MH17ට මිසයිල එල්ල කළේ කවුද?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
MH17ට මිසයිල එල්ල කළේ කවුද?

MH17 යානයට මිසයිල ප්‍රහාරය එල්ල කළේ කවුද? අමෙරිකාව ප්‍රහාරකයින් සොයා අලුත් මෙහෙයුමක් අරඹයි

පුද්ගලයින් 298 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු මලයාසියානු ගුවන් සේවයට අයත් MH17 යානයට මිසයිල ප්‍රහාරය එල්ල කළේ, කවුරුන්දැයි සොයා අමෙරිකාව, ඔත්තු බැලීමේ චන්ද්‍රිකා තොරතුරු විශ්ලේශනයක් ආරම්භ කර තිබේ.


එජන්සි වාර්තා සඳහන් කළේ, යානය බිම හෙලූ මිසයිලයෙන් නිකුත් වූ දූමාරය චන්ද්‍රිකා ඡයාරූප මගින් පෙන්නුම් කෙරෙන බව ය.


ගුවන් යානය පුපුරායන අයුරු ද අධෝරක්ත සංවේදකවල පටිගත වී ඇති බව එජන්සි වාර්තා අනාවරණ කළේය.




MH17


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණඩලයේ ‍ඇමෙරිකානු තානපතිවරිය ඊයේ ප්‍රකාශ කළේ නැගෙනහිර යුක්‍රේනයේ කැරලිකරුවන්ගේ පාලනයට නතු ප්‍රදේශයක සිට ගොඩබිම සිට ගුවනට එල්ලකල හැකි එස්.ඒ. 11 වර්ගයේ මිසයිලයක් යානයට එල්ල කර ඇති බවට විශ්වාස කරන බව ය.


මිසයිල ප්‍රහාරය එල්ල කිරීමට රුසියානු ක්‍රියාකාරීන් සහය ලබා දුන්නේ ද, යුක්‍රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශයට මෙම මිසයිල රැගෙන ආවේ කෙසේ ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම ඇමෙරිකානු පරික්ෂණ නිලධාරින්ගේ අරමුණ වී තිබේ.


අමෙරිකානු විශ්ලේෂකයින් මේ දක්වා සිය නිගමනයන්ට පැමිණ ඇත්තේ, අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල එල්ල කිරීම් පිලිබද පූර්ව අනතුරු ඇඟවීම සඳහා භාවිත කෙරෙන නවීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකා මගින් ලබා ගත් තාක්ෂණික තොරතුරු උපයෝගි කර ගනිමින් ය.


මිසයිල ප්‍රහාරය එල්ල කළ ප්‍රදේශය නිශ්චිතව ගණනය කිරීම සදහා වැදගත් වන , මිසයිලයෙන් නිකුත් වූ දුමාරයේ ගමන් මග ද චන්ද්‍රිකා ඡායාරූප මගින් ලබා ගෙන තිබේ.


ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධවල මන්ධිරය පෙන්වා දෙන්නේ, කවුරුන් මෙම මිසයලය එල්ල කලද, එස්. ඒ 11 වර්ගයේ මෙම සංකීර්ණ මිසයිලය එල්ල කරීමට හා ක්‍රියාකරවිමට රුසියානු පුහුණුවක් තිබෙන්නට ඇති බව ය.


මේ අතර, නැගෙනහිර ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ පරීක්ෂණ කටයුතු, යුක්‍රේන කැරලිකරුවන් විසින් සීමා කරන බවට ජාත්‍යන්තර පරීක්ෂණ නිලධාරීන් චෝදනා කරති.


සුන්බුන් සහිත භූමියට ඇතුලුවීම සන්නද්ධ කැරලිකරුවන් තමන්ට ඉඩ නොදෙන බවට චෝදනා කල පරික්ෂණ නිලධාරීන් ප්‍රකාශ කළේ, වරක් කැරලිකරුවන් අහසට වෙඩි තැබු බවයි.


මේ අතර යානය කඩා වැටුණු ස්ථානයට විමර්ශකයින්ට ආරක්ෂිතව පිවිසීම සඳහා ඉඩකඩ ලබාදීමේ අරමුණින්, මලයාසියානු ප්‍රවාහන අමාත්‍යවරයා අද යුක්‍රේනය බලා පිටත්ව යාමට නියමිත ය.


ඊයේ දිනයේ එක් පරීක්ෂණ කණ්ඩායමක් මලයාසියාවේ සිට යුක්‍රේනය බලා පිටත්ව ‍ගොස් ඇති අතර, අද රාත්‍රියේ තමාද යුක්‍රේනය බලා පිටත්ව යන බව ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේය.


මේ අතර, හමුදා ගැටුම් වැනි භයානක තත්වයන් පිළිබඳ අනතුරු ඇඟවිම තම වගකීමක් නොවන බව එක්සත් ජාතින්ගේ සිවිල් ගුවන් සේවා සංවිධානය පවසයි.


ඔවුන් මේ බව අවධාරණය කර සිටියේ, මලයාසියානු මගී ගුවන් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් සිය සංවිධානයට එල්ලවන ප්‍රකාශයටන්ට ප්‍රතිචාර ලෙස ය.


එලෙස අනතුරු ඇඟවිම තම කාර්යක් නොවන බව එම සංවිධානය ප්‍රකාශ කළහ.


ඔවුන් වැඩි දුරට ත් කියා සිටියේ අනෙකුත් රටවල් අවධානම් වලින් වැළැක්විම සඳහා උපදෙස් නිකුත් කිරීම තම සංවිධානයේ එක් එක් සාමාජික රාජ්‍යයන්ගේ වගකීමක් මිස තම සංවිධානයේ වගකීමක් නොවන බව ය.

newsfirst.lk
 

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
ඔය කියන විදියට හැම දේම පටිගත් වෙලාතියෙනවනම්. ඇයි අර අතුරු දහන් උන ඒවා පටි ගත් උනේ නැත්තේ. අදටත් කෝ මොකෝ උනේ කියලා හරි හමන් ආරන්චියක් නැනේ. ඇයි ඒවා පටි ගත වෙලා නැත්තේ​
 

white lion

Member
Sep 8, 2013
885
98
0
kandy
අමෙරිකාව මෙගැන මෙච්චර්ම උනන්දුවක් දක්වන්නේ ඇත්තටමද .:confused: මම හිතන්නෙ උන්ට ඔනකම මෙකට රුසියාව පුටින් පටලන්න. මිසෛලයෙ දුම හොයගත්ත අයට අද වෙනකම් අනිත් අතුරුදහන් ගුවන්යනාව කිසිම දෙයක් හොයගන්න බැරිඋනෙ ඇයි?:rolleyes::rolleyes: