Mr Bean සහ ඊළඟට වෙන දේ ගැන

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ලංකාවේ එක්තරා දේශපාලන කුමන්ත්‍රණකාරයෙක් නායකත්වය ලබාගන්න කරපු වැඩේ මේ මිස්ට බීන් ගෙ විකට ජවනිකාව වගේ නේද කියලා හිතෙනව හැම වෙලේම.
    ඔහුගෙ රට පාලනය පුටුව පැදගෙන යෑම වගේ වෙලා,
    රට බීන්ගෙ කාමරය වගේ වෙලා නතර වෙයිද කියලා තමයී මට නිතරම හිතෙන්නේ.
    එකම දේ මේ වගේ ජෝකර් කෙනෙක්ගේ ක්‍රියාකලාපයක් තියන එනමුත් බිහිසුණු අලජ්ජි ඉතිහාසයක් ඇති කෙනෙකුට නීතියට වගකියන නොලබන අසීමිත බලයක් ලැබීම අතිශය භයානක එකක් වීමට ඉඩ ඇති ඉඩකඩ අතිශය වැඩිය.
    දුර්වල, අනුවණ, වංක, රටේ ජනතාවට ආදරය නොකරන දේශපාලකයන් පිරි පාර්ලිමේන්තුවක් ඇති අප වැනි රටක මිනිස්සුන්ට ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ දියුණුව අතිශයින්ම දුර අමාරු ගමනකි. ගෝඨාභය ගෙදර යැවීමට වඩා අමාරු ඒකාධිපතියන් බිහි වීමට නීතියෙන්ම අවසර හැදූ ව්‍යවස්ථාව සහ system එක change කිරීමට පාර්ලිමේන්තුවේදී ඉඩ ලබාගැනීම ඊට වඩා අපහසුය. කපටි නරියන් ටිකක් කුකුලන් කෑමෙන් වැලකීමට එකඟ කරගන්න එක ඊට වඩා පහසු විය හැක.
    ඇත්තෙන්ම සිවිල් අරගල මගින් බිල්ඩින් අල්ලා ගත්තත් මේ දෙය කිරීම අතිශය අමාරුයි කියා මට සිතෙයි.



    #SaveSrilanka

    https://m.facebook.com/Frozensections/
    https://www.facebook.com/story.php?...766&m_entstream_source=timeline&__tn__=*s*s-R
     
    Last edited: