මට හිතෙන විදියට මෙතන පොඩ්ඩක් ගත යුත්තක් තියෙනවා. ඒ කියන්නේ අජිනමොටෝ කාපන් කියලා නෙමෙයි. මේ ගැන තව හොයල බලලා, අලුත් විදියට පරීක්ශණ කරලා, ඒ සොයාගැනීම් එළියට දාන්න ඕන. Food Ranger කියලා Youtuber කෙනෙක් ඉන්නවා. පොර එක එක රටවල සංචාරය කරලා ඒ රටවල් වල කෑම ජාති කාලා බලලා පොඩි ඇනලයිස් එකක් දෙනවා. පොර මේ ලඟදි චීනේ ගිහින් චීන කෑම ජාති කන වීඩියො වගයක් අප්ලෝඩ් කරලා තිබුනා. පොර සාමාන්‍යයෙන් කෑමක් කාලා ඒ ගැන ගුණදොස් දක්වනවා. උදාහරනයක් විදියට, ඒ කෑමට තෙල් වැඩි නම් පොර කියනවා තෙල් වැඩි කියලා. චීන්නුයි අජිනමොටො කියන්නේ ඉතින් ගහට පොත්ත වගේ නේ. උන්ගේ හැම කෑමකට වගේ අජිනමොටො දානවනේ. හැබැයි මං දැකලා නෑ පොර අජිනමොටො කෑමවලට එකතු කරන එක ගැන මොනවත්ම කියලා තියෙනවා.
