මෙහෙන් ඩොලර් අරන් යන්න..එහෙ එයාපෝට් එකේ බැහැලා පොඩි ගානක් මාරු කරගන්න බාත් වලට.ඊට පස්සේ එලියට ගිහින් ඉතුරු ඩොලර් මාරුකරන්න බාත් වලට..එලියේ රේට් හොදයි..ඔය ලොකු ශොපින් මෝල් හැම එකකම සහ පාරවල් අයිනේ එහේ හැමතැනම එක්ස්චේන්ජ් තියනවා.එයාපෝට් එක ඇතුලේ පොඩ්ඩක් පාඩුයි මාරුකිරිල්ල..ස්කෑම් පිරිච්ච රටක්..හොරු හැමතැනම..පරිස්සම් වෙන්න.බැන්කු කාඩ් වලින් එහේ පේමන්ට් කරාට ලොකු අවුලක් නෑ ATM වලින් සල්ලි ගන්න යන්න එපා ලොකු ගානක් වැඩිපුර කැපෙනවා.ලන්කාවට වඩා ජරා මිනිස්සු ඉන්නේ සත පහකට විස්වාස කරන්න එපා..තව මොනවහරි දැනගන්න ඕනිනම් අහන්න..
හිතාගන්න බැරි විදියට පොකට් ගහන සල්ලි උස්සන උන් ඉන්නවා..වැදගත් විදියට ඇද පැලදගෙන ඇවිල්ලා.ශොපින් මෝල් ඇතුලේ කතාවට සෙට් වෙනවා.ඊට පස්සේ කියනවා ඔයාගේ රටේ සල්ලි කොල පෙන්නන්නකෝ බලන්න ආසයි කියලා..අපිත් කල්පනා කරනවා අරන් දුවන්නේ නෑනේ පෙන්නුවට අවුලක් නෑ කියලා..පෙන්නද්දි ඌ අතට ගන්නවා බලන්න වගේ සල්ලි කොල..බලන අතරේ අත යටින් හන්ගගන්න විජ්ජාකාරයෝ ඉන්නවා..අමුතුම ගේම් තියන රටක්..
------ Post added on Oct 3, 2023 at 8:24 AM