කොහොමද microservice වෙන් කරන්නෙ කියලා ප්ලෑන් කරාට පස්සෙ වෙන වෙනම service app විදියට හදන්න පුලුවන් නේ (ඒකට ඕන නං DDD වගේ එකක් හරි වෙන මොකක් හරි හරි යූස් කරන්න පුලුවන්)
example එකක් විදියට shopping cart ඇප් එකක් නං
මෙහෙම සර්විස් ටික වෙන් කරනවා (මේව නිකං හිතලා දාපුව)
Product
/product
/product/:id
User
/user/login
user/logout
/user/profile
Cart
/cart/add
cart/get
cart/clear
එතකොට Product, User, Cart කියලා වෙන වෙන සර්විස් තියෙන්නෙ. ඒ එක එක සර්විස් වල ඒකට අදාල endpoint multiple තියනවා
API Management වෙනම කරන්නත් පුලුවන් පොඩි ස්කේල් නං සර්විස් එකේම කරන්නත් පුලුවන් සෙපරේට් Authentication/Authorization microservice එකක් හදලා
තියරිටිකලි ගත්තම එක microservice එකකට එක db එකක් තියන විදියට කරන්නත් පුලුවන් ප්‍රැක්ටිකලි ගත්තම DB කීපයක් තියෙන්න පුලුවන් ඒව service අතර ශෙයා වෙන්න පුලුවන්