මහින්ද රාජපක්ෂ ජනාධිපති තමා තමා වටේ සිටින ගොන් රැලගේ වාසි බස් අසා කුලප්පු වූ කුළු හරකෙකු මෙන් ජනාධිපති වරණය නියම කර ඇදගෙන නාගත්තේය
පසුගිය පළාත් සභා මැතිවරණවලදී අප දුටු ප්‍රධාන කරුනක් වුයේ ප්‍රකාශිත ඡන්ද සංඛයයාව මුලු ඡන්ද සංඛයයාවෙන් අඩකටත් වඩා අඩුවීම සහ එම ප්‍රකාශිත ඡන්ද සංඛයයාවෙන් 70%ක් උපරිම ලබා ආණ්ඩුව මැතිවරණ ජයග්‍රහනය කිරීමයි
මෙහි ඇති සුවිෂේශත්වය කුමක්ද ????
ආණ්ඩුව යද්ධ ජයග්‍රහන විකුනමින් රණවිරුවන්ගේ ලේ දහඩිය විකුණමින් ඡන්දය කලත් දිවයිනෙන් අඩකට වඩා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමයි
එසේ වූයේ ඇයි ???
මෙය මෙසේ සිදුවීමට හේතු කිහිපයක් තිබිය හැකිය. පළමුවැන්න විය හැක්කේ පාරම්පරික UNP කාරයින් ආණ්ඩුවේ යුද්ධ බයිලාව අසා කළගුණ සැලකීමට හෝ වෙනත් හේතුවක් මත හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමයි . තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ තමන්ගේ පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයන්ගේ තරම දන්නා නිසා ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමයි.
පසුගිය මැතිවරණ හා මෙවර පළාත්සභා මැතිවරණ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් අපට තවත් හේතුවක් හිතාගත ඇත එනම් මෙරට සිටින දේශපාලුවන් හා ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය ගැන කල කිරී මොවුන් ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටියා යන්නය.
දැන් සිදුවී ඇති විපර්යාසය කුමක්ද??
මෙවර ලංකාවේ තබා ලෝකයේ වෙන කිසිම රටක නොවු විරු අන්දමින් සාම්ප්‍රදායික දේශපාලනය පලීබද අප තුල වූ අත්දැකීම් වලට සහමුලින්ම වෙනස් අත්දැකීමක් විදීමට මෙරට ඡන්ද දායකයාට අවස්තාව ලැබී ඇත
එනම් විපක්ෂයෙන් සිය අපේක්ෂකයා ලෙස නිර්පාක්ෂික පොදු අපේකෂකයෙකු ඉදිරිපත් කර ඇත එයත් විපක්ෂයේ ප්‍රදාන පක්ෂ වල ලකුනකින් නොව අප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක ලකුනකිනි.
මොහු නිර්පාක්ෂිකයැයි කියන්නෙ මන්ද?
ජනාධිපතිවරණයේ විපක්ෂයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වීමට පෙර යුද හමුදාවේ අවුරුදු 40 ක සේවා කාලයක් ඇත මෙතුමා හමුදාවේ පවතින නීති හා රෙගුලාසි වලට අනුව සිය සේවා කාලය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමෙන් වැළකී සිටියේය. සිය දේශපාලනය හමුදා කදවුරක් තුල දමන තැපැල් ඡන්දයකට පමණක් සීමා වු මෙතුමා ඒ ඡන්ද දැමුවේ කුමන පක්ෂයකට දැයි දන්නෙ කවුද???
ඉතින් අපි මොහුට නිර්පාක්ෂික යැයි කියමු!
ඡන්දයට මෙය බලපාන්නේ කෙසේද??
මා ඉහතදී සදහන් කළ පසුගිය පළාත් සභා මැතිවරණ වලදී සිය ඡන්දය ප්‍රකාශ නොකළ ඡන්ද දායකයින් සලකා බැලීමෙන් මෙය අවබෝධ කර ගතහැකිය
ආණ්ඩුවේ යුද්ධ බයිලාව අසා කළගුණ සැලකීමට හෝ වෙනත් හේතුවක් මත හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි පාරම්පරික පාක්ෂිකයන්ට කළගුන සැලකීමට සුදුසුම පුද්ගලයා ලැබී ඇත ඉතින් ඔවුන්ගේ ඡන්ද යන්නෙ මෙතුමාටය!
තමන්ගේ පක්ෂයෙන් ඉල්ලන අපේක්ෂකයන්ගේ තරම දන්නා නිසා ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි පාක්ෂිකයින්ට දේශපාලනයේ නැවුම් අරුණලු වැටී ඇත වසර 40ක නොකැළැල් චරිතයක් ඇති එම නිසාම හමුදාවේ උත්තම සේවා පදක්කම් වලින් පිදුම් ලද අපේක්ෂකයෙකු ලැබී ඇත. ඉතින් මොවුන්ගේ ඡන්ද සරත් ෆොන්සේකා මහතාට ලැබෙන බව කීමට වෙනත් අටුවාටිකා අවශ්‍යය නොවේ
අවසාන වශයෙන් මෙරට සිටින දේශපාලුවන් හා ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය ගැන කල කිරී ඡන්දය ප්‍රකාශ නොකළ අයට අලුත් වෙනසක් සදහා කවදාවත් උදා නොවු අවස්ථාවක් පැමිණ ඇත මේ අවස්තාව එන තෙක් බලා සිටි ඔවුන් මෙය සිය අතින් ගිලිහි නොයෑමට වග බලාගනු ඇත
මේ අනුව ඉහත සිද්ධීන් සලකා බැලු කල ඡන්ද ගනන් කිරීමේ සමීකරණය විසදී ඇත
එනම් මෙවර ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා සදහා සිය ඡන්දය ප්‍රකාශ කරන අයලුවන් අතර කැපී පෙනෙන සංඛයයාවක් ගියවර පළාත් සභා මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කර නැති බවිය.
මෙපමණක් නොව ගියවර මැතිවරණයට විපක්ෂයේ පක්ෂ වලට ඡන්දය දැමු ගණනත් එකතු කළ විට සහ මෙවර ආණ්ඩු පක්ෂයට ඡන්දය නොදමා විපක්ෂයට ඡන්දය දමන ගණනත් එකතු කළවිට විපක්ෂයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයාට ලැබෙන ඉලක්කම මහින්ද මහතාට ලැබෙන ඉලක්කමට වඩා විශාල සංඛයාවකින් වැඩි ඉලක්කමකි!!!
මහනුවර
වවිනියාව
පානදුර
කුණ්ඩසාලේ
කොලොන්නාව
බේරුවල
අම්බලන්ගොඩ
මාතර
මහරගම
ගාල්ල
බොරැල්ල
මේ එක රැලියකට වත් සමෘද්ධි කපනව කියා බිය කර හෝ රැකියා දෙන බවට පොරෙන්දු වී හෝ අදාළ දිස්ත්‍රික්කයෙන් පිට පළාත් වල සිට ලංගම බස්රථ වලින් සෙනග ඇද්දේ නැත!!!!