මෙහෙමයි කිසිම දෙයක් නැති නිකම්මුන්ව ගන්න උන්ට පිස්සු නෑ නෙහ්. ඒකට තමා උත්සහය ඕන. ගොඩක් උන්ගෙ එක්ස්කියුස් එක තමා සල්ලි නෑ කියන එක. මගේ යාලුවෙක් ඉන්නවා උගේ තාත්ත ඌ අත දරුවා කාලෙම දාල ගියා අම්මටත් ඌව එපා කියල දෙමල පවුලකට අරන් හදාගන්න දුන්නා ඌ හැදුනෙ මුඩුක්කුවක කෝම හරි එලේවල් ගොඩ දාගෙන ජපුර ගියා. ඒ කාලෙම කට්ට කාල චාටඩ් එකෞන්ටසි කෝස් එක එකක් වත් ෆේල් වෙන්නැතුව ගොඩ දාගත්තා. කැම්පස් යන කාලෙම ඔඩිට් ෆර්ම් එකක 2,500 පඩියට වැඩ කලා. කැම්පස් එකෙන් එලියට ආපු ගමන් කටාර් ගියා E&Y එකේ ජොබක් සෙට් වෙලා. එහෙ අවුරුදු 8ක් විතර වැඩ කරලා ඕස්ට්‍රේලියාවෙ පීආර් දාලා ඒකත් හම්බ උනා. ඊට පස්සෙ E&Y ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙලා මෙල්බන් ආව AUD 120,000 පඩියට දැන් ආතල් එකේ ලමයයි ගෑනියි එක්ක ඉන්නව එහේ.