විල්පත්තු ඉදිකිරීම් නීතිවිරෝධියි- ඇමති ර
විල්පත්තු අභයභූමියේ ඉදිකිරීම් නීතිවිරෝධී බව පිළිගන්නවාද? ඔව්. පිළිගන්නවා... ඉවත් කරන්න කටයුතු කරගෙන යනවා
විල්පත්තු උතුර අභය භූමියේ හා වන රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් හා පදිංචිවීම් සිදුව ඇති බව හා ඒවා නීති විරෝධී බව පිළිගත් වාණිජ කටයුතු හා කර්මාන්ත අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා එම ඉදිකිරීම් හා පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව කියයි.
ඇමැතිවරයා එසේ කීවේ ඊයේ සවස පැවැති මාධ්‍ය හමුවකදී "මව්බිම" ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇමැතිතුමා, ඔබතුමාගේ අස්සනින් යුත් ලිපියක් වන
සංරක්‍ෂණ අමාත්‍යවරයාට, මධ්‍යම පරිසර අධිකාරියට යවලා තියෙනවා රාජ්‍ය මුද්‍රාව ඇතුව මේ අභය භූමියෙන් අක්කර 600ක් දෙන්න කියලා. ඔබතුමා ඒක පිළිගන්නවද යන්න "මව්බිම" ඇසූ පළමු ප්‍රශ්නයට පිළිතුරු දුන් ඇමැතිවරයා.
මුලින්ම පැහැදිලි කරන්න ඕනේ ඒ ලියුම යවලා ඉල්ලපු ඉඩම් වරච්චිකට්ටි, පාලකුලි හා කරසිකුලි කියන ප්‍රදේශවල ජීවත් වෙච්ච ජනතාවටයි. අනෙක ඒ මිනිසුන්ට ගෙවල් හදන්න නෙවෙයි එයාලගේ තිබුණු ඉඩම් කැලෑ වැවිලා ඒවා සුද්ද කරන්න තමයි අවසර ගත්තේ. අනෙක මම නෙවෙයි ගෙවල් හැදුවේ. එන්.ජී.ඕ.යි. මම ඒ පළාතේ දිස්ත්‍රික් සභාපති හා ඇමැති විදියට ඒවා ගැන හොයලා බැලුවා විතරයි.
මාධ්‍යවේදී
හරි ඇමැතිතුමා. එතකොට තව ලිපියක සඳහන් වෙනවා කැබිනට් මණ්ඩලය එම තීරණය ලබාදෙන එක තාවකාලිකව නවත්තලා තියෙනවා. එතකොට මේ ඉදිකිරීම් කළේ තීරණය ලැබෙන්න කලින් නේද?
ඇමැති
එහෙම තීරණයක් කැබිනට් මණ්ඩලය අරගෙන තිබුණා කියලා මම දන්නේ නැහැ.
මාධ්‍යවේදී
ඒ කියන්නේ ඔබතුමා ඒ කරපු දේ හරියට කළේ නැහැ කියන එකනේ. කරපු දේ හරියට කළා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද ඇමැතිතුමා.
ඇමැතිවරයා
අපි කරපු දේ හරියට කරලා තියෙනවා. හරියට මේ දේවල් හොයන්නේ නැතුව තමයි මේ ප්‍රශ්න ඇතිකරගෙන කෑගහන්නේ.
මාධ්‍යවේදී
නාවික හමුදාව අක්කර 700ක ඉඩම කඳවුරකට පවරාගෙන තියෙන්නේ නීත්‍යනුකූලවද? නැද්ද?
ඇමැතිවරයා
ඔව්. නීත්‍යනුකූලව පවරගෙන තියෙන්නේ.
මාධ්‍යවේදී
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයා විදියට ඔබතුමා පිළිගන්නවද රක්‍ෂිතයේ හරි උතුරු අභය භූමියේ හරි ඉදිකිරීම් සිද්ධ වුණා කියලා.
වනජීවී සහකාර අධ්‍යක්‍ෂ සමරකෝන් මහතා
රක්‍ෂිතයේ හා අභය භූමියේ ඉදිකිරීම් සිදුවෙලා තියෙනවා.
මාධ්‍යවේදී
එම ඉදිකිරීම් නීති විරෝධියි. ඔබ ඒක පිළිගන්නවානේ?
සමරකෝන් මහතා
ඔව්. නීති විරෝධීයි.
මාධ්‍යවේදී
එතකොට "බ්චඵඵඪථ" සිටි ඉදිකරලා තියෙන්නේ රක්‍ෂිතයේද? අභයභූමියේද? ඊට පිටතින්ද?
සමරකෝන් මහතා
ඒක මට හරියට මේ සිතියමට අනුව කියන්න බැහැ. සමහර විට රක්‍ෂිතයේ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
මාධ්‍යවේදී
එතකොට ඇමැතිතුමා කටාර්වලින් සල්ලි දුන්නේ නොරොච්චෝලේ ඉඩමක් අරගෙන ඒ ජනතාව පදිංචි කරන්න නේද?
ඇමැතිතුමා
නැහැ. එහෙම එකක් නැහැ. කවුද කියන්නේ. මම එහෙම එකක් දන්නෙවත් නැහැ. මම ඒක ප්‍රතික්‍ෂේප කරනවා.
මාධ්‍යවේදී
ඇමැතිතුමා පිළිගන්නවා රක්‍ෂිතයේ ඉඩම්වල ජනතාව පදිංචි වෙලා. ඒවා නීති විරෝධී. ඉවත් කරන්න ඕනේ කියන එක?
ඇමැතිතුමා
ඔව්. ඒ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕනේ. ඒවා නීති විරෝධීයි. හැබැයි මම නෙවෙයි මිනිසුන්ව රක්‍ෂිතයේ පදිංචි කළේ. ඒ මිනිස්සු තමයි පදිංචි වුණේ. මම දැක්කෙත් පත්තරයෙන් මේ පදිංචිය ගැන.
මාධ්‍යවේදී
එතකොට ඇමැතිතුමා හැමදේම දැනගන්නේ පත්තරෙන්ද?
ඇමැතිතුමා
මෙහෙමයි. හැමදේම කොහොමද මම තනියම බලන්නේ. සමහර දේවල් මඟ ඇරෙනවා.
මාධ්‍යවේදී
එතකොට ඇමැතිතුමා ඒ ප්‍රදේශයේ දිස්ත්‍රික් සංවිධායක කමිටුවේ සභාපති. ඒ නිලධාරීන් ඔබතුමා කියනදේ අහන්නේ නැද්ද?
ඇමැතිතුමා
නෑ. එයාලා කටයුතු කරනවා. සති දෙකක් ඇතුළත එයාලා පියවරක් ගන්නවා. මම වනජීවී ඇමැතිට පෞද්ගලිකවම කිව්වා මේක නවත්වන්න පියවර ගන්න කියලා.
මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ සමරකෝන් මහතා මාධ්‍ය සාකච්ඡාව පුරා හිටගෙන සිටි අතර ඇමැතිවරයා වාඩි වීමට කිහිප විටක්ම ආරාධනා කළද ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කළේය.
ඒ මහතාගෙන් ප්‍රශ්න විමසූ මාධ්‍යවේදීන්ට අමාත්‍යවරයා මැදිහත් වෙමින් පිළිතුරු ලබාදුන් අතර ඒ මොහොතේදී සමරකෝන් මහතා දැඩි අපහසුතාවට පත්වූ බවක් පෙනුණි.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විල්පත්තු ජාතික වන උද්‍යානයේ ඉදිකිරීම් තිබෙන බව පැවැසී යැයි ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා අභය භූමිය හා වන රක්‍ෂිතය ගැන සඳහන් කිරීම මඟහැරීමට උත්සාහ කළේය.
මෙහිදී ඉදිරිපත් කළ සිතියමේ විල්පත්තු ජාතික උද්‍යානය පමණක් පැහැදිලිව සටහන් කර තිබුණද අභය භූමිය හෝ වන රක්‍ෂිතය පිළිබඳව කිසිදු සඳහනක් නොවී තිබීම විශේෂත්වයකි.

Last edited: