You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
"Monkey Kingdom" - අපේ සිනමා අධ්‍යක්ෂකවරුන් නොදුටු ශ්
ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ "Monkey Kingdom" (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
https://youtu.be/xasvQYdvSD0
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා චිත්‍රපට සමාගමක් වන වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ මැක් ලින්ෆෙල්ඩ් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ වාර්තා චිත්‍රපටයට අලුත උපන් වඳුරු පැටවකුගේ ජීවිත කතාව ඇතුළත් වී ඇති අතර මෙහි උණවටුන වෙරළ තීරය, යාල වනෝද්‍යානය, කල්පිටිය, මිරිස්ස සීගිරිය වැනි විශේෂ ස්ථානවලද රූගත කිරීම් සිදුව ඇත.
https://youtu.be/bZr44dprAJ4
ඇ.ඩො. මිලියන 7ක් වැයවී ඇති මේ චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිපදවා ඇති එවැනි ආකාරයේ 8 වැනි ත්‍රාසජනක චිත්‍රපටය වන අතර සමාගම විසින් අවසන් වරට මෙවැනි චිත්‍රපටයකින් ඇ.ඩො. මිලියන 35ක ආදායමක් ප්‍රවේශපත්‍ර විකිණීමෙන් පමණක් උපයාගෙන තිබේ.
https://youtu.be/tw9ZCONCkAA
හොලිවුඩ් පුරයෙන් මෙහි පැමිණ වසර දාහක් පැරණි
නුග ගස මැරූ 'මන්කි කිංඩම් ' චිත්‍රපටකාරයෝ
* පොලොන්නරුවේ රිලා පරපුර ලෝකයට ගෙන ගියේ ඇමරිකන් මහාචාරවරයෙක්...
* රුපියල් බිලියන පහක ආදායමක් ලබා හොලිවුඩය හෙල්ලූ චිත්‍රපටයක්...
මේ කතාව අපි පුරාතණ පොලොන්නරුව රාජධානියෙන් පටන් ගනිමු. අද රිළවුන් ඉතා බහුල වශයෙන් සිටින, නමුත් මෙයට වසර 2415 කට පෙර මිනිසුන් ඉතා බහුල වශයෙන් සිටි ප්‍රදේශයක් ලෙස පොලොන්නරුව හඳුන්වනු ලැබේ. අද පොලොන්නරුවේ ටවුම පවතින තැන එකල, එනම් ක්‍රි. පූ. 400 දී විජිතගම නමැත් ජනාවාසයක් පැවතින. පොලොන්නරුව නමැති නම පුලස්ති ඉසිවරයා නිමිති කරගත් පුලතිසිපුර නමැති නමෙන් බිඳී ආවක් බවට විශ්වාසයක් තිබේ. එහෙත් ඉතිහාසය විසින් පොලොන්නරුව නමැති නමට දෙන තවත් අර්ථකථනයක් ඇත. ඒ වු කලී මේ ප්‍රදේශය තුළ පුලුන් වගාව බහුලව කෙරුණ බවත්, මෙයට වසර දහසකට පමණ පෙර රටේ සෙසු ප්‍රදේශවලින් මෙහි පැමිණි ජනයා තමන් ගෙනෙන වෙළෙඳ බඩුවලට පුලුන් හුවමාරු කර ගත් බවත් එකී පුලුන් Ý මාරුව } පොලොන්නරුව වූ බවත් ය. ඔබ මේ ඉතිහාසය අසා තිබුණ ද බොහෝ දෙනා අසා නැති බව අපි විශ්වාස කරමු. එතැන් සිට කතාව මෙසේයá
1017 දී ඉන්දියානු ආක්රමණික පළමුවැනි රාජරාජ(න්) අනුරාධපුරය අල්ලා ගෙන එහි රජ කළ පස්වැනි මහින්ද අත්අඩංගුවට ගෙන දකුණු ඉන්දියාවේ හිර ගෙයකට පටවයි. මහින්ද රජු 1029 දී ඉන්දියාවේදී ම මිය යන්නේය. ඉන් වසර 52 කට පසු චෝල රජවරු තම රාජධානිය අනුරාධපුරයෙන් ඉවතට ගෙන පොලොන්නරුවට රැගෙනයති. චෝලයන් පොලොන්නරුවට තැබු නම ජනනාතමංගලම් ය. 1150 වන විට වීර සිංහලයකු වන පළමුවන විජයබාහු චෝලයන් පළවා හැර ජනනාතමංගලම් (පොලොන්නරුව) රාජ්‍යය සියතට ගත්තේය. 13 වැනි සියවසේදී පොලොන්නරුව යළි ඉන්දියානු ආධිපත්‍යය විසින් ඩැහැගනු ලැබේ. මෙවර එය හිමි කර ගත්තේ දෙමළ කතා කරන පාන්ඩ්ය රාජධානියෙන් පැමිණි දෙවැනි පරාක්‍රම පාණ්ඩ්‍යන් රජු ය. තවත් වසර තිස්පහකට පසු ඉන්දියාවෙන්ම පැමිණි කාලිංග මාඝ නමැති හින්දු අන්තවාදියා පොලොන්නරුව අත්පත් කර ගනී. මෙහිදී ඉතා වැදගත් යමක් සඳහන් කළ යුතුව තිබේ. ඒ වූ කලී මේ සැම කාලයකදීම පොලොන්නරුව සශ්‍රීකව තිබූ බවයි. ලුණු හැර වෙනත් සෑම දෙයකින්ම මේ රාජධානිය ස්වයංපෝෂිත වූ බව දැන ගන්නට ඇත. 19 වන සියවසේදී පොලොන්නරුව අත්හරින සිංහලයෝ යාපහුව තම රාජධානිය කර ගනිති. එතැන් සිට පොලොන්නරුවේ මහ ජාතිය වන්නේ මනුස්ස ප්‍රජාව නොව රිළා ප්රජාවය.
ò ò ò ò ò ò
පොලොන්නරුවේ රිළා ප්‍රජාව 1968 සිට ලෝක ප්‍රසිද්ධය. හේතුව එම රිළා ප්‍රජාවේ කණ්ඩායම් ක්‍රියාවලිය, නායකත්වය, පවුල නමැති ඒකකයේ ක්‍රියාකාරකම් යනාදිය මනුෂ්‍ය ප්‍රජාවට බෙහෙවින් කිට්ටු වීමය. රිළවුන්ට කතා කිරීමට බැරිය. උහු පාසල් නොයති. උනට උපාධිය ද නැති. උහු ඡන්දය ද නො ඉල්ලති. එහෙත් මනු සතාට වඩා හොඳිනුත් අවංකවත් තම වර්ගයා උදෙසා පෙනී සිටීමට රිලවා සමත් ය.
මේ අතර ඇමරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා පර්යේෂකයකු වන වුල්µaගැං ඩිටස් ස්වකීය ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනයක් ලියනු පිණිස 1968 දී පොලොන්නරුවට එයි. ඔහුගේ නිබන්ධනයේ නිමිත්ත ශ්‍රී ලංකාවේ රිළවුන්ගේ හැසිරීමය. ඒ අනුව ඩිටස් පොලොන්නරුවේ කැලෑවලට වැදී දවසේ පැය 24 න් 18 ක් රිළවුන් සමඟ කාලය ගත කරයි. ඔහු රිළවුන් සමඟ කොතරම් බැඳුනේ ද යත් වසර කිහිපයකට පසු පොලොන්නරුවේ කැලයෙන් එළියට එන්නේ රිළවුන්ගේ හැසිරීම් උන් තරමටම අනුකරණය කර පෙන්විය හැකි ලොව එකම මනුෂ්‍යයා බවට පත් වෙමිනි. පොලොන්නරුවේ කැළෑබද ප්‍රදේශවල අවුරුදු හත් අට සියය පරණ යෝධ නුග ගස් ඇති අතර ඒවා රිළා ප්‍රජාවගෙන් පිරී පවතී. වුල්µaහැං ඩිටස් මේ නුග ගස් යට මෙන්ම නුග ගස් උඩ ද රිළවකු මෙන් රිලවුන් සමග කල් ගත කළ බව කියනු ලැබේ.
ඩිටස් එක්රැස් කළ දත්ත පළකරන්නේ 1995 දීය. එම වසරේදී එම දත්ත ඇසුරින් රිළවුන් ගැන වාර්තා චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේදී නිපදවීමට බ්‍රිතාන්‍යයේ ඊඊC රූපවාහිනිය සහ ඇමරිකාවේ ඩිස්කවරි චැනලය තීරණය කළහ. ඒ අනුව මාක් ලින්µSල්ඩ් නමැති චිත්‍රපට නිෂ්පාදකයකු ද සමඟÊබ්‍රිතාන්‍ය ඇමරිකන් රූපවාහිනී කණ්ඩායමක් 'ද ටෙම්පල් ටෲප්' නමැති වාර්තා ටෙලි චිත්‍රපට මාලාව සඳහා 1995 දී පොලොන්නරුවට එති. චිත්‍රපට මාලාවේ නිමිත්ත වූQයේ වුල්µaහැං ඩිටස් ගැවසුන පොලොන්නරු වන ගහනයේ නුග ගස් අතර පිහිටි විශාල ගල් ගුහාවක් මත වැඩුණු මහා නුග ගසක් ආශ්රිත පැරැණි පන්සලක වෙසෙන රිළවුන් සමූහයකි. පාසල් නොගිය, උපාධි නැති, දේශපාලනය නොකරන රිළවුන් මනුෂ්‍යයන්ට වඩා සාධාරණවත්, අවංකවත් හැසිරෙන හැටි මේ චිත්‍රපට මාලාව මගින් ලෝක ප්‍රජාව මුල් වරට දුටුවාහ. 1997 දී පෙන්වන ලද මේ චිත්‍රපට මාලාව ඉතා ජනප්‍රිය වූ අතර පොලොන්නරුවට ගොස් ලංකාවේ රිළවුන් සහ පෙර සඳහන් මහා නුග ගස දැක බලා ගනු පිණිස යුරෝපීය සංචාරකයෝ 1997 - 98 අවුරුදුවල මෙරටට පැමිණියහ.
ටෙම්පල් ටෲප් චිත්‍රපට කණ්ඩායමේ නිෂ්පාදක මාක් ලින්µsල්ඩ්ට 2012 දී අලුත් අදහසක් පහළ විය. ඒ වූ කලි වන දිවිය පිළිබඳ චිත්‍රපට හදන ඇලිස්ටර් ෙµdතගිල් නමැති මිතුරා සමඟ එක්ව පොලොන්නරුවේ රිළවුන් ගැන අලුත් චිත්‍රපටයක් හැදීමය. ඒ අනුව වසර 2013 දී ඇමරිකාවේ 'ඩිස්නිනේචර්' නමැති ස්වභාව විද්‍යා චිත්‍රපට කණ්ඩායම සමඟ පොලොන්නරුවට ගිය ලින්µSල්ඩ් සහ ෙµdතගිල් පෙර සඳහන් කළ ගල් ගුහාව මත පිහිටි පෞරාණික මහා නුග ගස එම චිත්‍රපටයේ දර්ශන තලය සඳහා තෝරා ගත්හ. අර්ධ වාර්තා චිත්‍රපටයක් වුවද, මෙයට කතාන්දරයක් ද තිබිණි. ඒ මෙසේය. 'මායා' රිලවියකි. ඇගේ පුත්‍රයා 'කිප්a' ය. සිය පවුල නමැති ඒකකය තුළ 'කිප්' නමැති පුත්‍රයාට ප්රමුඛ තැනක් ලැබෙනු දැක්ම මායාගේ වුවමනාව විය. මේ අතර දවසක අල්ලපු කැලෑවේ සිටින වඳුරු රැළක් මායාගේ වාසස්ථානය පිහිටි මහ නුගය අවට ප්‍රදේශය ආක්‍රමණය කරති. මේ නිසාම අලුත් වාසස්ථානයක් සොයාගැනීමට මායාගේ පවුලට අවශ්‍ය වෙයි. ඒ අනුව 'මායා' නව වාසභූමියකට යයි. එසේම තම පැරැණි වාස භූමිය ආපසු අත්පත් කර ගැන්මට අවශ්‍ය නම් සාමූහිකව එක්ව වඳුරන් එළවා දැමිය යුතු බව ඇය සිය පවුල අයත් රිළා ප්‍රජාවට හඟවයි. ඇය මෙසේ කරන්නේ තමන්ට හුරු පුරුදු පැරැණි වාසස්ථානය තුළ සිය පවුලට ම මෙන්ම පුත්‍රයාට ද ආරක්ෂාව තිබෙන බව දන්නා නිසාය. 2015 අප්‍රියෙල් 23 වැනිදාට යෙදන ලෝක මිහිතල දිනය නිමිත්තෙන් ද 'මංකි කිංඩම්' ලොව පුරා ප්‍රදර්ශනය කරන ලදී. එය ආදායම් වාර්තා පිහිටුවමින් ඩොලර් එකකෝටි හැටහත් ලක්ෂයක් හෙවත් රුපියල් බිලියන 5 කට ආසන්න ආදායමක් උපදවන ලද්දේය.
'මංකි කිංඩම්' චිත්‍රපටය ප්‍රදර්ශනය කර ටික කලකට පසු එයට මූලික වූ පොලොන්නරුවේ ඓතිහාසික මහ නුගයේ කොළහැලී ගියේය. ඉන් පසු දැක ගන්නටලැබුණේ පෙර මෙන් කොළ පිරි නුගගසේ අතුපතර දිවයන රිළා රංචු නොව, ඇටසැකිල්ලක් වැනි කොළහැලුනු නුග අතු මත දිව යන රිළා රංචුය. ඉන් මාස කිහිපයකට පසු නුග ගස මියයන්නට පටන් ගත්තේය. අද වනවිට එය සම්පූර්ණයෙන් ම මිය ගොස් අති අතර. ඓතිහාසික පාරිසරික ස්මාරකයක් ලොවට අහිමි වී ඇත.
මෙසේ වූයේ ඇයි? මේ සඳහා උපකල්පන න්‍යාය කිහිපයක් තිබේ. එයින් පළමුවැන්න නම්, චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම චිත්‍රපටය රුපගත කිරීමට පෙර නුග ගසේ කොළ හැලී යැම සඳහා රසායනික ද්‍රව්‍යයක් යෙදූ බවය. ඒ කොළ අඩු වූ විට නුග ගසේ අතු මත දිවයන රිළවුන් වඩා පැහැදිලි ලෙස කැමරාවට හසුකර ගන්නට හැකි වන නිසා ය. ඊළඟ උපකල්පනය වන්නේ මේ නුගගස තවත් වතාවක් මෙවැනි පාරිසරික චිත්‍රපටයකට යොදා ගැනීමට බැරි වන පරිදි මරා දමන ලද බව ය. ඒ සඳහා යෙදූ රසායනික ද්‍රව්‍යවලින් නුග ගසේ කොල හැලී ගස ස්වාභාවික ලෙස පෙනෙන මරණයකට යොමු කර ඇති බව කියනු ලැබේ. කෙසේ වුවද මේ දෙකම උපකල්පන බව පමණක් කියමු. මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කරන ලෙස විද්‍යා දැනුමැති ප්‍රජාවගෙන් ඉල්ලමු.
අනුර සොලමන්ස්
http://www.divaina.com/2015/12/20/feature14.html

හරිම කණගාටුයි

පරණ වාර්තා චිත්‍රපටියේ ලින්ක් එකක් සෙට් වුනේ නෑ බං 