහි සත්‍ය මෙය නො වේ. මොවුන් පවසන්නේ හොර දැව ජාවාරම් සඳහා කොටන් ඇදීමට, සංචාරකයන් පිට මත ගෙන යාමෙන් මුදල් ඉපැයීමට අලි – ඇතුන් ලබාදෙන ලෙස ය. ඒ සඳහා ඔවුන් විසින් මවා ගත් ව්‍යාජ පෙරහැර කෙරෙහි භක්තියක් උලූප්පා දක්වමින් මුළු මහත් සමාජය හා පාලක පක්ෂය මුලා කරති. මේ බොරුවලට රැුවටෙන පාලක පක්ෂය පරිසරවේදීන්ට හා සත්ත්වවේදීන්ට බැන වදිමින් හොර රහසේ අලි – ඇතුන් විවිධ විහාරස්ථානවලට ලබා දෙති. අවසානයේ නිරාහාරව, අධික ලෙස වැඩ කරමින් තම හාම්පුතුන් පොහොසත් කර මේ සතුන් අවාසානාවන්ත ලෙස මිය යයි.

    එබැවින් අප වගකීමෙන් යුතු ව ලියා තබන්නේ අලි – ඇතුන් කිසිදු පෞද්ගලික හිමිකරුවකුට පැවැරීමට නොහැකි වන ලෙස නීති සංශෝධනය කළ යුතු බව ය. තව ද අතීතයේ සිට පැවත එන පෙරහැර කටයුතු සිදු කෙරෙන විහාරස්ථාන හා දේවාලවලට පමණක් අලි – ඇතුන් තබා ගැනීමේ හැකියාව ලැබෙන පරිදි පවතින නීති සංශෝධනය කළ යුතු බව අප අවධාරණය කර සිටිමු.






    - සජීව චාමිකර / පරිසර සංරක්ෂණ භාරය


    :(:(:(:(:(
     
    • Like
    Reactions: ROMid

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    ඇයි බන් මේ විදියට මේවා සිද්ද වෙද්දී මිනිස්සු නිකම් බලාගෙන ඉන්නේ. කෝට්ටේ පන්සලේ කොන්දක් තියන දායකයෝ කියල ජාතියක් නැදද?​

    dg.jpg



    National zoological Gardens
    Anagarika Dharmapala Mawatha,
    Dehiwala.
    Sri Lanka
    Telephone +94112761554
    Fax +94112734542
    E-mail [email protected]

    Director +94112761554 +94112734542
    Deputy Director (Genaral) +94112717913
    Additional Director (Aqerium and Reserch) +94112729792
    Additional Director (Genaral) +94112712752


    Email: [email protected] | Tel: +94352266116 | Fax: +94352264533

    ඔන්‍න‍ මම නම් වැද පටන්ගත්ත :yes:
     
    • Like
    Reactions: nj542

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකුන් තමයි සාසනයේ ඇතුලේ ඉදන් ඒක කන්නේ. මුන්ව මුලින්ම පන්නන්නයි තියෙන්නේ. :angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇයි බන් මේ විදියට මේවා සිද්ද වෙද්දී මිනිස්සු නිකම් බලාගෙන ඉන්නේ. කෝට්ටේ පන්සලේ කොන්දක් තියන දායකයෝ කියල ජාතියක් නැදද?​

    dg.jpg



    National zoological Gardens
    Anagarika Dharmapala Mawatha,
    Dehiwala.
    Sri Lanka
    Telephone +94112761554
    Fax +94112734542
    E-mail [email protected]

    Director +94112761554 +94112734542
    Deputy Director (Genaral) +94112717913
    Additional Director (Aqerium and Reserch) +94112729792
    Additional Director (Genaral) +94112712752


    Email: [email protected] | Tel: +94352266116 | Fax: +94352264533

    ඔන්‍න‍ මම නම් වැද පටන්ගත්ත :yes:

    ඕකුන් තමයි සාසනයේ ඇතුලේ ඉදන් ඒක කන්නේ. මුන්ව මුලින්ම පන්නන්නයි තියෙන්නේ. :angry:


    :(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,427
    113
    අවිහිංසා වාදයේ පියා ගේ පන්සල් වල හාමුදුරුවරු සත්තුන්ට දෙන වද,,,,,
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    ane aththata mehemath ratak?. :angry:
    mahalokuwata buddagama oluwe thiyan marenna hadanawa..

    e unata pansal pansal gane ahinsaka saththunta dasa wada didi marala danawa.. :angry:
    agamakata agawrawa karanawa nemei.. eth me wage wada karana kata unath (hamuduruwo unath) hena gahanna one :angry:

    mechchara diyuni wechcha samajayaka, thamath ahinsaka saththungen mehema wada ganan onida?.

    budu hamuduruwo kothanada kiyala thiyenne, alinge pita karadu wadammanna kiyala?..
    danna ekek mata pennapan balanna?. :angry:

    me kalakanna haththata nam hondak wenne na..

    minissu gihin me ahinsaka saththun jeewath wena kala okkoma nathi karala danawa madiwata, unta yahathin jeewath wenna denneth na..

    musala haththa...
    mun okkoma athugawila yanna one.. :angry:

    paw asarana saththu... :(:(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ane aththata mehemath ratak?. :angry:
    mahalokuwata buddagama oluwe thiyan marenna hadanawa..

    e unata pansal pansal gane ahinsaka saththunta dasa wada didi marala danawa.. :angry:
    agamakata agawrawa karanawa nemei.. eth me wage wada karana kata unath (hamuduruwo unath) hena gahanna one :angry:

    mechchara diyuni wechcha samajayaka, thamath ahinsaka saththungen mehema wada ganan onida?.

    budu hamuduruwo kothanada kiyala thiyenne, alinge pita karadu wadammanna kiyala?..
    danna ekek mata pennapan balanna?. :angry:

    me kalakanna haththata nam hondak wenne na..

    minissu gihin me ahinsaka saththun jeewath wena kala okkoma nathi karala danawa madiwata, unta yahathin jeewath wenna denneth na..

    musala haththa...
    mun okkoma athugawila yanna one.. :angry:

    paw asarana saththu... :(:(


    :(kiyala wadak naha ban.mewayin wenne buddagama winasa wena eka.mun siwuru horu.hoda hamuduruwontath mun apahasayak.nikan kaka bibi mun karana wada thama me.ara ruwanwalleth hitiye me wage siwuru horek.:angry:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    :(kiyala wadak naha ban.mewayin wenne buddagama winasa wena eka.mun siwuru horu.hoda hamuduruwontath mun apahasayak.nikan kaka bibi mun karana wada thama me.ara ruwanwalleth hitiye me wage siwuru horek.:angry:

    thanx 4 sharing this bun..
    nathnam me wisthara kawadawath public ekata yanne na..
    nikan ma yata gahanawa..

    oya ekkenek contact detaisl dala thiyenawa neda?.
    eke thiyena mails walata hondata banala complain karanna..
    mama nam damma..:growl::growl::growl:
    umbalath karapalla... :(:(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    thanx 4 sharing this bun..
    nathnam me wisthara kawadawath public ekata yanne na..
    nikan ma yata gahanawa..

    oya ekkenek contact detaisl dala thiyenawa neda?.
    eke thiyena mails walata hondata banala complain karanna..
    mama nam damma..:growl::growl::growl:
    umbalath karapalla... :(:(

    :yes: