Milo Lovers ~ මයිලෝ අයිස්ක්‍රීම් කමු

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Milo Lovers ~ මයිලෝ අයිස්ක්‍රීම් කමු

මයිලෝ වලට කවුද අකමැති :P...අයිස් මයිලෝ කිව්වම ඉතින් කටට කෙලත් උනනවනේ...බිලා තියෙන අය දන්නවා ඇති :D...හැබැයි ඉතින් ලංකාවේ අපිට තියෙන්නේ ඔච්චර තමයි :baffled:...මයිලෝ අයිස්ක්‍රීම් :love: කොච්චර රස ඇත්ද...

ඔන්න බලන්නකෝ...ලංකාවේ නම් ගන්න නැ...:dull:

wi3Syk1.jpg


sj03Q0b.jpg


IoFqdEh.jpg


zahKlfo.jpg


කොහොම වුනත් ඔන්න මයිලෝ අයිස්ක්‍රීම් ගෙදරදී අපිට හදාගන්න පුළුවන් :yes: ඒ ගැන තමයි මේ කියන්න හදන්නේ :rolleyes:...

අවශ්‍ය දේවල් :

හෙවි විපින් ක්‍රීම් කෝප්ප 2
කිරි කෝප්ප 1
බිත්තර කහ මද 3
දුඹුරු සිනි කෝප්ප 1
මයිලෝ මේස හැඳි 4
ලුණු තේ හැඳි 1

දැන් බලමු හදන හැටි...

මුලින්ම භාජනයකට කිරි, විපින් ක්‍රීම් සහ ලුණු එක්කරලා කස්ටඩ් පදම එනකන් විටින් විට හැඳි ගාමින් මද ගින්නේ රත් කරගන්න. එය ගොඩක් උණු කරගන්නේ නැතුව ලිපෙන් බාලා සිසිල් වන තුරු විනාඩි 5ක් පමණ තියන්න.

QFboVec.jpg


ඒ අතරේ වෙනත් භාජනයකට බිත්තර කහ මද සහ සිනි ටික එකතු කරලා විස්ක් එකකින් හොඳින් ගසාගන්න. සිනි ටික ටිය වෙනකන් හොඳින් ගසාගන්න ඕනේ.

gWCkMfj.jpg


ඊටපස්සේ අර අපි හදාගත්ත කිරි මිශ්‍රණය, බිත්තර මිශ්‍රණයට දාන ගමන් හැඳි ගාන්න. ඉන්පසු මේ මිශ්‍රණය නැවතත් ලිපෙන් තියන්න පුළුවන් භාජනයකට දාගෙන මද ගින්නේ විනාඩි 3 ක් පමණ හැඳි ගාමින් රත් කරගන්න. මේ මිශ්‍රණය කස්ටඩ් පදමට ඝන වෙනකන් රත් කරගත්තට පස්සේ ලිපෙන් බාගන්න.

V2ZLha1.jpg


ඊටපස්සේ මිශ්‍රණය බෝල් එකකට දාලා එයට මයිලෝ මේස හැඳි 4 දාගෙන මිශ්‍රණය ස්මූත් වෙනකන්ම හොඳින් විස්ක් කරගන්න.

Q0pPEqg.jpg


ඉන් පස්සේ මිශ්‍රණය සම්පුර්ණයෙන්ම සිසිල් වන තුරු පැත්තකින් තියලා තියන්න.

ඊටපස්සේ බෝල් එක උඩින් ආවරණය කරලා පැය 8-10ක් පමණ ෆ්‍රිසර් කරගන්න...ඊටපස්සේ ඉතින් කන්න තමයි තියෙන්නේ...:D:D

VtmHwBY.jpg

 

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    :rofl::rofl::rofl:
    u mokadda ban e kiyala thiyanne :P
    onna 12k dunna
    උබට ජොබ් එකක් නැද්ද ආහ් ස්කූල් නිවාඩු නේ ආහ් මගේ වයිෆ් මාව දාල ගියා වෙන එකෙක් එක්ක :lol::lol:
    මයිලෝ එකක් ගන්න සල්ලි නැති අපතයෙක් බං :lol::lol: