මොනවද දැනගන්න ඕනි
1. මේ ඩිග්‍රී එකත් එක්ක ජොබ් ඔපර්චුනිට්ය් එක, ඒ කිව්වේ රැකියා අවස්තා හම්බෙන්නෙ කොහොමද?මොනවද දැනගන්න ඕනි
හිතමුකො දැනට සොෆ්ට්වෙයා ඩිවෙලොප්මන්ට් කරන කෙනෙක්ට මේ ඩිග්‍රිය කළාට පස්සේ මොනවගේ ජොබ් එකක්ද කරන්න වෙන්නේ?
2. මේ ඩිග්‍රිය ගත්තු අයව හයර් කරන ලංකාවේ කම්පැනි මොනවද?
3. ඉස්සර බී එස් සී එක කරද්දි සමහරු පාර්ට් ටයිම් කම්පැනි වල වැඩ කළා. ෆ්‍රිලාන්සින්ග් කළා. ඇත්තටම හොඳ GPA දාපු උන්ට වඩා එහෙම පාර්ට් ටයිම් කරපු උන් ඉස්සරහින් ඉන්නවා ඉන්ඩස්ට්‍රි එකේ. මොකද එක්ස්පීරියන්ස් වැඩි හින්දා.
මේ ඩිග්‍රි එක කරන ගමන් එහෙම පාර්ට් ටයිම් කරන්න ඒවා හොයාගන්න පුලුවන්ද?
ඒක ඔය ප්‍රැක්ටිකල් කෙරෙන්නෙ නෑ කියන එකටත් උත්තරයක් වෙයි. ඒවගේම ප්‍රැක්ටිකල් පැත්ත අඩු හින්දා පාර්ට් ටයිම් හොයාගන්න ලේසි වෙයිද මන්දා.
4. AI යටතේ ANN, Expert Syetems, Machine Learning, Semantic Web, Agent based Systems, NLP, Fuzzy reasoning
වගේ හැටහුටාමාරක් පැති තියෙනවනෙ. ඒ හැම එකක්ම වගේ වෙනම යන ලොකු සබ්ජෙක්ට් ඒරියාස්. ඉතින් ඉස්සරහට PHD එකක් හරි නැත්නම් ජොබ් එකක් හරි කරනවා නම් ඒ එකකින් Specialise වෙන්න වෙයි නේද? එක මිනිහෙක්ට ඔය ඔක්කොම කරන්නත් බෑ කරලා වැඩකුත් නෑ.
එතකොට කොහොමද එකක් තෝරගන්නෙ. ඒ ඒ පැති වලින් මොන අවස්ථාද තියෙන්නෙ?
5. ඇත්තටම මේ ඩිග්‍රි එක කරලා Career Path එක හදාගන්න විදිහ කියන්න පුලුවන් නම් හැමෝටම ලොකු උදව්වක් වෙයි.
6.
මේක නම් ජෙනරල් ප්‍රශ්නයක්.
මට ලෙක්චර් එකක් අහගෙන ඉන්නකොට ඔලුවට යන්නෙ නෑනෙ. එක්කො යන ගමන් නෝට් ලියන්න ගියාම කියන එක මිස් වෙනවා. එක්කෝ අහගෙන ඉද්දි ඒක ඇප්ලයි කරන හැටි හිතන්න ගිහින් මනස අවුට් යනවා. නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ඉතින් ලෙක්චර් එකේ ඉන්න මුලු වෙලාවම අහක යනවා.
ඉතින් මම් කලින් ඩිග්‍රී එක ගොඩ දැම්මෙ ටොපික් ටික දැනගෙන ඔක්කොම පස්සෙ ඉන්ටර්නෙට් සර්ච් කර්ලයි පොත් කියවලයි.
ඒ උනාට දැන් එහෙම ටයිම් එකක් නෑ මට. මේකට මොකක් හරි විසඳුමක් තියෙනවද?
Last edited: