Most Violent Serial Killers (සාහසික මිනීමරුවෝ...!!)

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Most Violent Serial Killers Updating..!! (සාහසික මිනීමරුවෝ...!!)

    15

    thebloodybenders.jpg



    bloodybenders.png



    The Bloody Benders


    බ්ලඩි බෙන්ඩර්ස් යන අන්වර්ථ නාමය ප්‍රධානය කරන ලද්දේ එක්සත් ජනපදයේ කන්සාස් ප්‍රාන්ථයේ ලැබේට් නගරයේ බෙන්ඩර්ස් පවුලටයි. සංචාරකයන් සඳහා වු තානායමක් මොවුන් මඟින් එම ප්‍රදේශයේ පාලනය කරන ලදී. මොවුන්ගේ ගනුදෙනුකරුවන් වූයේ ඉතා ධනවත් පුද්ගලයන්ය. මොවුන් අතරින් 11 දෙනෙකු තානායමේ නවතැන් ගනිමින් සිටියදි ඉතා කෘර අන්දමින් ඝාතනය වී ඇත.

    මෙම තානායමේ විශාල කාමරයක් තිරයක් මඟින් බෙදා වෙන් කර ඇත. ධනවත් සංචාරකයෙකු පැමින කාමරයක් වෙන් කල විට ගෞරවනීය ආසනයක් ලෙස මෙම කාමරයේ තිරයට පිටුපස මුහුනලා ආසනයක් පිලිගන් වනු ලැබේ. මෙවිට තානායම් අයිතිකරු වන ජෝන් බේන්ඩර් ගේ දියනිය වන කේට් බෙන්ඩර් කාමරයට පැමිනි ධනවත් පුද්ගලයා සමඟ අහවල් එකක් වගේ එකක් කොරන්ට සෙට් වෙන විදියට පුද්ගලයට සංග්‍රහ කරනවා. (මේක කියාගන්න වෙන විදියක් කොච්චර කල්පනා කරත් ඔලුවට ආවේ නෑ. ) ඉතින් මේ ගැන වගේ වගක් නැති මෙම පුද්ගලයා ඉතා කැමැත්තෙන් කේට් බේන්ඩර් සමඟ එක එක එව්ව කොරන්ට සෙට් වෙනවා. මේ වෙලාවට ජොන් බෙන්ඩර් හෝ ඔහුගේ පුත් ජුනියර් ජෝන් බේන්ඩර් අර රෙද්ද පිටිපස්සෙන් ඇවිල්ල කුලුගෙඩියකින් හරි පත මිටියකින් හරි අර පුද්ගලයගෙ ( අරූ තමයි ) ඔලුවට සුමුදු ප්‍රහාරයක් එල්ල කරනව. එතකොට පොරට නිකන් ටොක්කක් ඇන්න වගේ දැනෙනව ඇති කියලද උඹලා හිතන්නේ..? පිස්සුද යකො එකාගේ ඔලුවෙන් පැණි බේරෙනවා. මොල කෑලි ජෙලි වගෙ බේරෙනවලු. ඒ මදිවට කේට්ගේ මූනේත් ලේ, මොලේ කෑලි බේරෙනවලු. (පුලුවන් නම් අහපිය මම බලන් හිටිය වගේ මේව කියන්නේ කොහොමද කියල.! ) ජෝන් මාමගේ දුව කේට් මේ සීන් එකට මාර ආසයි ලු. (ඇහුවයින් ඇහුවෙ නෑ මෙහේම ආසාවක් ).

    පස්සෙ බ්ලේන්ඩර්ස් ලා මේ බොඩි එක උන්ගෙ බිම් ගබඩාවට අරගෙන යනව. ඊට පස්සේ මෙච්චර මැරිච්ච එකාගෙ පණ අපහු එයි කියල හිතල මැරුනු පුද්ගලයගෙ ( ඔව්, අරූ තමයි ) උගුරු දණ්ඩ කපලා ඔහුට අයත් ඇඳුම් සහ අනිත් දේවල් ඉවත් කරගෙන තානායම පිටුපස වල දානවලු. මේ කාලකන්නි යක්ශයො ටික නීතියෙ රැහැනට ( අන්න වචනෙ ) අහුවුනාද නැද්ද කියන එක ගැන නම් සඳහනක් දැක්කෙ නෑ. මේ සීන් එක වෙලා තියෙන්නෙ 1871-1873 කාලයේදි.

    මේ සීන් එක දැකපු අපේ අයියල අක්කල නිකන් ඉඳලා නෑ. පුලු පුලුවන් විදියෙන් මේ සිද්දිය ආදර්ශෙට අරගෙන පොතක් දෙකක් ගහගෙන ජීවිතේ ගැට ගහගන්න පනං හතරක් හොයාගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒ පොත්.

    The Ken Hodgson novel Hell Benders (1999)
    A novel by Lyle Brandt titled Massacre Trail (2009)
    The Scott Phillips novel Cottonwood (2004)
    The Manly Wade Wellman novel Candle of the Wicked (1960)
    They Bite (1943) by Anthony Boucher




    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



    14




    cannibalbrothersshencha.jpg





    The Cannibal Brothers China


    කැනිබල් බ්‍රදර්ස් නොහොත් ශෙන් චැන්ග්යින් සහ ශෙන් චැන්ග්පින්ග් සහොදරයන් දෙදෙනා ලන්සොහු ඔටො පාර්ට්ස් විකිනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනමුත් ව්‍යාපාරය අසාර්ථක වීමත් සමඟ උග්‍ර මූල්‍ය අර්බුදයකට ලක්වේ. පසුව තවත් කාන්තාවන් තිදෙනෙකු සමඟ එක්ව සාහසික ලෙස මිනී මැරීමේ නව ව්‍යාපාරයකට මුල පුරයි.
    මෙම කාන්තාවන් තිදෙනාද පසු කලෙක අනාවරනය වු පරිදි මොවුන්ගේම ගොදුරකට අසුවී වෙනත් ගොදුරු සොයා දෙන අරමුනින් මෙම සහොදරයන් සමඟ එක්වු අයවලුන්ය. අවුරුද්දකටත් වඩ අඩු කාලයකදි මොවුන් අතින් ගනිකාවන් 11ක් මරුමුවට පත් වී ඇත.

    මොවුන් සමඟ එකතු වූ කාන්තාවන් තිදෙනා මඟින් වෙනත් ගනිකාවන් තම වාසස්ථානයට ගෙන්වා ගෙන ඔවුන්ගේ බැංකු ගිනුම් වල තොරතුරු ලබා ගෙන ඔවුන් මරුමුවට පත් කර ඇත. පසුව මිය ගිය අයවලුන්ගේ අක්මාවන් හා වකුගඩු අහාරයන් ලෙස පිසගෙන අනුභව කර ඇත. පසුව අක්මාව හා වකුගඩු රහිත මලසිරුරු ෆුඩ් ප්‍රොසෙසරයක් අධාරයෙන් කැබලි කර සල්ෆියුරික් අම්ල ආධාරයෙන් පුලුස්සවා වැසිකිලියට දමා ෆ්ලශ් කරනු ලැබේ. ( ඒකට කියන සිංහල වචනේ දන්නේ නෑ )

    චීන බලධාරීන් ඉක්මනින් මෙම සිද්ධීන් අනාවරනය කරගනු ලැබීමෙන් පසු මෙම සහොදරයන් දෙදෙනා හා ඔවුනට උදව් කල කාන්තාවන් තිදෙන අත් අඩංගුවට ගෙන නීතිමය පියවර ක්‍රියාතමක කර ඇත. පසුව සහොදරයන් දෙදෙනාට සහ එක් කාන්තාවකට මරණ දඬුවමද අනෙක් දෙදෙනාට පිලිවෙලින් අවුරුදු 20 හා 3 බැගින් බන්ධනාගාර ගත කර ඇත.





    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


    13


    106hbundy.jpg



    Ted Bundy

    මිනීමැරුම් 30කට වඩා වගකිය යුතු ටෙඩ් බන්ඩි යනු සීරියල් කිලර්ස්ල අතර අමතක නොවන චරිතයකි. මොහුගේ ප්‍රධානතම ගොදුරු වන්නේ අවුරුදු 15ත් 25ත් අතර මධ්‍යම පාන්තික, හිස කෙස් විලාසිතාව හා දේහ හැඩහුරුකම ඔහුව ප්‍රතික්ෂේප කල ආදරවන්තිය වන ස්ටෙෆනි බෲක් හට සමාන වන කාන්තාවන්ය.

    ඔහුගේ මිනීමැරීම් තුල දක්නට ලැබෙන විශේෂ ලක්ශනයක් වන්නේ මොහු අතින් මැරුම් කෑ කාන්තාවන්ගේ හිස මතක සටහනක් ලෙස ළඟ තබා ගැනීමයි. මීට අමතරව මරා දැමීමට පෙර හා මරා දැමීමෙන් පසු එම කාන්තාවන් දූෂණයට ලක් කර ඇති බවද වාර්තා වේ. විශේෂයෙන්ම මළමිනී වලට අස්වාභාවික ආකර්ශනයක් ඇති පුද්ගල්යෙක් ලෙසද ටෙඩ් හැඳින්වේ.

    මෙලෙස ඉතා කෲර ඝාතන රැසක් සිදුකිරීමෙන් පසු 1989 දිනක ෆ්ලොරිඩා වලදි විදුලි පුටුවක හින්දවා මරා දමන ලදි.



    tedbundyimg00021.jpg


    ටෙඩ් අතින් ඝාතනය වු බව තහවුරු කරනලද කාන්තාවන්ගේ ඡායාරූප කිහිපයක්..





    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



    12




    dennisx.jpg



    dennisandrewnilsen.jpg




    Dennis Nilsen



    මෙතෙක් සඳහන් කරන ලද සීරියල් කිලර්ස්ලා අතරින් එකම සමලිංගික සීරියල් කිලර් වන්නේ ඩෙනිස් නිල්සෙන්ය. විශ්වාස කරන අන්දමට බාලවයස්කාර පිරිමි ළමුන් ඇතුලුව පිරිමි මිනිසුන් 15 දෙනෙකු 1978 - 1983 කාලයේදි ඩෙනිස්ගේ ගොදුරු බවට පත් වී ඇත.

    ඩෙනිස් නිල්සෙන් ඔහු අතින් මැරුම් කෑ මිනිසුන්ගේ මළ සිරුරු විනාශ කරනවා වෙනුවට එම මළසිරුරු තමාගේ නිවස තුල් තැන්පත් කර තබයි. ඇතැම් විට ඔහුගේ නිවසේ කානු තුලින් කුණු වු මිනී මස් කැබලි වතුර සමඟ මිශ්‍රව ගලා ගොස් ඇත. මෙම සිදුවීම ඔහුට ඔහුගේ කෲර ක්‍රියාකාරකම් සදහටම නතරවීමට හේතුව වී ඇත. ( උඹලත් ඔය වගේ ජොබක් කරන්න හිතන් ඉන්නවනම් පෑනක් පැන්සලක් අරන් ලියගනින් කවදාවත් උඹලගෙ ගොදුරෙ කෑලි කානු දිගේ යවන්න එපා..) (මෙහෙම කිව්වට තොපිල එකෙක්වත් මේ වගේ පවුකාර වැඩ කරන්නව එහෙම නෙමෙයි )


    අපවහන පද්දතියේ තිබු අවහිරතාවයක් නිසා එම ස්ථානයට පැමිනි සේවක කණ්ඩායමට මිනිස් මෘත ශරීර කොටස් දැකගන්නට ලැබී තිබේ. මෙම මෘත ශරීර කොටස් ඩෙනිස් නිල්සෙන්ගේ නිවස තුලින් පැම්නෙන කාණු පද්දතියෙන් දැකගැනීමට ලැබීමත් සමඟ පොලීසිය මඟින් ඩෙනිස් නිල්සෙන්ව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම වල්දි ඔහුගේ ක්‍රියාකලාපයන් අනාවරනය වීම නිසා ඔහු නීතිය ඉදිරියේ වැරදිකරු බවට පත්වී අවුරුදු 25කට සිරගත කරන ලදී. පසුව එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කර ඇත.








    Updating.....!!!!!


    අනිත් එවුන්ටත් බලන්න බම්පුවක් හරි දාගෙන පල..!!:angry::angry::angry:
    ප්‍රතිචාර මත අනික් ඒවා අප්ඩේට් කිරීම සිදුවේ..!!
     
    Last edited:

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    75ක් බලලා..!! කොමෙන්ට් 2යි. යකෝ උඹලග අත් දෙකෙන් නෙමෙයි කෙටුවෙ..!!:angry::angry::angry:


    පේජ් 6ට පල. අලුත් පොස්ට් එක මූර්හවුස් මර්ඩර් එක එතන:sorry::sorry:.
    Link
     
    Last edited:

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල


    Code:
    අවුරුද්දකටත් වඩ අඩු කාලයකදි මොවුන් අතින් ගනිකාවන් 11ක් මරුමුවට පත් වී ඇත.



    මේවා බලු වැඩ ..... මුන් විතරක් ගැහුවම ඇති.... අනිත් උන්ට මුකුත් නෑ...!!