Most Violent Serial Killers (සාහසික මිනීමරුවෝ...!!)

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
මහින්ද මාමගේ බොක්ක ජුලන් පිටියේ අමරේ අන්කල්
මිනීමැරුම් 24
ස්ත්‍රී දූෂණ 11
මංකොල්ල 13
 

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Dean Corll

    10

    deanarnoldcorllpasadena.jpg


    deancorll.jpg



    Dean Corl



    ඇමෙරිකානු ජාතික ඩේන් ආර්නොල්ඩ් කෝර්ල් නොහොත් කැන්ඩි මෑන් (24, දෙසැම්බර් 1939 - 8, අගොස්තු 1973 )

    ඩේවිඩ් බෲක් හා එල්මර් වේන් යන තරුණයින් දෙදෙනා පැහැරගැනීම, දූෂණය කිරීම, කෲර වද හිංසා පැමිණවීම සහ මරණයට පත්කිරීම ඇතුලු අවම වශයෙන් ටෙක්සාස්, හූස්ටන් ප්‍රදේශයේ තවත් තරුණයින් 28 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකානු ඉතිහාසයේ ඉතා දරුණුතම පුද්ගල ඝාතනයට වරදකරු වු තවත් එක් සාහසික මිනීමරුවෙකි. මෙම මිනීමැරුම් හුස්ටන් මාස් මර්ඩර්ස් ලෙස එකල හඳුන්වා ඇත.කොර්ල්, කැන්ඩි මෑන් ලෙස හඳුන්වා දීමට හේතු වී ඇත්තේ ඔවුන්ගේ පවුල සතුව තිබූ පැණිරස කැවිලි කර්මාන්තශාලාවක් නිසාවෙනි. එකල ඔහු එම ප්‍රදේශයේ ලමුන්ට නොමිලයේ පැණිරස කැවිලි බෙදාදීමට තරම් කාරුණික වු අයෙකි.

    මැරි රොබින්සන් හා ආර්නොල්ඩ් එඩ්වින් කොර්ල් යුවලගේ පලමු දරුවා ලෙස ඩීන් අර්නොල්ඩ් කොර්ල් 1938 දෙසැම්බර් මස 24 වන දින ඉන්දියානා ප්‍රාන්තයේ ෆොර්ට් වේය්න් වලදී උපත ලදී. ඔහුගේ පියා ඉතා දැඩි පිලිවෙතක් අනුගමනය කරද්දී, ඔහුගේ මව ඉතා ආදරයෙන් ඔහුව ආරක්ශා කළාය. ඔවුන්ගේ දෙවන දරුවා වන ස්ටැන්ලී ඉපදී සිව් වසරකින් පවුල් ආරවුල් හේතුවෙන් මැරි රොබින්සන් හා ආර්නොල්ඩ් එඩ්වින් කොර්ල් 1964 දී දික්කසාද වන ලදී. ඔවුන්ගේ දරුවන්, පියා සමඟ වාසය කරද්දී මෙම යුවල නැවතත් සමාදාන වීමට උත්සහ කරන ලදී.

    ළමා අවදියේදී කොර්ල් ඉතා ලැජ්ජාශීලී, සරල අනෙක් ළමුන් සමඟ නිරන්තරයෙන් එක්වී කටයුතු කිරීමේන් වැලකුනු දරුවෙකි. ඔහු අවුරුදු 7දි හඳුනා නොගත් රූමැටික් උන ප්‍රදාහයකින් පෙලීමත් සමඟ වෛද්‍යවරුන් ඔහුට හදවත් රෝගී තත්වයක් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට පාසලේදි ශාරීරික ක්‍රියාකාරකම් වලට සාභාගි නොවන ලෙස උපදෙස් ලබාදී ඇත.

    1950 දී කොර්ල්ගේ දෙමාපියන් නැවත විවාහ වනමුත් ටික කාලයකදි එනම් 1953දි නැවත දික්කසාද වන ලදී. ඔවුන්ගේ දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය පියාට පවරා කොර්ල්ගේ මව ජේක් වෙස්ට් නම් පුද්ගලයෙකු සමඟ නැවත විවාහ වන ලදී. එහිදී ඔවුන් දෙදෙනා දාව ඩීන් කොර්ල්ගේ අඩ සොහොයුරිය උපත ලබන ලදී.

    1954 - 1958 කාලයේදි කොර්ල් උසස් සාමාර්ත ලද දීප්තිමත් සිසුවෙකු ලෙස විඩොර් උසස් පාසලෙන් අධ්‍යාපනය ලබන ලදී. කොර්ල්ගේ මව 1963දී නැවත දික්කසාද වන අතර පාඩු ලැබීම නිසා වසා දැමුනු පැණිරස කැවිලි කර්මාන්තශාලාව වෙනුවට නව ව්‍යාපාරයක් එම ක්ශේත්‍රයට අදාලවම ආරම්භ කරන ලදී. ඩීන් කොර්ල් එම සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලදී. එම වසරේදීම එම සමාගමේ සේවයට පැමිනි තරුණයෙකු ඩීන් කොලර්ගේ මව හමුවේ පවසා ඇත්තේ ඩීන් කොලර් තමන්ව අයුතු ලෙස ලිංගික ක්‍රියාකාරකම් සඳහා පොලඹවා ගැනීමට උත්සහ දරන බවයි. මෙයට ප්‍රතිචාරයක් ලෙස ඔහුගේ මව එම තරුණයාව රැකියාවෙන් නෙරපා දමන ලදී.

    1964 අගොස්තු මස ඩීන් කොර්ල් අමෙරිකානු යුධ හමුදාවට බැඳී ඇත. පසුව මාස 10ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගෙන නැවත පවුලේ ව්‍යාපාරයට සම්බන්ඳ වී ඇත. යුධ හමුදා සේවා කාලයේදි ඩීන් කොර්ල් සමලිංගික සේවනයට ඇබ්බැහි වී ඇත.

    හමුදා සේවයේ විශ්‍රාම ගැනීමත් සමඟ පවුලේ ව්‍යාපරයට එකතුවී කෙටි කාලයකින් එම ව්‍යාපරය හෙල්ම්ස් මූලික පාසල ඉදිරිපිට 27වන වීදියට රැගෙන යන ලදී. මෙහිදී ඔහු එම ප්‍රදේශයේ ළමුන් හට නොමිලයේ පැණිරස කෑම වර්ග ලබා දී ඇත. එම නිසා ඔහු කැන්ඩි මෑන් ලෙස අන්වර්ත නාමයකින් එම ප්‍රදේශයේ හඳුන්වා ඇත. එම සමාගමේ සේවය කල තරුණයින් කිහිප දෙනෙකු සමඟ ඉතා සමීප ඇසුරක් ඩීන් කොර්ල් හට පැවති බව වාර්තා වේ. එමෙන්ම එම ආයතනය පිටුපස පූල් ක්‍රීඩා කිරීමට පහසුකම් සලස්වා තරුණයින් හට රැස් වීමට ඉඩ සලස්වා ඇත. 1967දි දොලොස් හැවිරිදි ඩේවිඩ් බෲක් සහ තවත් ළමුන් හට නොමිලයේ රස කැවිලි ලබදී ඇත.

    බෲක් හට කොර්ල්ගේ අනිත් මිතුරන් අතරින් විශේෂ ස්ථානයක් ලැබිනි. කොර්ල් දකුනු ටෙක්සාස් මුහුදු වෙරලට යන විනොද ගමන් වලට එක් කර ගැනීමෙනුත්, බෲක් හට තම යතුරු පැදිය පරිහරනයට ලබා දීමෙනුත්, මුදල් අවශ්‍යතා වලදීත් බෲක් හට උපකාර කර ඇත.

    බෲක් ගේ දෙමාපියන් නීතියෙන් වෙන්වී පියා හුස්ටන් වලද මව හුස්ටන් වලට සැතපුම් 85ක් නැගෙනහිරින් පිහිටි බේමොන්ට් වලද ජීවත්වේ. 1970 බෲක් පාසල් ගමන අතරමඟ නැවතීමත් සමඟ මව සමඟ බේමොන්ට් වල වාසය කිරීමට සිදුවුනි. හුස්ටන් නගරයට සිය පිය බැලීමට පැමිනෙන අවස්ථා වලදි බෲක් නවාතැන් ගන්නේ කොර්ල්ගේ නිවසේය. මෙම බැඳීම කාලයත් සමඟ සමලිංගික සබඳතාවයක් දකවා වර්දනය වී ඇත.

    බෲක්ගේ පාසල් ගමන නැවතීමත් සම්ඟ කොර්ල්ගේ මව සිය තෙවන විවාහයේ දරුවා වන ජොය්ස් සමඟ ව්‍යාපාර කටයුතු 1968 ජුනි මස නවතා දමා කොලරාඩෝ ප්‍රදේශයට සන්ක්‍රමනය වේ. ව්‍යාපාරය වසා දැමීමත් සමඟ කොර්ල් හූස්ටන් විදුලි හා බලශක්ති සමාගමේ විදුලි කාර්මිකශිල්පියෙකු ලෙස එල්මර් වේය්න් හෙන්ලි අතින් මිය යන තෙක්ම රැකියාව කරනු ලැබේ.

    1970 සිට 1973 දක්ව කාලය තුල කොර්ල් අතින් තරුණයින් අවම වශයෙන් 28දෙනෙකු වත් ඝාතනය වී ඇති බව වාර්ථා වේ. මෙම සියලුම තරුණයින් අවුරුදු 13ත් 20ත් අතර වයසේ පසුවන්නන්ය. මොවුන්ගෙන් බහුතරයක් දෙනා හූස්ටන් හයිට්ස් ප්‍රදේශයේන් පැහැරගැනීමට ලක්වූවන්ය.
    මෙම පැහැරගැනීම් බොහොමයකට බෲක් හා එල්මර් හෙන්ලි සහය ලබාදී ඇත. මොවුන්ගෙන් කිහිපදෙනෙක් කොර්ල්ගේ හෝ ඔහුගේ මිතුරන්ගේ මිතුරන් බවත් දෙදෙනෙකු රසකැවිලි කර්මාන්තශාලාවේ සේවය කල දෙදෙනෙකු බවත් අනාවරනය කරගෙන ඇත. කොර්ල් සිය පැහැරගැනීම් සඳහා භාවිතා කර ඇත්තේ ෆොර්ඩ් එකොනොලයින් වෑන් රථයක් හා ප්ල්යිමවුත් ජී.ටී.එක්ස් වර්ගයේ කාර් රථයකි.
    මෙසේ පැහැරගන්නවුන් සිය නිවසට රැගෙන ගොස් ඔවුන් හට මත්ද්‍රව්‍ය ලබාදි සිහිසුන් කර විලන්ගු දමා හො බලෙන් නිරුවත් කර ඇඳක් මතට හෝ බිත්තියේ එල්ලා තැබූ ප්ල්යිවුඩ් ලෑල්ලක් මත හෝ රඳවා ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීම, පහරදීම, වධ හිංසා පැමිණවීම හා දවස් කිහිපයකට පසුව වෙඩිතබා හෝ ගෙල සිරකර මරා දැමීම සිදුකර ඇත. පසුව ඔවුන්ගේ මළසිරුරු පොලිතින් මඟින් ඔතා කුලියට ගත් තොටුපලක, බොලිවර් පෙනිසුඑලා මුහුදු වෙරළේ හෝ ඔවුන්ගේ පවුල සතුව පැවති විල්තෙරක තිබු ලොජ් එකක් අසල කැලෑරොදක හෝ ජේෆර්සන් කන්ට්‍රි මුහුදු වෙරළේ වල දමනු ලබා ඇත. කිහිප අවස්ථාවක පැහැරගත් තරුණයින් හට සිය නිවෙස් වලට දුරකථනයෙන් අමතා තමන් කරදරයක් නැතුව සිටින ලෙස පැවසීමට බල කර ඇත. මෙලෙස මරා දැමු ලැබුවන්ගෙන් කිසියම් හෝ මතක සටහනක් ලබා ගැනීමටද කොර්ල් අමතක කර නොමැත.

    කොර්ල්ගේ පලමු ගොදුර වන්නේ 18 හැවිරිදි ජෙෆ්‍රි කොනෙන්ය. 1970 සැප්තැම්බර් මස 25වන දින පැහැරගෙන ගොස් මරා දමා ඇත. 1973 අගෝස්තු මස 23 වන දින ඩේවිඩ් බෲක් විසින් පොලිසියට එම සිරුර මිහිදන්කල ස්ථානය පෙන්වා ඇත. මෘත ශරීරය ගොඩ ගෙන මරණපරීක්ශනය සිදු කලවිට අනාවරනය වී ඇත්තේ ගෙල සිරකර, අධික හිංසනයට ලක් කර මොහු මරා ඇති බවයි.
    1973 දෙසැම්බර් මස 13 වන දින ජේම්ස් ග්ලාස් හා ඩැනී යේට්ස් යන තරුණයින් දෙදෙනා හූස්ටන් හි යොර්ක්ටවුන් හි පිහිටි කොර්ල්ගේ නිවසට රැගේනවිත් ඇත්තේ බෲක් විසිනි. මෙලෙස රැගේන එන එක් තරුණයෙකු සඳහා බෲක් හට ඩොලර් 200ක මුදලක් කොර්ල් වෙතින් පිරිනමනු ලබයි. මෙලෙස රැගෙන ආ තරුණයින් දෙදෙනා ප්ල්යිවුඩ් ලෑල්ලක දෙපස රඳවා විටින් විට දූෂණය කර ගෙල සිරකර මරා වල දමා ඇත. මෙම ද්විත්ව මිනීමැරුමෙන් සති හයකට පසුව එනම් 1971 ජනවාරි මස 30 වන දින බෲක් හා කොර්ල් මඟින් ඩොනල්ඩ් වඩොප් හා ජෙරී වඩොප් යන සහොදරයන් දෙදෙනා පැහැරගෙනවිත් දූෂණයකර ගෙලසිරකර මරා කුලියට ගත් තොටුපලක වලදමා ඇත. 1971 සීත ඍතුවේ බෲක් විසින් කොර්ල් හට එල්මර් වේය්න් හෙන්ලි මුනගස්සවා ඇත. හෙන්ලි හටද පැහැරගෙන එන එක් තරුණයෙකු හට ඩොලර් 200ක මුදලක් කොර්ල් විසින් පිරිනමන බවට එකඟ වී ඇත.නුමුත් මාස කිහිපයක් යනතෙක් එම යෝජනාව ප්‍රතික්ශේප කර ඇති මුත් පසු කාලීනව ඇති වු ආර්ථික අපහසුත හේතුවෙන් ඔහ් කැම්ති වී ඇත.

    1973 අගොස්තු මස 8 වන දින හෙන්ලි විසින් ඔහුගේ මිතුරේකු වන ටිමොති කොර්ඩෙල් කෙලීහට කොර්ල්ගේ නිවසේ උත්සවයකට සාභාගී වනලෙස අරාදනා කර ඇත. පසුව ඔවුන් දෙදෙනාම කොර්ල්ගෙ නිවහනට පැමිණ මත්ද්‍රව්‍ය පානය කර නිවසින් පිටතට පැමිනීමේදි පහලොස් හැවිරිදි රොහ්න්ඩා විලියම්ස් නම් හෙන්ලිගේ යෙහෙලියක් හමුවී ඇත. ඇය හෙන්ලිට පවසා ඇත්තේ තමන් බීමතින් පැමිනි විට තම පියා විසින් පහරදීම නිසා තමා නිවසින් පැමිනි බවයි. පසුව හෙන්ලි විසින් රොහ්න්ඩා හට පවසා ඇත්තේ තමන් සමඟ කොර්ල්ගේ නිවසේ එම රාත්‍රිය ගතකරන ලෙසයි. අළුයම 3ට පමණ හෙන්ලි, කෙලි සමඟ රොහ්න්ඩාද කොර්ල්ගේ නිවසට පැමින ඇත. ගැහැනු ළමයෙකු පැමිනි සිටිනු දුටු කොර්ල් කෝපාවිෂ්ඨ වී ඇත.පසුව හෙන්ලි විසින් කරුණු පැහැදිලි කරදීමෙන් අනතුරුව කොර්ල් සන්සුන් වේ ඇත. පසුව තිදෙනාටම කොර්ල් විසින් මරිජුවානා හා බියර් පිලිගන්වා ඇත. පැය දෙකක් පමණ බියර් හා දුම් පානයෙන් අනතුරුව ඔවුන් තිදෙනා නිද්‍රා වී ඇත. පසුදින හෙන්ලි අවදි වන විට තමගේ අත් වලට විලංගු දමා ඇති බව වැටහී තිබේ. එමෙන්ම කටට ටේප් ගසා දෙපයද බැඳ ඇති බව තෙරුම්ගෙන තිබේ. අනෙක් දෙදෙනාද එලෙසම කොර්ල් විසින් බැඳ දමා ඇත. හෙන්ලි අවදි වී ඇති බව දුටු කොර්ල් තමන් තිදෙනාවම මර දමන බවට තර්ජනය කර ඇත. පසුව හෙන්ලි ගෙබිම දිගේ ඇදගෙන මුළුතැන්ගෙයට රැගෙන ගොස් ඇත. පසුව කොර්ල් විසින් හෙන්ලිගේ මුවට දම තුබු ටේප් පට්ය ගලවා පිස්තොලය රැගෙන පපුවට තබා වෙඩි තබන බව පවසා ඇත. එවිට හෙන්ලි තමා නොමරන ලෙසත් අනෙක් දෙදෙන මැරීමට තමන් උදව් වන බවත් පවසා ඇත. පසුව දඩයම් පිහියක් හෙන්ලි අතට ලබාදී එමඟින් විලියම්ස්ගේ ඇඳුම් ඉරා දමන ලෙසත් ඒ අතරතුර තමන් කෙලිව ගැන බලාගන්න බවත් පවසා ඇත. හෙන්ලි ඇයගේ ඇඳුම් ඉරා දමන අතර තුර කොර්ල් හට පවසා ඇත්තේ තමන් මැයව වෙනත් කාමරයකට රැගෙන යන බවයි. නුමුත් කොර්ල් එයට එකඟ නොවී හෙන්ලි හට බැන වැදී ඇත. එවිට කොර්ල්ගේ පිස්තෙලය අතට ගත් හෙන්ලි කොර්ල්, නුඹ ගිය දුර ප්‍රමානවත් බවත්, තමන්ගේ යහලුවන්ට මෙම අමානුෂික ක්‍රියවන්ට ලක් කල නොහැකි බවත් පවසා ඇත. එවිට කොර්ල් "කිල් මී වේය්න්, කිල් මී" "යු වොන්ට් ඩු ඉට්" ලෙස පවසා ඇත. අඩියක් පිටු පසට ගිය හෙන්ලි කොර්ල්ගේ නලල හරහ වෙඩි තබා ඇත. ඉන් ඇද නොවටුනු කොර්ල් හට නැවත වතාවක් හෙන්ලි වෙඩි තබා ඇත. එම පහරින් සිය කුරිරු ජීවිතයට සමුදුන් කොර්ල් වම් ඇලයට ගෙබිම මත ඇද වැටී මිය ගොස් ඇත. පසුව හෙන්ලි විසින්ම පොලිසියට දුරකතන ඇමතුමක් දී සිද්දිය පවසා ඇත.

    පොලිසිය බෲක් හා හෙන්ලි මඟින් සියලුම කරුණු අනාවරණය කරගෙන ඇත.


    jerrylynnwaldrop.jpg

    jerry waldrop



    jeffreyalankonenjpg.jpg

    Jeffrey Konen


    donaldwaldrop.jpg

    Donald Waldrop


    corllboard.jpg

    Plywood Board


    corllandelmerhenley72or.jpg

    Dean Corll and Henley


    henleybrooks.jpg

    Henley and Brook with Handcups


    silverbellroad1973.jpg

    Boat Yard


    waynehenleyboatshed1973.jpg

    Wayne Henley outside Corll's boat shed on August 8, 1973. He is seen here phoning his mother to confess to having shot Corll.



    10centropolislaval.jpg

    Plymouth GTX


    800pxfordeconoline.jpg

    Ford Econoline




    අනිත් එවුන්ටත් බලන්න බම්පුවක් හරි දාගෙන පල..!!:angry::angry::angry:
    ප්‍රතිචාර මත අනික් ඒවා අප්ඩේට් කිරීම සිදුවේ..!!
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    ele wakak uba ..meka ubama translate 1kak ? copy yak nemai kiyala hithala
    rep 6++
    niyama.. widiyata liyala thiyanawa...nice style machoo...


    ඉන්ග්ලිශ්වල කාපරයෙක් නෙමේ මචන් මම. දන්න විදියට අනිත් එවුන්ට තෙරුම්ගන්න පුලුවන් වෙයි කියල හිතලයි ට්‍රන්ස්ලේට් කරෙ. උඹලග රෙප් වලටයි කමෙන්ට්ස්වලටයි තෑන්ක්ස්. අනිත් ටිකත් පුලු පුලුවන් විදියට වෙලාවක් ලැබුනම දාන්නම් Thanx Again. danna ekek innawanam kiyapanko palaweni post ekatama ithuru tikath add karanna kramayak..!!
     
    • Like
    Reactions: sudeewa

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    contact admin


    ඉන්ග්ලිශ්වල කාපරයෙක් නෙමේ මචන් මම. දන්න විදියට අනිත් එවුන්ට තෙරුම්ගන්න පුලුවන් වෙයි කියල හිතලයි ට්‍රන්ස්ලේට් කරෙ. උඹලග රෙප් වලටයි කමෙන්ට්ස්වලටයි තෑන්ක්ස්. අනිත් ටිකත් පුලු පුලුවන් විදියට වෙලාවක් ලැබුනම දාන්නම් Thanx Again. danna ekek innawanam kiyapanko palaweni post ekatama ithuru tikath add karanna kramayak..!!

    machan .. danna widiyatanam apita normal user lata a ka karanna baha..
    poddak admin kenek ta contact karala ahapan...
    kiyapan ube thread 1ka watinakama gana unta therunoth mokak hari karai...