MR ge ප්රචාරක-වියදම්මිලියන-10,000යි
මහින්දගේ ප්රචාරක වියදම්රුපියල් මිලියන 10,000යි
2010 ජනවාරි 04 වෙනි සදුදා, 10:21
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක වියදම රුපියල් මිලියන 10,000 ඉක්මවා යනු ඇතැයි අනාවරණය වේ. මෙයින් රුපියල් මිලියන 3250කට වැඩි ප්‍රමාණයක් තාරුණ්‍යයට හෙටක් සංවිධානය මගින් රූපවාහිනී දැන්වීම් ප්‍රචාරණයට පමණක් වැයකරන බව හෙළි වේ. මේ වන විට රටපුරා විවිධ ප්‍රමාණයේ කටවුට් 15,000 - 50,000 අතර ප්‍රමාණයක් සවිකර ඇත. ඉදිරියේ දී තවත් කටවුට් 75,000ක් සහ පෝස්ටර් ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් ඇලවීමට සූදානම් කර තිබෙන බව ද අනාවරණය වේ.
වරාය අධිකාරිය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය බැංකු, ලොතරැයි මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මඟනැගුම. ඇතුළු සංස්ථා මණ්ඩලවලින් රුපියල් කෝටි සිය ගණනක ප්රචාරක අනුග්‍රහය මේ වන විට ලබාගෙන තිබෙන බව හෙළි වේ. කොළඹ, මහනුවර, අනුරාධපුරය, යන ජනාධිපති නිල මැදුරුවල දී දස දහස් ගණනකට ආහාරපාන සැපයීම හා ගමන් ගාස්තු ගෙවීම වෙනුවෙන් අදාළ එක් එක් අමාත්‍යංශ වෙන වෙන ම වියදම් දරා ඇත.
මෙයට අමතරව මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා ලංගම බස් රථ, ඇතුළු විවිධ වාහන වෙනුවෙන් ඉන්ධන හා අතිකාල දීමනා බටා ඇතුළු වියදම් සඳහා රුපියල් කෝටි සිය ගණනක් වැයවී තිබෙන බව ද අනාවරණය වේ.