Millionaires -අදහස් අවශ්‍යයි 2 කොටස
මා විසින් 2016-08-17 වන දින පළකරන ලද උක්ත මාත්රුකාවට අදාළ පළවෙනි නුල සඳහා (මෙයින් පිවිසෙන්න)ඉතා හොඳ අදහස් ප්‍රතිචාර ලැබුණා.සමහරු කිව්වා ඒ නූලේ එළකිරි සාමාජිකයින් විසින් පළ කරපු පොස්ට්ස් වලින් අළුතෙන් සැහෙන්න දේවල් ඉගෙන ගත්තා කියලා.මන් ඒ නුලෙන් උත්සාහ කළේ ලංකාව තුළ මිලියනපතියෙක් වෙන්න තියෙන ශක්‍යතාව විභවය කොයි වගේද ලියන කාරණා ගැන කතිකාවතක් ඇති කරවන්න.ඒවගේම මම තව කරුණු හොයද්දි දැනගන්න ලැබුණු තව කාරණයක් තියෙනවා.ඒ තාමා මිලියනපතියෙක් වීමෙ වයස් සීමාව.
ඇමරිකාවෙන්ම කරන ලද සමීක්ෂන වලට අනුව එරට මිලියනපතියෙක් වීමේ සාමාන්‍ය වයස අවුරුදු 63 ක් ළු (මන් ඇමරිකාව උදාහරණ වලට ගද්දි සමහරු හිතයි මන් ඇමරිකන් ගැති වෙන්ඩ පොෂ් කියලා.ඇමරිකාව ගැන මන් කරන්නෙ මිලියනපතින් ලෝකෙ වැඩියෙන්ම ඉන්න රට සහ ධනවත් වීම කියන කාරණාවලදී ගොඩක් විස්තර තොරතුරු පොත්පත් වගෙ දේවල් වැඩිවශයෙන් ලෝකෙට යන්නෙ ඇමරිකාවෙන් ) .ඒ වගේම තරුණ වයසේ දී එ කිව්වෙ අවුරුදු 22,23,25,30 වගෙ මිලියනපතින් වෙන්නෙ බොහෝම කළාතුරකින් ළු.එතනිනුත් උරුම වෙචච් ධනය භාවිතා කරලා තමා ගොඩක් අය මිලියනපති වෙන්නෙ .Self Made තරුණ මිලියනපතියන් ඉන්නෙ සියයට එකක් වගෙ ප්‍රමාණයක් තමා. අනෙක් බොහොමයක් Self Made අය මිලියනපති මට්ටමට ලඟාවෙන්නෙ වයස 50 පැන්නාහම .මන් කලින් ත්‍රෙඩ් එකෙ මතු කරේ මිලියනපතියන්ගේ අධ්‍යාපනික මට්ටම. මන් දැන් කතා මිලියනපතියෙක් ලෙස අභිෂෙක ලබන වයස් සීමාව.මොකද මෙරට පිටරට ජනමාධ්‍ය ඒ කිව්වෙ රූප මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය සියල්ලම වගේ කැමතී අඩු වයසෙන් සාර්ථක වෙචච් පොරවල් ගැන කතා කරන්න.මොකද ඒ අය එහෙම කරන්නෙ ඒ ගොල්ලන්ගේ රේටින්ග්ස් වැඩි කරගන්න. මගේ වයසෙ අය සහ සමකාලීන අනෙක් වයස් වල අය නම් මාර්ක් සකර්බර්ග්(Facebook),බිල් ගේට්ස්(Microsoft), ස්ටීව් ජොබ්ස්(Apple)වගෙ අය ගැන පතුරු යනකන් කන් දෙකෙන් පැනි වැක්කෙරෙනකන් අහලා ඇතිེ. මොකද ඒ කට්ටිය ඇමරිකාව තුළ තරුණ වයසෙන් මිලියන පතින් වෙච්ච වගේම උසස් අධ්‍යාපනය ලොකුවට හදාරපු නැති අය.ඉතිං ඒ කාරණාවන් නිසා මෙරට උසස් අධ්‍යාපනය ලැබීමට කුමනයම් හෝ වරමක් අහිමි වෙන අයගෙ වන්දනාමාන වෙන චරිත බවට ඒ අය පත්වෙනවා .ඒත් යතාර්ථය වෙනස් .ඒ තමා මාර්ක්, බිල් , ස්ටීව් ලා වගේ අය තමන්ගෙ ව්‍යාපාර පටන් ගද්දි අහවල් තරුණ වයසෙ මිලියනපති වෙනවා කියලා ඉලක්ක කරලා පටන් ගතතෙ නැහැ.ඒ අය ඒ දේවල් පටන් ගත්තෙ සල්ලි හොයන්නම නෙමෙ.මොකද මාර්ක් සහ බිල් දෙන්නාගෙම දෙමාපියන් හොඳ ව්රුතින් වල නියැලෙච්ච සල්ලි යහමින් තිබ්බ අය.ඉතිං එහෙම පවුල් පරිසරයක හැදෙන එකෙක් සල්ලිකාරයො වෙන්න හීන මවන්නෙ නැහැ බොහෝදුරට.ඒ වගෙ අය හීන මවන්නෙ එක්කො ඉගෙන ගත්ත දෙයින් වැඩක් අරන් එකෙන් ෆන් එකක් ගන්න (මර්ක් සකර්බර්ග්ම කියනවා එයා ෆෙස්බුක් එක හැදුවෙ යාළුවො එක්ක සම්බන්ධ වෙන්න සහ එතුලින් විනෝදයක් ලබන්න කියලා)එහෙම නැත්තම් කල්බ් ගානෙ කෙල්ලො පස්සෙ ගිහින් වියදම් කරලා ෆන් ගන්න(ඔය සල්ලිකාර තාත්තලාගෙ නාස්තිකාර පුතාලා).ඉතිං ගොඩාක්ම සල්ලි කාරයෙක් වෙන්න හීන මවන්නෙ කුඩා කාලයේ සිට හෝ ජීවිතය තුළ යම් කාල පරිච්ඡෙදයක මුදල් නිසා පැනනැඟිච්ච අඟහිඟකම් අපහසුතා මැද හැදෙන අය.ඉතිං මාර්ක් සහ බිල් වගෙ අය මූලිකව කලෙ ඒ අය ආසවෙච්ච ෆීල්ඩ් එකෙන් දෙයක් කරලා යාළුවො අතර සමාජය අතර කැපී පේන්න.පස්සෙ ව්‍යාපාර වාණිජමය අරමුණුවලට ගියා.ස්ටීව් ජොබ්ස් නම් සල්ලි අඟහිඟ කම් මැද හැදිච්ච කෙනෙක්.ඒත් පොරට හිපි සංස්ක්රුතියෙන් ලැබිච්ච සමහරක් දේවල් නිසා මිලියනපතියෙක් වෙනවට වඩා ආධ්‍යාත්මික පැත්තෙන් ජීවිතයෙ තේරුම හොයන්න පෙළඹිච්ච කෙනෙක්.ඒ ආධ්‍යාත්මික බව පොරව මෙහෙයවූවා ලොකෙට පරිඝනක තාක්ෂණයේ පැවතිච්ච යම් ඒකාධිකාරයන් බිඳලා නවමු දෙයක් නිර්මාණයට මාර්ගය පෙන්වන්න.හැබැයි මේ කට්ටියම කරපු දේවල් වලට ආමරිකානු සමාජෙන් සහ ඒ රටෙ ආර්ථික ප්‍රතිපත්ති තුළින් ලැබිච්ච වාණිජමය වටිනා කම නිසා ඒ අය තරුණ වයසේ කලින්ම මිලියනපතියො වුණා මිසක් කලින් කිව්වා වගේ ඒ අය අදාල වයසෙදි මිලියනපති වෙන්න ඉලක්ක හදාගෙන ඒ අය ව්‍යාපාර පටන්ගත්ත අය නෙමෙ.
ඒත් මෙකි තරුණ වියේදීම සාර්ථක ව්‍යාපාරිකයින්ගේ ජීවිත කතාව අපෙ රටෙ පෞද්ගලික උපාධි දෙන ආයතනවල අයත් රජයේ විශ්වවිද්‍යාලවලත්, ඇතැම් පිරමීඩ ජාවාරම් කරුවණුත් අරගෙන අපෙ රටෙ ඉන්න දිළින්දු මධ්‍යම පාන්තික සල්ලිකාරයෙක් වෙන්න හීන මවන කොල්ලො කෙල්ලොන්ව ඇන්දීමකට ලක් කරනවා. එක එක සුරංගනා ලෝක පෙන්නලා.ඉතිං අපේ එවුන් හිතන්නෙ එක රැයෙන් සල්ලි කාරයො වෙන්න, අවුරුද්දෙන් දෙකෙන් බෙන්ස් කාර් ගන්න ,හයිබ්‍රිඩ් වාහන ගන්න, ලොකු ගෙවල් හදන්න වගේ දේවල්.ඔය කාරණේ තේරෙනවා අපෙ එවුන් ෆෙස්බුක් එකේ හීන පස්සෙ දුවන හැටි දැක්කාහම.ඒ වගේම මේ එළකිරියෙත් වැටෙන සමහරක් ත්‍රෙඩ් දැක්කාහමත් අපිට පෙන දෙයක් තමා ගොඩාක් තරුණ අය බිස්නස් කරන්න මාර උනන්දුවක් සල්ලි කාරයෙක් වෙන්න මහත් ආසාවක් තියෙන බව.වැරැද්දක් නැහැ අදහසේ. ඒත් අපිට නොපෙනෙන් අපි නොදන්න තව හිතන්න ඕන පැති තියෙනවා.ඒ වගේම තමා ඉහතින් මන් සඳහන් කරපු ඇමරිකන් මිලියනපතියො අදාල වයසෙදි මිලියනපතියො වෙද්දි බිස්නස් එක වතාවක් හෝ කීපයක් අසාර්ථක වෙලා තියෙනවා.ඉතිං අපි ගොඩක් අයට දැනෙන්නෙ නැහැ ව්‍යාපාරයක් අසාර්ථක උනහම දැනෙන හැඟිම.සමහරු ණය වෙනවා, සමහරු ඒ ණය ගෙවාගන්න බැරුව සියදිවි නසා ගන්නවා.ඒ වගේම සමහරු ණය පියවන්න වෙනත් රැකියාවන් කරනවා.තමන් බිස්නස් කරද්දි ලබපු ආදායමෙන් තමන්ගෙ පවුලෙ අය පොෂණය කරන්න කරපු වියදම් කපා හරින්න වෙනවා.ඔය වගේ එකී නොකී මෙකී කතන්දර ගොඩාක් තියෙනවා.එව්වා මැඩගෙන හිටියාට වඩා සාර්ථක වෙන්න විභවයක් තියෙන්නෙ සුළුපිරිසකට පමණයි.ඔයගොල්ලොම අහලා ඇති සමහර යාලුවො කියනවා මෙහෙම "ඉස්සර අපේ තාත්තාට බිස්නස් තිබ්බා.එව්වා සේරම වැටුනායින් පස්සෙ අපි පවුලම සෑහෙන්න අමාරුවෙන් ජීවත් උනෙ" වගේ මැසිවිලි. ඉතිං කොහේවත් පත්තරේක තියෙන කාගෙ හරි සාර්ථක වෙච්ච ජීවිත කතාවක් කියෙව්වට කමක් නැහැ.ඒත් ඒ සාර්ථක පුද්ගලයාගෙ සාර්ථක්ත්වය වචනවලින් කියවෙනවා තරම් සුන්දර නැහැ.ඒ වගේම එකෙක් සාර්ථක් ජිවිත කතාව ලියද්දි තව 1000 ක් අසාර්ථක වෙනවා බිස්නස් කරලා. ඒක නිසා එක රැයෙන් තරුවක් වෙන්න හිතනවා නම් බිස්නස් වලට බහින එක තේරුමක් නැහැ කියලා මට හිතෙන්නෙ.අනික රැල්ලට බිස්නස් කරන එකත් මට නම් එතරම්ම සුභදායක තත්වයක් පේන දෙයක් නෙමෙ .ඉතිං මේ මන් දැනගත්ත දේවල්.
ඉතිං මන් කැමතී මෙ එළකිරියෙ ඉන්න අනෙක් අයගෙ අදහස් මේ නූලට වැඩිදුර කතිකාවතක් පවත්වාගෙන යන්න දායක කරනවානම්.