MR Family forever. Basil is our hero.

Nasruddin

Member
May 31, 2009
100
5
0
අමාත්‍යංශ සඳහා විෂයයන් ගැසට් කිරීමේ දී රජයේ වගකිවයුතු ආයතන සියල්ලම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් යටතට පවරා ගෙන ඇත. මේ ආකාරයෙන් වගකිවයුතු විෂයයන් සියල්ලම එක්කරගෙන ඇත්තේ අමාත්‍යංශ තුනක් සඳහාය. මේ අමාත්‍යංශ තුන ජනාධිපති මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යටතේ ක‍්‍රියාත්මක වෙයි.
නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබන්නේ පසුගිය රජයේ මන්ත‍්‍රීවරයකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුව තුළ කටයුතු කළ ආකාරයට ය. රාජ්‍ය ආරක්ෂක මුදල්, හා ක‍්‍රමසම්පාදන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේත් ආර්ථික සංවර්ධන අමාත්‍ය, බැසිල් රාජපක්ෂ මහතා යටතේත් තරුණ කටයුතු අමාත්‍යංශයට ඩලස් අලහප්පෙරුම මහතාට පවරා ඇතත් අමාත්‍යංශයේ නිල නොවන ඇමැතිවරයා හැටියට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව ජනාධිපතිවරයා යටතේ ආයතන හැත්තෑවක් ද, බැසිල් රාජපක්ෂ මහතා යටතේ ආයතන දාහතරක් ද, නාමල් රාජපක්ෂ මහතා යටතේ ආයතන විස්සක් ද ක‍්‍රියාත්මක වේ. අනෙක් අමාත්‍යංශ සතුව තිබූ බලතල රාජපක්ෂ පවුල සතුකරගෙන ඇත්තේ මේ ආකාරයෙන් ය. නාගරික සංවර්ධන අමාත්‍යංශය සතුව තිබූ නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අභ්‍යන්තර පරිපාලන අමාත්‍යංශය යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත. මීට අමතරව ප‍්‍රවාහන අමාත්‍යංශය යටතේ තිබූ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ධීවර කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ තිබූ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය තරුණ කටයුතු අමාත්‍යංශයට පවරාගෙන ඇත.

එසේ ම ධීවර කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ ක‍්‍රියාත්මක වන වරාය අමාත්‍යංශයටත් කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ තිබූ කෘෂි රක්ෂණ මණ්ඩලය, මුදල් අමාත්‍යංශය යටතටත් පත්කරගෙන ඇත. පරිසර අමාත්‍යංශය යටතේ තිබූ වනජීවී දෙපාර්තමේන්තුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයටත් උඩරට සංවර්ධන අමාත්‍යංශය යටතේ තිබූ සංවර්ධන අධිකාරිය හා ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශය යටතේ තිබූ සමෘද්ධි අධිකාරිය ද සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව ද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත.

මීට අමතරව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන් සියල්ලම ක‍්‍රියාත්මක වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ ය. ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති සියලූම ආයතන ක‍්‍රියාත්මක වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ය.
නව විෂයයන් වෙන්කිරීමේ දී රාජපක්ෂ පවුලට පමණක්සියලූ වගකිවයුතු ලබාගැනීම පිළිබඳව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.