Microsoft Edge web browser එක සඳහා නොමිලේ VPN සේවාවක් ලබා දීමට Microsoft ආයතනය සුදානම් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,559
    16,388
    113
    Microsoft සමාගමේ Edge browser එක සඳහා නොමිලේ Virtual Private Network (VPN) සේවාවක් ලබාදීමට සුදානම් වනවා. මෙම විශේෂාංගය Cloudflare VPN සේවාව භාවිතයෙන් "Edge Secure Network" ලෙස හඳුන්වනු ලබන අතර, සමාගමට අනුව, මෙම විශේෂාංගය අනාගත Update එකකදී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    Edge Secure Network විශේෂාංගය තවමත් develop වෙමින් පවතින නමුත් අනෙකුත් VPN සේවාවන්ට සමානව ක්‍රියා කරනු ලබනවා. එය සක්‍රිය කර ඇති විට, browser එක තුළට සහ පිටතට එන traffic එක encrypt කිරීමක් සිදුවෙයි. අන්තර්ජාල සේවා ඔබේ browsing හැසිරීම් සහ තොරතුරු හෝ හැකර්වරුන් ඔබගේ තොරතුරු සොරකම් කිරීමෙන් ඔත්තු බැලීම වළක්වන්නත් පුළුවන්. මීට අමතරව, මෙම සේවාව මගින් usersලට ඔවුන්ගේ පොදු IP address එක සහ location එක, virtual IP address එකක් භාවිතයෙන් සැඟවීමටද හැකිය.

    Microsoft Edge භාවිතා කරන්නන් සඳහා මෙම සේවාව නොමිලේ ලබා දුන්නා වුවද, එය මසකට 1GB දක්වා සීමා වන බවට වාර්තා වේ. මෙම නව VPN සේවාව භාවිතා කිරීමට ඔබට Microsoft ගිණුමක් භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇත.

    පෙර කී ලෙස Edge Secure Network පහසුකම තවමත් වැඩිදියුණු වෙමින් පවතී. නමුත් එය නිකුත් වූ පසු, "Settings and more" මෙනුවෙන් ගොස් "Secure Network" option එක තෝරා ගැනීමෙන් activate කිරීමට හැකි වනු ඇත.

    Source
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    එය මසකට 1GB දක්වා සීමා වන බවට වාර්තා වේ. මෙම නව VPN සේවාව භාවිතා කිරීමට ඔබට Microsoft ගිණුමක් භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇත.



    Source
    :yes: :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    මොන මොන කැටයම් දැම්මත් Edge නම් ජීවිතේට පාවිච්චි කරන්නේ නෑ,
    දකිද්දීම අර Explorer එකේ මූසලකම මතක් වෙනවා.
    ඉන්දියන් බැල්ලිගෙ පුතාලා Chromium ප්‍රොජෙක්ට් එකත් එපා කරවලා තමා නවත්තන්නේ.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Usa company ekak develop karana secure nethi vpn use karanna pissuvak na. VPN valata recommend karanna Penama,Russian. FBI direct involve vunath ungen details ganna ba. Microsoft,Google eka court order ekin uba okkoma detail dila dai.
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Edge එක පාවිච්චි කරන්න ගත්ත දවසේ ඉදන් වෙන browser එකක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ
    මට මෙච්චර කාලෙකට සෙට් වුණ හොදම browser එක

    මං ආසම features

    • immersive reader
    • quick translater
    • collections
    • web capture
    • math solver
    • password generator
    • PDF reader
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුලින්ම edge එක open කරේ elakiri එන්න අනිත් browser වල facebook, tiktok වලින් දාපු media ‌පේන්නැති හින්ද. හිතපු තරන් අවුලක් නෑ edge එක
    ඔව් බන් මමත් edge එකට මාරු උනා. chrome එකේ profile අවුලක් තිබිල නිකමට edge එක දාගෙන බැලුවෙ. අල්ලලා ගියා.
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඔව් බන් මමත් edge එකට මාරු උනා. chrome එකේ profile අවුලක් තිබිල නිකමට edge එක දාගෙන බැලුවෙ. අල්ලලා ගියා.
    මගේ නන් chrome එක crash වෙන්න ගත්ත බන්. Tabs ගාන වැඩිවෙද්දිම auto close වෙනව. මේකෙ tabs 105 ක් open තියනව තාම අවුලක් නෑ. Edge එකේ අලුත් features ගොඩකුත් තියනව