Modi has asked maithree to resign

amasi

Member
Sep 3, 2018
692
19
0
ජනපති මෛත්‍රී - මෝදි දුරකතන සාකච්ඡාවක්
හර්ෂණ තුෂාර සිල්වා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවේ රෝ ආයතනය තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත ඇතුළු මාධ්‍ය කිහිපයක්ම අද (17) වාර්තා කර තිබිණි.

එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළ බව ද එම පුවත් වාර්තාවල දැක්විණි.

දෙරටේ නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වී ඇතැයි එම රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අද (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.
 

amasi

Member
Sep 3, 2018
692
19
0
u kivva kiyala ain wenna mona ponna kamak da. indian pakkunta ona widihata da api inna ona ponil wage?

may3 ta 2015 viyadam kare raw eka,ravi, rajitha, malik ,unp.raw eka tamai 80%k dunne. cheena eka rupiyalak dunne naha. dan my3 hamotama puka pennala cheena gavata duvanavanam bullet ekak enava kiyala dannava.my3 adagena hitiye modita.moko raw ekane salli denne. my3 ta kondak tibunanam 2015 kiyanna tibba mata raw eke salli epa kiyala.
 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
u kivva kiyala ain wenna mona ponna kamak da. indian pakkunta ona widihata da api inna ona ponil wage?


Yes. Lankawata ona widiyata inna ba. 1987 kala wage Indian Army ekata Lankawa allanna puluwan ona welawaka. Russia wa, USA loke anith ratawal invade karanne one tharam e wage thamai.

Lanka wa Suddagen nidahasa gaththu eka thamai lokuma gon wede. Australia wage bageta nidahasa gaththa nan India,China mokekwath apita part danna enne na.
 
Last edited:

ceng

Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    මේකත් කියවලා බලන්න ...

    ඉන්දියාව එන්නේ මොකාට ද?



    රනිල් ඉවත් කිරීමේ අවශ්‍යතාව අද ඒකාබද්ධ විපක්‍ෂයේ/පොදුජන පෙරමුණේ බොහෝ දේශපාලනඥයන්ට වැටහිලා කියා මා හිතන්නේ නැහැ. අද බොහෝ දෙනා ඊනියා සභාග/භාරකාර ආණ්ඩුවක් ගැන කතා කරනවා. දැන් තියෙන්නෙත් සභාග ආණ්ඩුවක් මිස තනි පක්‍ෂයක ආණ්ඩුවක් නො වෙයි. භාරකාර ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන. දහනවවැනි සංශෝධනයෙන් පස්සෙ ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමෙන් පමණයි. ජනාධිපතිටවත් අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ජ වි පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ ඇතැමුන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියන්නෙ හොඳ සිහියෙන් ද? දහනවවැනි සංශෝධනයට පක්‍ෂව ඡන්දය දුන් අයට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න 2020 ජනවාරි වෙනකන් බලා ඉන්න වෙයි.




    ඒත් ව්‍යවස්ථාවට එකඟ ව රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන්න පුළුවන්. ඒ ගැන අප කියන්න වෙලා අවුරුදු තුනකට වැඩියි. එහෙත් එයට විරුද්ධ වීම තමයි මෑතක් වන තුරු කෙරුණෙ, අදත් කෙරෙන්නෙ. එහි දී විවිධ කොන්දේසි ඉදිරිපත් කෙරුණා. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකකුත් හෙවිල්ලක් තමයි වුණේ. අප ඉදිරි ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් හෝ ගැන කතා කෙළේ නැහැ. රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමට තමයි අප කතා කෙළේ.



    ඒ සඳහා මැතිවරණයක් අවශ්‍ය නැහැ. 2015 ජනවාරි 9 වැනි දා කඩිමුඩියේ රනිල් අගමැති කෙළේ මැතිවරණයකින් ජනමතය උරගා බැලීමෙන් නො වෙයි. ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හිටියෙ හතළිස් ගණනයි. කවුරුන්වත් ඇහුවෙ නැහැ රනිල්ට මන්ත්‍රීවරුන් 113 දෙනකු ඉන්නව ද කියා. ව්‍යවස්ථාව අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබූ තැනැත්තා අගමැති කළා. මෙහි වැදගත් වචන තම මතය අනුව යන්නයි. මේ තත්වය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙනුත් වෙනස් වුණෙ නැහැ. අද මැතිවරණ ගැනයි 113 ගැනයි කතා කරන්නෙ නොදැනුවත් ව නොව ජනතාව මුළා කරන්න. කෝඳුරු තෙල් හත්පට්ටය තිබුණත් තව ටිකක් හොයන්න.



    අද ඇතැමුන් කියනවා ශ්‍රී ල නි ප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු ය කියා. එහෙම කළොත් මන්ත්‍රීවරුන් 106 දෙනකු ඉන්න එ ජා පෙරමුණ ඉබේ ම ආණ්ඩුව වෙනවා. අද කළ යුත්තේ යම් ක්‍රමයකින් රනිල් හා එ ජා පෙරමුණු ඇමතිවරුන් ඉවත් කර මහින්ද අගමැති කර වෙනත් ඇමතිවරුන් පත් කිරීමයි. එහෙත් ඒක වෙයි ද? ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ/ශ්‍රී ල නි පක්‍ෂෙ ඇතැමුන් එයට විරුද්ධව නොයෙක් කතා කියනවා. කලිනුත් කිව්ව. ඉන්දියාව මොක ද කියන්නෙ. ඔවුන්ට ඕන ගෝඨාභය නවත්තල පසුව මෛත්‍රිපාල ඉවත් කරන්න ද? රනිල් මෝදි හමුව කුමක් සඳහා ද?



    කතාව තරමක වෙනස් මගක් ගත්තෙ මහින්දගෙ ඉන්දියා ගමනෙන් පස්සෙ. මාස තුනකට පිටරට ගිය බැසිලුත් හදිසියේ ආවා. ඔහු නම් කියන්නෙ ගිය වැඩේ අවසන් වූ නිසා තව නිවාඩු තිබුණත් රටේ යහපත සඳහා ආපසු පැමිණි බවයි. අප දේශපාලනඥයන් කියන කතා හැම එකක් ම පිළිගන්න ඕන නැහැ. දැන් දැන් මහින්ද - මෛත්‍රිපාල, බැසිල් - මෛත්‍රිපාල හමුවීම් ගැන අහන්න ලැබෙනවා. ඒක හොඳයි. කවුරුන්වත් බැසිල් සිරිජාතිවාදියකු කියන්නෙ නැහැ. සමහර විට ඔහු ජාතිකවාදියකු නොවන නිසා සිරිජාතිකවාදියකු වෙන්න බැරිව ඇති. ඒත් ඒ කතාවල අවසානය කුමක් වේ ද?



    සමහරු කියනවා මෛත්‍රිපාල විශ්වාස කරන්න බැහැ කියලා. එහෙම කියල රනිල් තවදුරටත් අගමැති ලෙස තියා ගන්නවා ද? රනිල් හා එ ජා පෙරමුණේ ඇමතිවරු රට විකුණනවා. විකුණන්නෙ මුදලට නොවැ. රනිල් කොටින්ට වන්දි ගෙවන පනත විතරක් නොවෙයි විස්ස මුවාවෙන් දෙමළ ජාතිවාදය වෙනුවෙන් රට බෙදන පනත් ද සම්මත කර ගනීවි. ඔහුගේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති නිසා අද දෙමළ ජාතිවාදය හිස ඔසවනවා. අනෙක් අතට අපට අනෙක් දේශපාලනඥයන් විශ්වාස ද? 2008 -2009 වකවානුවේ ඉන්දියාවෙ ටොයිකාවක් (ත්‍රිත්වයක්) සමග සාකච්ඡා කළ ලංකාවෙ ට්‍රොයිකාව පොරොන්දු වුණෙ මොනවා ද කියන එක 2009 මැයි 19 වැනි දා නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඒ මාසෙ ම 21 වැනි දා ඉන්දියාවෙ ට්‍රොයිකාව ලංකාණ්ඩුව සමග අත්සන් කළ ප්‍රකාශයෙහි සඳහන් වෙනවා. දහතුන ක්‍රියාත්මක කිරීම දහතුන ඉක්මවා යන විසඳුමක් සඳහා දෙමළ පක්‍ෂ ඇතුළු දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කිරීම එහි අඩංගු වෙනවා.



    අවාසනාවකට අසූවෙ දශකයේත් අනූවෙ දශකයේත් 2008ත් අදත් ලංකාවෙ දේශපාලනය මෙහෙය වෙන්නෙ ඉන්දියාවෙන්. 2015 මහින්ද පරාජය කෙරුණෙත් ඉන්දියාව මුල් වෙලා. අද ඉවත් කරන්න යන්නෙ කාවද? රනිල් ද මෛත්‍රිපාල ද? ඇතැමුන් හිතන්නෙ අප ඉන්දියාව කළමනාකරණය කරනවා කියා. නැහැ ඉන්දියාව අප කළමනාකරණය කරනවා. ඒත් ඉන්දියාව කියල හරි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරනව නම් එක හොඳයි. එහි භයානක පැත්තක් නැතුවා නො වෙයි.



    එසේ නමුත් අද ඊනියා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට නැවතත් බාධක ඇති වෙලා. එයට එක් හේතුවක් වන්නෙ නැවතත් 2019 අග ජනාධිපති අපේක්‍ෂක කවුද කියන ප්‍රශ්නය මතු වීම. අද ප්‍රමුඛතාව දෙන්න ඕන රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට මිස ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා තීරණය කිරීමට නො වෙයි. අද දේශපාලනය කියන්නෙ දේශපාලනඥයන්ගෙ හා ඔවුන් ඇසුරු කරන පාතාලයෙ බසින් කියනවා නම් ඩීල් හා ගේම්වලට. ඉන්දියාව අර අඳින්නෙ මොකට ද කියන එක හරියට ම පැහැදිලි නැහැ. මෛත්‍රිපාල හා ගෝඨාභය ඝාතනය කිරීම කතාව තවමත් ප්‍රාථමික මට්ටමක තියෙන්නෙ. මෛත්‍රිපාල රනිල් කරන්නෙ රංගනයක් පමණක් කියලා තවමත් හිතන අය ඇති. එහෙත් පසගිය දා පැවති ඇමති මණ්ඩල රැස්වීමෙදිත් දෙන්න හොඳට ම හැප්පිලා.



    මෛත්‍රිපාල කොලඹ වරායෙ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ඉන්දියාවට හා ජපානයට දෙනවට විරුද්ධයි. ඔහු අර තමන් හා ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ කතාවෙ ඉන්න ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකාරයකු යැයි කියලා. රාජ්‍ය නායකයකු වෙනත් රාජ්‍යයක ඔත්තු සේවයක ඔත්තුකාරයකු ගැන කියන එක ලෙහෙසි පහසු දෙයක් නො වෙයි. ඒ කුමක් වුවත් අපට තවමත් නොපෙනෙන කරුණු ඉනදීිය මැදිහත් වීමේ තියෙන බව නම් පැහැදිලියි. දෝෂාභියෝගයකින් මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් ඉවත් කරන්න උත්සාහයක් තියෙනවා ද? කුමන්ත්‍රණ කතා මොනවා ද? ඉන්දියාව වඩා අකමැති රනිල්ට ද මෛත්‍රිපාලට ද? සිරිසේන විරෝධයක් රටේ තියෙනවා. රනිල් තියාගෙන මෛත්‍රිපාල ඉවත් කිරීමට සමහර ජාතිකවාදීන් ද කැමතියි. ගෝඨාභයට අකමැති වෙල්ගම විතරක් නො වෙයි. ඉන්දියාව එක ගලකින් කුරුල්ලන් කිහිප දෙනකු මරන්න සූදානම් වෙනවා ද?



    තම ඓතිහාසික කාර්යභාරය දන්නා, දේශපාලනඥයන් ඇහුම්කන් දෙන, උජුපටිපන්න භික්‍ෂූන් වහන්සේ වැඩ වසන්නේ නම් උන්වහන්සේට දේශපාලනඥයන්ට අණ කරන්න තිබුණා ප්‍රමුඛතාව මොකක් ද කියන එක ගැන. එහෙත් අද දුර්වල කර සිටින උන්වහන්සේ අතින් එවැන්නක් සිදු නොවන නිසා ඉන්දියාවට සියලු ප්‍රශ්න තම අතට ගැනීම පහසුයි. ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් කිරීමේත් භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු දේශපාලනයට වැඩම්මවීමෙත් පාප කර්මවල විපාකවලටත් අද මුහුණ දෙන්න වෙලා. ලංකාව පාරාදීසයක් ලෙස කලක් පැවතුණා. අද එය කෞටිල්‍යයන්ගෙ කෙළිබිමක්.


    Nalin de Silva