minimalism කියන්නේ සල්ලි නැති අය වගේ ජිවත් වෙන එක නෙම්යි නේද.

වියදම් කරන්න ඕනා දේට වියදම් කරලා අනවශ දේවල් වලට වියදම් නොකර ඉන්න එක එකක්.
හිතපන් කවුරු හරි ඇදුම් සෙල් එකක් දකින දකින පාරට ඇදුම් ගොඩක් ගන්නවා ලාබ හින්දා. එත් ටික දවසකින් එපා වෙලා නිකන් ගොඩ ගහන් ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි ගාන කිය උනත් ගොඩක් කල් අදින්න පුළුවන් කොලිටි ඇදුම් කීපයක අරගන්නවා තමන්ට පුළුවන් විදිහට. ගොඩක් කල් අදින්නත් පුළුවන් අල්මාරි පුරෝගෙන දගලන්න ඕනේ නැහැ.
ඕවගේ මුළු ගෙදරම කරොත් ගෙදර ගොඩක් බඩු නැති වෙන්න පුළුවන් එත් අපිට අවශ්‍ය වෙන දේවල් හොදම එවලින් තියෙන්නේ. පිළිවෙලට ඔර්ගනයිස් කරගෙන ඉන්න පුළුවන්.
අනවශ දේවල් අයින් කරලා ජිවිතේට අවශ්‍යම දේවල් තියාගන්න ඕනා.
අනික minimalism කියන්නේ සල්ලි ගැනම නෙමෙයි. අපේ මනස උනත් එහෙමයි. අපි ආශ්‍රය කරන අයත් එහෙමයි. ගොඩක් අය minimalism වැරදි කොනෙන් අල්ලන් ඉන්නේ. මම minimalist කෙනෙක් නෙමෙයි එත් ඔය matte d'avella එහෙම වීඩියෝ බලලා ගන්න දෙයක් තියෙනවම් ගන්නවා ඉතින්.
minimalist එවුන්ගේ පෙන්නම බැරි දේවල් තමයි ගොඩක් එවුන් ඕවර් ගිහින් හිගන්නෝ වගේ ඉන්නවා කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ අදින්නෙත් නැහැ අනිත් දේවලුත් නැහැ

එහෙම වෙන්න එපා කෑමක් කන්න ආසනම් කියා උනත් කන්න ඕනා. minimalist, maximalist මොනවා ආවත් උබල සතුටු වෙන දේවල් අයින් කරන්න එපා.