Miracles of ශ්‍රි පාද ය

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මොනවද මේ කට්ටිය කියන කතා.මම එකපාරක්වත් සිරිපාදේ ගිහින් නෑ.

    කට වරද්දගන්න එපාලු,
    මායම් වෙනවලු,
    සති දෙකක් පේ වෙන්නලු යන්න කලින්,
    කට වරද්දගත්තොත් උඩටම යන්න බැරිවෙනවලු මොනවහරි වෙලා.

    අත්දැකිම් කියන්න
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ මොන ආගමේ උනත් යන්න වටීන තැනක්. එක එක විශ්වාස ඇදහීම් තියනවා. ඒවට ගරු කරලා, එක සැරයක්වත් ගිහින් වරෙන්. හැටන් පාරෙන් පළවෙනියටම යන්න. ඊට පස්සේ අමාරු පාරවල්වලින් යන්න. ඒක වෙනම අත්දැකීමක්. මේක වන්දනා ගමනක්ම නෙමෙයි හොදද.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ශ්‍රී පාදය කියන්නෙ ආගමික විශ්වාසය මත ගොඩනැගිච්ච තැනක්නෙ. එතනය යද්දි ඒ අදාල සනස්කෘතියට ගරු කරලා යනන් පුලුවන් නම් හොදයි. උබට ඒවා අවුල් නම් ඔය මුකුත් නොකර ගියත් කමක් නෑ. මොක්ද සන්ස්කෘතිය උපරිමෙන් කරන් ශ්‍රී පාදෙ ගිහින් කුනු විසිකරලා එන උන්ට වඩා මුකුත් නැතුව ගිහින් කුනු නොදා එන උන් වටිනවා. උඩ මලුවෙ තියෙන්නෙ ශ්‍රී පාද ලාන්ජනේ තමයි. ඒක දකින එකෙන් උබට කිසි වටිනකමක් නෑ නම් සෙනෙග අස්සෙ ඕකෙ යනවට වඩා හොදම දේ වෙන කන්දක් හොයන් නගින් එක.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    විකාර බන්..

    ඔය සුද්දො යන්නෙ, උඩට සිං සිං ගාලා බන්....
    අනිත් එක සිංහලුත් අහු වෙන්නෙ ගංජා එහෙම අරන් ගිහින් :rofl: :rofl: මගදි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    පහල එක තැනක් තියනව.
    එතන හාමුදුරුවෝ සෙට් එකක් ඉදන් යන අයව හරවල පොඩි හෝල් එකක් හරහා යන්න කියලා මොනවහරි කියලා අතේ නූලක් බදිනවා. ඊට පස්සේ සල්ලි ඉල්ලනවා පුජා කරන්න කියලා.
    එතනට එන්නේ නැතුව හැරිලා යද්දී , " එහෙම හැරිලා යන්න හොද නෑ " , ඒකට මොනවහරි කිව්වොත් "කට වරද්දගන්න හොද නෑ " කියලා කියනව. 🤭 මම නම් කටත් වරද්දාගෙන , එතනට යන්නෙත් නැතුව හොදට ගිහින් ආව දෙපාරක්ම.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම තුන්පාරක් ගියා. එක පාරක් ගියේ කොල්ලො ටිකක් එක්ක හොඳට බීලා.අර ගලේ ඔලුව ගහල වැඳලත් ආවා.2014 ගියේ. තාම නම් මුකුත් උනේ නෑ හැබැයි. ඊට පස්සෙත් තව පාරක් ගියා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,081
    113
    - උඩරට -
    තනිකරම මිත්‍යා අදහස් බන් තියෙන්නේ !!
    ඔය පේවෙන කතා බොරු බන් තනිකර..
    අන්‍යාගමික අය ඕනි තරම් ඔය යස අගේට ගිහින් එන්නේ .. 😅
    ඔය කියන විදිහට සැදැහැවතුන් විතරක් යනව නම් අච්චර කුනු ගොඩක් උඩ රැදිලා තියෙන්නේ කොහොමද 😅

    සල්ලි ගරා ගැනිම උදෙසා නිර්මාණය කරපු දේවල් තමා ගොඩක් තියෙන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    බොරු විකාර. අඩෝ තව ඔය බබාලා හම්බෙන්න ඉන්න අම්මලා ඉන්න ගෙවල් වල බිත්තියට ඇණ ගහන්න එපා කියන්නේ ඇයි? මොන ගොං කතාද බන්? 🤔
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු විකාර. අඩෝ තව ඔය බබාලා හම්බෙන්න ඉන්න අම්මලා ඉන්න ගෙවල් වල බිත්තියට ඇණ ගහන්න එපා කියන්නේ ඇයි? මොන ගොං කතාද බන්? 🤔
    ගොන් කතාවක් නෙමේ හරි කතාවක්, අමාරු උනාම හම්බෙන්ඩ ඉන්න අය බිත්ති අල්ලනව බිත්තියෙ ඇණ තිබ්බම තුවාල වෙනව,වැටෙන්ඩ පුලුවන් ඇදුමෙ පැටලිලා, ගෙවල් හදන්නෙ නැ අත්තිවාරමට හරි ගේන ගල් වැලි ගොඩවල් උඩ වැටෙන්ඩ පුලුවන් අනික දුවිල්ල, ඕව මිත්යා විස්වාස නෙමේ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඒවා බොරු උනත් මට දැන් හිතෙනවා ඕකෙන් හොදකුත් වෙනවා.
    අර යන යන තැන වනසන එවුන් ඒ කතා වලට බයේ වත් එහෙම නොකර ඉදි
     
    • Like
    • Love
    Reactions: olu bakka and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    Erozan තෑන්ක්ස් බන් මම මෙච්චරකල් හිතන් හිටියේ ඔය ඇණ ගහන සීන් එක පදනමක් නැති කතාවක් කියලා. දැනුයි තේරුණේ. ❤️
     
    • Like
    Reactions: Yakka putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ඉන්න මිනිස්සු බහුතරයක් මෝඩ මිනිස්සු කියල පිලිගන්නවා නේද? ඒ වගේ මෝඩයෝ බහුල සමාජයක ගොඩනැගෙන ජන කතා, විශ්වාස, සිරිත් විරිත් ගැන කතා කරන්න දෙයක් නෑ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඒක උබගේ විස්වාසය අනුව බන් . පේ වෙලා කටවරද්ද ගන්නේ නැතුව යන්න පුලුවන්නම් හොදයි
    මන්නම් එහෙම ගිහින් නැහැ. උඩටනම් අව්ලක් නැතුව ගියා. බැහැලත් ඇවිල්ල පස්සේ පොඩි කෙස් එකක් උනා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,391
    113
    ඒවා බොරු උනත් මට දැන් හිතෙනවා ඕකෙන් හොදකුත් වෙනවා.
    අර යන යන තැන වනසන එවුන් ඒ කතා වලට බයේ වත් එහෙම නොකර ඉදි
    ඔව් මචන් මේ වගේ mass එකක් පට්ට දුෂ්කර ගමනක් යන තැනක් වෙලත් කාටවත් කරදරයක් නැත්තෙ ගොඩක් උන් ඕවා විස්වාස කරන හින්ද. අනික කන්දක් නගිනවට වඩා අමුතු එකක් සිරීපාදෙ නගිද්දි දැනෙන්නෙත් අර දේවල් එක්ක.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ශ්‍රී පාදය කියන්නෙ ආගමික විශ්වාසය මත ගොඩනැගිච්ච තැනක්නෙ. එතනය යද්දි ඒ අදාල සනස්කෘතියට ගරු කරලා යනන් පුලුවන් නම් හොදයි. උබට ඒවා අවුල් නම් ඔය මුකුත් නොකර ගියත් කමක් නෑ. මොක්ද සන්ස්කෘතිය උපරිමෙන් කරන් ශ්‍රී පාදෙ ගිහින් කුනු විසිකරලා එන උන්ට වඩා මුකුත් නැතුව ගිහින් කුනු නොදා එන උන් වටිනවා. උඩ මලුවෙ තියෙන්නෙ ශ්‍රී පාද ලාන්ජනේ තමයි. ඒක දකින එකෙන් උබට කිසි වටිනකමක් නෑ නම් සෙනෙග අස්සෙ ඕකෙ යනවට වඩා හොදම දේ වෙන කන්දක් හොයන් නගින් එක.

    Basically this.

    කැලෙන් හොයාගෙන ගමනට භාවිත කරපු හැරමිටිය තව කෙනෙකුට අරගෙන ඉහලට නගින්න පුලුවන් වෙන්න පෙනෙන තැනකින් තියලා යන්න මට්ටමට සංවරකම රැකගෙන යනවා නම් බොහොම හොඳයි. ඒ වගේ උපදෙසක් තමා තරුණ කෙනෙකුට එකවරම දෙන්න තියෙන්නෙ.

    එතනින් එහාට ගිහින්, පේවීම බෞද්ධ කෝණයකින් විග්‍රහ කලොත් එතන තියෙන්නෙ දාන සීල දෙක. යන්න කලින් අසරණයන්ට, සිල්වතුන්ට, දුප්පතුන්ට හිතවතුන්ට ආහාරපාන දීල, ඒ කාලය තුල සිත, කය සහ වචනය කුසල් පැත්තට බරව තියාගැනීම.

    අපේ රටේ සංස්කෘතිය සහ චර්යා පද්දති සකස්වෙලා එල්ලවෙලා (දැනුම් තේරුම් තියෙන අය එල්ල කරලා, සකස් කරලා නිර්මාණය කලා) තියෙන්නෙ ථේරවාද බුදු දහමෙ උපරිම දියුණුව කියන නිර්වාණය අවබෝධ කරන්න. ඒ උපරිම දියුණුව, නැතිනම් දියුණුවේ කෙළවරටම යන්න අවශ්‍ය කරන්නෙ දාන, සීල සහ භාවනායි.

    සුදුවත් හඳින, පවුල් නඩත්තු කරන ගිහි ජීවීතය බහුකාර්ය නිසා මෙම දාන සීල භාවනා නිතර කරන්න අපහසුයි, ඒවා කරන්න එකවරම හිත නැමෙන්නෙ නැහැ. ඒ නිසා මිනිසුන්ට නිදහසක් ලැබෙන සතර පෝය, උපන් දිනය, අලුත් අවුරුද්ද, වන්දනාව ආදී සංස්කෘතික අංග වලට ඉහත කියපු දාන, සීල බද්ධ කලා/කෙරුණා. එහෙම නිතර දාන සීල දෙකේ යෙදීම තුල ඒවා සැපිරී ඉන්පසුව භාවනාවට යොමුවෙනවා, ඒ තුලින් ඒ අය මනුෂ්‍යයෙකුට ලැබිය හැකි දියුණුවකට පත්වෙනවා කියන න්‍යාය පදනම් කරගෙන තමා දාන සීල දෙක ජන ජීවිතයට බද්ද වුනේ සහ කලේ. මොකද ඔය තුනම එකිනෙකට ලඟ මනසික මට්ටම් තුනක් (බෙදා විස්තර කර දක්වන විට හතරක්).

    දානය කියන්නෙ - අත්හැරීම
    සීල කියන්නෙ - වැලකී සිටීම
    භාවනාව (සමථ) - ගැලවී සිටීම
    භාවනාව (විපස්සනා) - නොඇලී සිටීම

    ආන්න ඒ නිසායි ඔය පේවීම සිදුකලේ කියන එකයි මගේ අදහස. අද ඒක හුදු දේව ඇදහිල්ලකට සීමා වෙලා තියෙන එක කණගාටුවක්. නමුත් මම දකින පේවීම ඉහත ආකාරයෙන් වෙන්න පුලුවන් නම් ඇත්තටම බෞද්ධයෙක් විදිහට සිරිපාදෙ නැගලා බහින්න පුළුවන් වේවි...

    Edited - typo
     
    Last edited: