ශ්‍රී පාදය කියන්නෙ ආගමික විශ්වාසය මත ගොඩනැගිච්ච තැනක්නෙ. එතනය යද්දි ඒ අදාල සනස්කෘතියට ගරු කරලා යනන් පුලුවන් නම් හොදයි. උබට ඒවා අවුල් නම් ඔය මුකුත් නොකර ගියත් කමක් නෑ. මොක්ද සන්ස්කෘතිය උපරිමෙන් කරන් ශ්‍රී පාදෙ ගිහින් කුනු විසිකරලා එන උන්ට වඩා මුකුත් නැතුව ගිහින් කුනු නොදා එන උන් වටිනවා. උඩ මලුවෙ තියෙන්නෙ ශ්‍රී පාද ලාන්ජනේ තමයි. ඒක දකින එකෙන් උබට කිසි වටිනකමක් නෑ නම් සෙනෙග අස්සෙ ඕකෙ යනවට වඩා හොදම දේ වෙන කන්දක් හොයන් නගින් එක.
Basically this.
කැලෙන් හොයාගෙන ගමනට භාවිත කරපු හැරමිටිය තව කෙනෙකුට අරගෙන ඉහලට නගින්න පුලුවන් වෙන්න පෙනෙන තැනකින් තියලා යන්න මට්ටමට සංවරකම රැකගෙන යනවා නම් බොහොම හොඳයි. ඒ වගේ උපදෙසක් තමා තරුණ කෙනෙකුට එකවරම දෙන්න තියෙන්නෙ.
එතනින් එහාට ගිහින්, පේවීම බෞද්ධ කෝණයකින් විග්‍රහ කලොත් එතන තියෙන්නෙ දාන සීල දෙක. යන්න කලින් අසරණයන්ට, සිල්වතුන්ට, දුප්පතුන්ට හිතවතුන්ට ආහාරපාන දීල,
ඒ කාලය තුල සිත, කය සහ වචනය කුසල් පැත්තට බරව තියාගැනීම.
අපේ රටේ සංස්කෘතිය සහ චර්යා පද්දති සකස්වෙලා එල්ලවෙලා (දැනුම් තේරුම් තියෙන අය එල්ල කරලා, සකස් කරලා නිර්මාණය කලා) තියෙන්නෙ ථේරවාද බුදු දහමෙ උපරිම දියුණුව කියන නිර්වාණය අවබෝධ කරන්න. ඒ උපරිම දියුණුව, නැතිනම් දියුණුවේ කෙළවරටම යන්න අවශ්‍ය කරන්නෙ දාන, සීල සහ භාවනායි.
සුදුවත් හඳින, පවුල් නඩත්තු කරන ගිහි ජීවීතය බහුකාර්ය නිසා මෙම දාන සීල භාවනා නිතර කරන්න අපහසුයි, ඒවා කරන්න එකවරම හිත නැමෙන්නෙ නැහැ. ඒ නිසා මිනිසුන්ට නිදහසක් ලැබෙන සතර පෝය, උපන් දිනය, අලුත් අවුරුද්ද, වන්දනාව ආදී සංස්කෘතික අංග වලට ඉහත කියපු දාන, සීල බද්ධ කලා/කෙරුණා. එහෙම නිතර දාන සීල දෙකේ යෙදීම තුල ඒවා සැපිරී ඉන්පසුව භාවනාවට යොමුවෙනවා, ඒ තුලින් ඒ අය මනුෂ්‍යයෙකුට ලැබිය හැකි දියුණුවකට පත්වෙනවා කියන න්‍යාය පදනම් කරගෙන තමා දාන සීල දෙක ජන ජීවිතයට බද්ද වුනේ සහ කලේ. මොකද ඔය තුනම එකිනෙකට ලඟ මනසික මට්ටම් තුනක් (බෙදා විස්තර කර දක්වන විට හතරක්).
දානය කියන්නෙ - අත්හැරීම
සීල කියන්නෙ - වැලකී සිටීම
භාවනාව (සමථ) - ගැලවී සිටීම
භාවනාව (විපස්සනා) - නොඇලී සිටීම
ආන්න ඒ නිසායි ඔය පේවීම සිදුකලේ කියන එකයි මගේ අදහස. අද ඒක හුදු දේව ඇදහිල්ලකට සීමා වෙලා තියෙන එක කණගාටුවක්. නමුත් මම දකින පේවීම ඉහත ආකාරයෙන් වෙන්න පුලුවන් නම් ඇත්තටම බෞද්ධයෙක් විදිහට සිරිපාදෙ නැගලා බහින්න පුළුවන් වේවි...
Edited - typo