MJP ගම්පහ සමුළුවට ජන ගඟක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    MJP ගම්පහ සමුළුවට ජන ගඟක්








    ජනතාවට අවශ්‍යව ඇත්තේ ණය මත දුවන රටක් නොවන බවත්, එම තත්ත්වය වෙනස්කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් මව්බිම ජනතා පක්ෂය සතුව පවතින බවත් එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
    මව්බිම ජනතා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට ඊයේ (19) එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
    මෙම සමුළුව ගම්පහ සුමේධ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
    සමුළුව සඳහා මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර, පක්ෂ සභාපති ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
    එහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
    "මට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ සක්‍රීය දේශපාලනයට එන්න. නමුත් මේ රටේ ඇතිවී ඇති මේ යථාර්ථය තුළ මේ රටේ පවතින දරුණු දේශපාලන රික්තය තුළ. සක්‍රීය දේශපාලනයට එන්න අපිට බලපෑම් කළා. මගේ ආදරණීය මිත්‍රයෝ මට කියනවා. මේ නරාවළට බහින්න ඕනේද ? වෙන විදියක් ඇත්තේම නැද්ද අහනවා. ඇත්ත කිව්වොත් විකල්ප ඔක්කොම අත්හදා බලලා තියෙනවා. අපි ආවේ වැඩපිළිවෙළක් එක්ක. පරණ ප්‍රතිපත්ති ප්‍රකාශ මත පදනම් වෙන්නේ නැහැ. අපි උපායමාර්ගික වැඩපිළිවෙළක් දින වකවානු සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ ආ හැකි වැඩපිළිවෙළක්. අපි සමඟ එක්වන්නැයි ඉල්ලීමක් කරනවා. අපිට අවශ්‍ය සුබසාධන රාජ්‍යයක් නෙවෙයි. ණය මත යැපෙන රටක් නෙවෙයි අවශ්‍ය. තමන් ගැන විශ්වාසය ඇති අය එකතුවෙමින් ඉන්නේ. මේ රටේ ඉන්න හිතාගෙන ඉන්න තාරුණ්‍යට, රට ගිහින් බැරිම තැන මෙහේ එන්න හිතාගෙන ඉන්න තාරුණ්‍යයට, අපි විසඳුමක් දෙනවා. සතුටු දැයක් අපි දෙනවා පරම ධනය සතුට නම් අපි සතුට දැනෙන රටක් නිර්මාණය කරනවා අපේ සංකල්පය ව්‍යවසායකත්ව රාජ්‍යයක්, ණය ගන්න රාජ්‍යයක් නෙවෙයි අපි ඔබේ විභවයන් එළියට ගන්නවා. ධනාත්මකව හිතන්න හැකියාව දෙන රාජ්‍යයක් සඳහා අපි ඔබව අභිප්‍රේරණය කරනවා"