MT New Diamond - Deal එකක් යනවද?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නැවේ ගින්න නිව්වෙ Singapore company එකක්ලු?
    සල්ලි හම්බෙන්නෙ උන්ටලු ලන්කාවෙ / ඉන්දියවෙ අය නිව්ව්ව් කිව්වට වැඩක් නෑලු

    නැව ලන්කාවෙ මුහුදු සීමවෙන් එහාට තල්ලු කරන්න නීතිපත් උපදෙස් දෙනවා
    navy එකෙන් තල්ලු කරනවා . ආයේ මෙහාට එනවා . ආයේ තල්ලු කරනව. ඒ කියන්නෙ සීමාවෙ boarder එකට තල්ලු කරත් ගිලුනොත් damage එක ලන්කාවටමයි

    navy එකෙන් කියනවා නැවේ නම මාරු කරගෙන පැනල යන්න / අතුරුදන් වෙන්න Risk තියෙනව කියල

    මට හිතෙන්නම ලන්කාවට අදාල සල්ලි ලැබෙන එක වලක්වන එක වෙනුවෙන් මෙහෙ ඉන්න කාට හරි හොඳ කුට්ටියක් ලැබෙයි වගේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    බේරුට් පිපිරීම වගේම ඛේදවාචකයක් 2012 දී පානදුරේදී සිද්ද වුණා !!!
    පාස්කු ප්‍රහාරයෙන් උගත් පාඩම් නැවත මතක් කරන්නට ලංකාවට ඇවිත් ගිනිබත් වුණු ‘අලුත් දියමන්තිය' - 02 කොටස
    අපි කවුරුත් දන්නවනේ අවි-ආයුධ වලට පස්සේ තියෙන මාෆියා බිස්නස් වෙන්නේ නාවික කර්මාන්තය සහ බෙහෙත් හේත් වෙළඳම කියල (Shipping and Pharmaceutical Industry). හරියටම සරලව කියනවා නම්, මේවා මත්ද්‍රව්‍ය විකුණනවා වගේ නීතිවිරෝධී ව්‍යාපාර නොවුනට තිරය පිටුපස සිදුවන ජවනිකා නම් හරිම ලොමුඩෑහැගැන්වෙන සුළුයි කියන එක.
    අදත් ටිකක් ආන්දෝලනාත්මක කතාවක් කියන්නයි මේ හදන්නේ. ටිකක් අමුතුම කතාවක්. පාස්කු ප්‍රහාරය හා M T New Diamond නෞකාව සම්බන්ධව පල කරපු ලිපියට ගොඩක් මල් වගේම ගල් මුල් ප්‍රහාරත් ආපු නිසා, එකේම දෙවෙනි කොටසක් විදිහට තමයි අද මේ කතාව ලියන්නේ.
    හරි කොහොම වුනත්, මේ මහා තෙල් නැව (M T New Diamond) ඇත්තටම වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් ද ? ජාතියක් විදිහට ඒක අත්විඳින්න අපිට පින තියෙනවද කියලයි මේ කතා කරන්න හදන්නේ.
    විපත පවා සැපතට හරවගන්න පුළුවන් ජාතියක් කියලා ගීත පවා ලියලා තියෙන අපිට, ඇත්තම මේ විපත සැපතකට හරවගන්න පුලුවන්ද, ඒ කොහොමද කියල පුංචි කතිකාවතක් නිර්මාණය කරන්නයි මේ උත්සාහ දරන්නේ අද කතාවෙන්.
    එහෙමත් නැතිනම් අර බේරුට් පිපිරිම වගේ, අපේ නිසි බලධාරීන් / නිලධාරින් තීන්දු තීරණ ගන්නකම් මේ තෙල් නැව අපිට ආසන්න මුහුදේ තියාගෙන ඉඳල, මේ මහා තෙල් කන්දරාව අපේ වෙරළතිරයේ ඉහිරවාගෙන තවත් දශක ගණනාවක් බැට කන්න වේවිද කියලයි මේ කතා කරන්න හදන්නේ.
    පසුගිය මාසේ, ඒ කියන්නේ අගෝස්තු 04 වෙනිදා සිද්ද වුනු මහා බේරුට් පිපිරිම ඔබ කාටත් හොඳින් මතකයේ ඇතිනේ. ඒ වගේම ඒ ඛේදවාචකය සිද්ධවුණේ ඒ රටේ නිලධාරීන්ගේ තිබු නොසැලිකිලිමත් භාවය නිසා කියල විදෙස් මාධ්‍ය තදින්ම මේ සිද්දිය විවේචනය කරලා තිබුණු ආකාරයත් ඔබට මතක ඇතිනේ.
    ඒ සිද්ධියේදී ඇත්තටම සිද්ද වෙලා තිබුනේ, කිසියම් දඩ මුදලක් රජයට ගෙවනකම් අදාල සමාගමේ වත්කමක් වුනු ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750ක් බේරුට් වරාය අසලම අපරික්ෂාකාරීව වසර ගණනාවක් ගබඩා කර තැබීමයි. විදෙස් මාධ්‍ය වාර්තා කරපු ආකාරයට, මෙච්චර කල් මේ වැඩේ ඇදිල යන්න එරට බොහෝ රාජ්‍ය ආයතනවල පැවති අකාර්යක්ෂමතාවය තදින්ම බලපාල තිබුණා.
    අන්තිමට ඒ රටම නැති වෙලයි කතාව අවසන් වුණේ. අඩුම ගානේ, ඒ දඩ මුදල ගෙවනකම් මොකක් හරි ඇපයක් රඳවාගෙන එකී ඇමෝනියම් නයිට්රේට් ප්‍රමාණය අදාල සමාගමට ගෙනිහින් තමන්ගේ වෙළදාම කරගන්න ඉඩ දීල , ඒ වෙළඳමෙන් පසුව එකී දඩ මුදල අය කරගන්න අවශ්‍ය ක්‍රියාවලියකට ඉඩ සැලසුවා නම්, අද අඩුම ගානේ බේරුට් කියලා වරායක්, එහෙමත් නැතිනම් බේරුට් කියල නගරයක්වත් මේ මිහිපිට ඉතිරි වෙලා තියෙන්න තිබුණා.
    එහෙම ඇපයක් තියාගෙන මේ ඇමෝනියම් නයිට්‍රේට් ටික නිදහස් කලා නම්, සිද්ද වෙන්න තිබ්බ ලොකුම පාඩුව වෙන්නේ එකී සමාගම යම් සූක්ෂම ආකාරයකින් අදාල දඩ මුදල ගෙවීම පැහැර හැරීම මගින් එරට රජයට වෙන්න තිබුණු අලාභය පමණයි කියලා පැහැදිලි නේද?
    එහෙමත් නැතිනම් කාර්යක්ෂම ක්‍රමවේදයක් මගින් ඒ ගැටලුව විසඳලා, එකී පරමාණු බෝම්බයක් වන් වූ ඇමෝනියම් නයිට්‍රේට් තොගය ආරක්ෂාකාරීව ගබඩා කරලා තිබ්බ නම් මේ මහා විපත වලක්වා ගන්න තිබුණා කියලත් පැහැදිලි නේද?
    හරි, ඉතින් ඔය පුංචි මතක් කිරීමක් කරලා හිටියේ, මේ අස්සන්නයෙදීම සිද්ද වුනු නාවික ක්ෂේශ්ත්‍රය හා සම්බන්ධ සිදුවීමකින් අපිට ඉගෙන ගන්න පාඩම් තියෙනවා කියන දේ පොඩ්ඩක් මතක් කරලා ඉන්න විතරයි.
    අනික් පැත්තෙන් අපේ නිලධාරීන් මේ ඩයමන්ඩ් නෞකාව අපේ මුහුදු සිමාවේම රඳවාගෙන රණ්ඩු වේවි, තර්ක විතර්ක කර කර, පරීක්ෂණ වාර්තා එනකම්, අවසන් නිගමන වලට එළඹෙනකම් කියල මේ බොරතෙල් පුරෝගත්ත යෝධයව අපේ අපේ රටට ආසන්න මුහුදු කලාපයක තියාගන්න එක ජාතියක් විදිහට කොච්චර සුදුසුද කියලයි මේ ඇහුවේ?
    මේ මහා බොර තෙල් කන්දේ බර මේ නිව් ඩයමන්ඩ් නෞකා බඳ තව කොච්චර කල් ආරක්ෂා කර ගෙන, වැට පනින්න නොදී තියා ගනීද කියලයි මේ ඇහුවේ? එහෙමත් නැතිනම් මේ නැව් බඳ බිඳිලා බොරතෙල් මහා සයුරට මුසු වෙන්න අවදානමක් දැන් නෑ කියලා කවුද සහතික කරන්නේ කියලයි මේ ඇහුවේ? එහෙම සහතිකයක් කවුරු හරි දෙනවා නම් ඒ සහතිකේ කල් ඉකුත් වීමේ දිනේ කවදද කියලයි මේ ඇහුවේ.
    මොකද ඒ දවස හරියටම දැනගත්තොත් තව ටිකක් අපිට සැහැල්ලුවෙන් මේ තර්ක විතර්ක ගොඩ නගන්න කල් වේලා ලැබෙන නිසා.
    හරි දැන් ඉතින් 2012 වෙච්ච සිද්ධිය ටිකක් විස්තර සහිතව කියන්නයි මේ හදන්නේ. ඊට පස්සේ, පහසුවෙන් ඔබටම බලන්න පුළුවන් වේවි බේරුට් නිලධාරින්ද කාර්යක්ෂම, අපේ නිලධාරින්ද කියල…..
    කතාව ඉතාම සංක්ෂිප්තව මෙහෙමයි!!!
    2012 අගෝස්තු මාසයේදී පානදුරේ පැත්තේදී (කොළඹ වරායට ආසන්න මුහුදේ) නැංගුරම් ලා තිබු ලොකු නැවක් (Anchored Vessel) ගිලුන කියල ප්‍රවෘත්තියක් පල වුණා ඔබට මතකද?
    ඒ නැවේ නම තමයි 'MV Thermophylae Sierra' (තර්මෝපිලී සියරා). ඔය Photo No. 01 මගින් දක්වලා තියෙන්නේ ඒ නෞකාවේ, ගිලෙන්න කලින් ගත්ත චායාරූපයක්.
    ඒක මහා ලොකු අවදානයක් ආපු සිද්දියක් වුනේ නෑ ඒ කාලේදී. මොකද මහා ලොකු පරිසර හානියක් සිද්ද වුනේ නැති නිසා. නමුත්, සුළු තෙල් ප්‍රමාණයක් දෙහිවල-ගල්කිස්ස, මොරටුව-පානදුර වගේ වෙරළදී දැක ගන්න තිබුණු බව ඔබට මතක ඇති. අනික් පැත්තෙන් අර මුල් කතාවකදී මා හදුන්වාදීපු 'සමුද්‍රීය අන්ධභාවය' (Sea Blindness) කියන රෝගයෙන් අපි ජාතියක් විදිහට කොච්චර තදින් පෙලෙනවද කියන්නත් තවත් කදිම උදාහරණයක් තමයි මේ සිද්දිය නිකම්ම යටයෑම!
    ඇත්තටම කියනවා නම් මේ සිද්ධියත් බේරුට් පිපිරිමටම බොහොම සමානයි. ඒ කියන්නේ මෙහෙමයි. මේ තර්මෝපිලී සියරා නැවත් තිබුනේ අර කිව්වා වගේම කිසියම් දඩ මුදලක් ගෙවන තුරු අපේ රටේ අත්තඩංගුවේ. (Detained Vessel). හරියටම කියනව නම් වෙළඳ නාවික අධ්‍යක්ෂක ජෙනරාල් (Director General of Merchant Shipping) තුමාගේ භාරයේ.
    මෙකි දඩ මුදල අයවෙන්න තිබුනෙත් අපිට නෙමෙයි ඇත්තටම. ඒ කියන්නේ, මේ නැව ලංකාවට එන්න කලින් විදේශ රටක නැව් තටාකාන්ගනයකට (Dock Yard) ගෙවන්න තිබුන මුළු මුදල නොගෙවීම සම්බන්ධ ප්‍රශ්නයක් දුරදිග යාමක් තමයි මේ නැව ලංකාවේදී අත්තඩංගුවට පත් වීමට හේතු වෙලා තිබුනේ.
    ඒ කියන්නේ, නැවේ යම් නඩත්තු කටයුත්තක් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ මුළු ගාස්තු මුදල නොගෙවා, මේ නැව එකී නැව් තටාකාන්ගනයෙන් පිටත් වෙලා තමයි, ලංකාවට ඇවිත් තිබුණේ. ඇත්තටම එහෙම අපේ ලංකාවේ මුහුදු සිමාවට ඇවිත් තිබුනේ තමන්ගේ ගමන්නන්තයට යන්න අවශ්‍යවුනු ඉතිරි ඉන්ධන ප්‍රමාණය ලබාගැනීම (Bunkering Operation Only) සඳහා පමණයි!
    නැතිව, ලංකාවේ වරායකට ආපු නැවකුත් නෙමෙයි මේ නැව ඇත්තටම.
    හරි කොහොම වුනත්, ඉතින් මේ වගේ වෙලාවක ක්‍රියාත්මකවන අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයක් තියෙනව; එකී නැවට ඊළඟ වරායෙන් පිටත්වීමට අවසර නොදීමට. එකට කියන්නේ ' ලාස්ට් පොර්ට් ක්ලියරන්ස්' සහතිකේ (Last Port Clearance Certificate) ලබා නොදෙනවා කියලා. ඉතින් මේ සහතිකේ නැතිව නැවකට තමන්ගේ ගමනාන්ත වරායට ඇතුල් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. අන්න ඒක නිසා තමයි මේ නැවට පානදුරේ ආසන්න මුහුදේ නැංගුරම් දාගෙන ඉන්න සිද්ද වුනේ.
    ඉතින් මේ වගේ වෙලවකදී, ඒ වැඩේ ලංකාවේ පැවරිලා තියෙන රාජ්‍ය නිලධාරියා තමයි වෙළඳ නාවික අධ්‍යක්ෂක ජෙනරාල්වරයා (DGMS). අන්න එකයි මුලදීම කිව්වේ ඔහුගේ භාරයේ තමයි මේ නැව තිබුනේ කියල.
    හරි, කොහොම වුනත් ඔහොම ඔය ප්‍රශ්න ටික විසඳගන්න අපිට කොච්චර විතර කාලයක් යන්න ඇති කියලද ඔබ හිතන්නේ? දැන් අද වෙද්දී ඒ ගැටළු විසඳිලා කියලද ඔබ හිතන්නේ. ඔන්න අහගන්න, ඒ කතාව මෙහෙමයි.
    2012 අගෝස්තු මාසේ මෙකි ‘තර්මෝපිලී සියරා’ නැව පානදුරේ ඉඳල මුහුදු සැතපුම් 12ක වගේ ආසන්න තැනකදී මුහුදුබත් වෙනකොට, නැව එතනට ඇවිත් නැංගුරම් දාල වසර 03කට වඩා වැඩි.
    අවුරුදු 03ක් අපිට ස්වභාව ධර්මයා දීල තිබුණා, මේ ප්‍රශ්නේ විසඳගෙන මේ නැව මෙතනින් ඉවත් කරගන්නට. නමුත් අපිට ප්‍රශ්නය විසදගන්න බැරිව 2012 අගෝස්තු 23 වෙනිදා ලංකාව අසල මුහුදේ හටගත් අයහපත් කාලගුණ තත්වයත් එක්කම උතුරු අක්ෂාංශ 06° 47.15’ සහ නැගෙනහිර දේශාංශ 079° 50.16’ කියන ස්ථානයේදී මේ නැව සදහටම මුහුදු පතුලේ සැඟවිලා ගියා.
    Photo No 02 / 03 / 04 / 05 / 06: 'MV Thermophylae Sierra' (තර්මෝපිලී සියරා) නෞකාව ක්‍රම ක්‍රමයෙන් මුහුදු පතුලේ සැඟව යන අතරතුරදී ගත් චායාරූප.
    අදටත් මේ නැව, මුහුදු පතුලේ ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සමහර විදේශීය කිමිදුම් කරුවන්ගේ ජනප්‍රියම කිමිදුම් ප්‍රදේශයක් විදිහටත් මේ ආශ්‍රිත ප්‍රදේශය සැලකෙනවා අද වෙද්දී.
    Photo No 07 / 08 / 09 /10 / 11: දැන් මුහුදු පතුලේ ඇති 'MV Thermophylae Sierra' (තර්මෝපිලී සියරා) නෞකාව මෑත කාලීනව එසේ කිමිදුම් කරුවන් විසින් ලබාගත් චායාරූප.
    මේ විදිහට මේ නැව ගිලී යද්දී නැව ඇතුලේ තිබුණු කාර්ගෝ වල වටිනාකම රුපියල් කොටි 300 - 500 අතර ප්‍රමාණයක් කියලයි දල ගණනය කිරීම වුණේ ඒ දවස් වල.
    Photo No 12: අද මුහුදුපතුලේ මේ කාර්ගෝ තියෙන විදිය තමයි ඔය දක්වල තියෙන්නේ.
    ඉතින් මේ කාර්ගෝ ටික විකුණලා බොහොම පහසුවෙන් පෙර කී නැව් තටාකාංගනයේ හිඟ මුදල සහ ලංකාවට අයවිය යුතුව තිබු සියලුම වියදම් පවා ගෙවාදමන්න පුළුවං කම තිබුනා ඒ මුදලෙන්.
    කොහොම වුනත්, ‘බේරුට් පිපිරීම වගේම ඛේදවාචකයක් 2012 දී පානදුරේදී සිද්ද වුණා’ කියල කියපු කතාව දැන් පැහැදිලි නේද?
    අවුරුදු 03ක් තිස්සේ මේකට අවසන් තීරණයකට එන්න බැරි වුණා අපිට ජාතියක් විදිහට. එහෙම වෙච්ච එක හරිද / වැරදිද කියලා නෙමෙයි මේ කිව්වේ. එහෙම දෙයක් වුනා කියලා විතරයි. මේ වෙනුවෙන් විවිධ හේතුන් බලපාන්න ඇතිනේ ඉතින්.
    අනික් පැත්තෙන්, දැන් අපි මේවා තේරුම් අරගෙන අවශ්‍ය ක්‍රමවේදයන් සකසලා ඉවරද? දැන්, අපිට භය නැතිව නිව් ඩයමන්ඩ් නෞකාව අපේ වෙරළාසන්න ප්‍රදේශයක තියාගෙන මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් තැනකද අද වෙද්දී අපි ඉන්නේ? අපේ රාජ්‍ය නිලධාරින් 2012 මේ සිද්දියෙන් පාඩම් ඉගෙන ගෙන සියලුම වැරදි හදාගෙන ඊළඟ ව්‍යසනයට මුණදෙන්න ලෑස්ති වෙලා ඉවරයිද? ජාතියක් විදිහට අපි 2012 ඒ ඉගෙන ගත්ත පාඩමේ හෝම් වර්ක් කරලා අවසන් ද?
    තවත් රසවත් කෑල්ලක් තියෙනවා මේ කතාවේ. එක තමයි, 2009 නැව ලංකාවේ අත්තඩංගුවට පත්වූ කාලයේ සිට 2012 වසරේ ගිලි යනතුරුම, කපිතාන්ගේ ඉඳලම මේ නැවේ කාර්යමණ්ඩලය විදිහට වැඩ කලේ අපේ ලාංකිකයෝ. මොකද නැව ලංකාවේදී අත්තඩංගුවට පත් වුනාට පස්සේ නැව ලංකාවට එනකම් පදවා ගෙන ආපු කාර්යමණ්ඩලය ඉවත් කරන්න නැව් හිමිකාර සමාගම ක්‍රියාකරලා තිබුණා. එතැන් සිට මේ නැවේ කාර්යමණ්ඩලය විදිහට වැඩ කලේම අපේ ලාංකික නැවියෝ.
    ඉතින් ඒ නැවියන්ගේ පඩිනඩි විදිහට අදටත් රුපියල් කොටි 03ක විතර මුදලක් හිමිකාර සමාගම ගෙවන්න නියමිතව තියෙනවා. ඔව්, මේ 2020 අදටත් ඒ හිඟ වැටුප් ඒ ලාංකික නැවියන්ට ලැබිලා නෑ !!!
    මේකේ ලොකුම කතාව වෙන්නේ ලාංකික නාවිකයන්ගේම සුබ සිද්ධිය වෙනුවෙන් පිහිටුවල තියෙන වෙළඳ නාවික ලේකම් කාර්යාලයේම (Merchant Shipping Secretariat) යම් යම් නිලධාරීන්ගේ වාචික පොරොන්දුව මත තමයි මේ ලාංකික නැවියන් මේ නැවේ සේවයට බැඳිලා තිබුනේ. "අයියෝ, බය නැතිව යන්න. කොටි 300කට වඩා වැඩි කාර්ගෝ ඔය නැවේ තියෙනවා. කාර්ගෝ ටික විකුණලා හරි පඩි ටික ගෙවන්න ඕනේ වැඩ ටික අපි කරලා දෙන්නම්' මෙන්න මේ වගේ පොරොන්දු වලට රැවටිලා තමයි මේ ලාංකික නැවියෝ මේ ගිලෙන්න ඔන්න මෙන්න තිබුණු මේ නැවේ සේවයට බැඳිලා තිබුනේ ඇත්තටම.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ෂිපින් කියන්නේ තිරය පිටිපස්සේ ජවනිකා ගොඩක් රඟ දක්වන බිස්නස් එකක් කියල කියපු කතාව ටිකක් දැන් පැහැදිලි වෙන්න ඇති නේද?
    හරි දැන් ඉතින් අද කතාවට එමු. ඉතින් මේ යෝජනා කරන්නේ මෙහෙම අපේ පරිසරයට / අපේ නාවිකයන්ට යම් අකටයුත්තක් සිදුවෙලා තියෙනවා නම් ඒ ගැන දැන්වත් සොයාබැලුවොත් නරකද කියල? ගොඩක් ප්‍රමාද වෙන්න කලින් පොඩියට හොයන්න බලන්න පටන් ගත්තොත් නරකද දැන්වත්?
    අපි දන්නේ නෑ මොනවා හරි අකටයුතු කම් සිද්ද වෙලා තියෙනවද නැද්ද කියල. අපි දන්නේ, අද වෙනකම්වත් මේ නාවිකයන්ට තමන්ගේ හිඟ වැටුප් ලැබිලා නෑ කියල විතරයි. මේක ඉතින් රජය මැදිහත් වෙලා හොයා බලන්න ඕනේ දෙයක් නෙමෙයිද????
    ඒ වගේම මේ නැවේ හිමිකාර සමාගම ඉතා කෙටි කාල සිමා වලින් (මාස තුනෙන් හතරෙන් වගේ) තමන්ගේ ලංකාවේ දේශීය නියෝජිත සමාගම මාරු කරන්නත් අවශ්‍ය කටයුතු සිදු කරලා තිබුණා. ඒ හරහා ඉතා කෙටි කාලවලින් මෙහෙම හිටපු මේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ව මාරු කරන්නත් (Frequent Crew Changes) කටයුතු කරලා තිබුණා.
    ඊළඟට අපේ වාසනාවකට ඔය නැව ගිලියන මොහොතේ නැවේ ඉතිරි වෙලා තිබුනේ ලිහිස්සි තෙල් (Lubricant Oil) ඉතා කුඩා ප්‍රමාණයක් විතරයි. ඉන්ධන තිබුනෙම නෑ. නැවේ එන්ජිම තියා ජෙනරෙටරයක්වත් පනගන්වන්න ඕනේ කරන තෙල් හිමිකාර සමාගම සැපයුවේ නෑ අවසන් කාලය වෙද්දී. ඒ කියන්නේ නැව තිබුනේ අඳුරේ (Black Out).
    ගල්කිස්ස වෙරල පැත්තේ පොඩි තෙල් පැල්ලමක් විතරක් දැක ගන්න ලැබුණා කියල අන්න එක තමයි මුලින් කිව්වේ. අර ඉතිරි වෙලා තිබ්බ ලිහිස්සි තෙල් ස්වල්පයෙන් තමයි ඒ පොඩි තෙල් පැල්ලම ජනිත වෙන්නට ඇත්තේ. දැන් පැහැදිලි නේද කොහොමද මහා පරිසර විනාසයකින් 2012 අවුරුදෙදි අපි බේරුනේ කියල.
    ඉතින් මේ කතාවත් එක්කවත් 2012 - 2020 අවුරුදු 08 තුල අපේ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය දැන්වත් සමාලෝචනය කරලා බැලුවොත් හොඳ නැද්ද තවත් මහා විනාශයක් වෙන්නට කලින්???
    ඒ වගේම ළඟදීම දවසක මේ කතාවේ තුන්වෙනි කොටස විදිහට M T New Diamond නෞකාව හරහා තවත් අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් බිහිවෙන්නට තියෙන ඉඩ කඩ පිළිබඳවත් කතාවක් කියන්නම්කෝ.

    https://www.facebook.com/paththinigama
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Mewa kiyawana kota puduma tharahak bn enne ape rate system eka gana.
    Ane manda bn api marenna kalin hari hoda system ekak hoda law ekak thiyena ratak ape lamai wenuven hari labenawa nam eka hithata sanasimak. Me rata dala gihin wadakuth na, ipaduan ratema marenna one.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Mewa kiyawana kota puduma tharahak bn enne ape rate system eka gana.
    Ane manda bn api marenna kalin hari hoda system ekak hoda law ekak thiyena ratak ape lamai wenuven hari labenawa nam eka hithata sanasimak. Me rata dala gihin wadakuth na, ipaduan ratema marenna one.
    Poor kids.That’s all i can say
     
    • Like
    Reactions: RLT4U and banda065

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලංකාවේ දූෂිත නිලධාරීන් ඉන්න එක විතරක් නෙවෙයි මචන් ප්‍රශ්නේ. හුඟක් තැන් වලට හැඳුනුම්කම් මත, කිසිම දැනුමක් හෝ සුදුසුකමක් නැති අය පත්වෙලා ඉන්නවා. ඉතින් උන් දන්නේ නැහැ මොනාද කරන්න ඕන කියලා. ඊට පස්සේ වැඩ කරන එකාගේ පිටින් තමයි වගකීම් යන්නේ.
    (හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් වෙලා කොරපු හරිය දන්නවනේ)
    අහල තියන විදිහට හමුදාවලත් ඔහොම උන් ගොඩක් ඉන්නවා උඩ නිල වල. බේතක් දෙන්න ගියාමවත් හරියට දන්නෙ නැති උන්. ආයේ ඉතින් නිකන් කාර්යාල ගැන කවර කතාද?
    එක අතකට අපේ රට මෙහෙම හරි තියන එක ගැන පුදුමයක් එනවා.
    මේ ආණ්ඩුවෙත් අලුතෙන් ලොකු පුටුවලට පත්වීම් කරපු ගොඩක් ඒවා ඇඳුනුම් කම්වලට කරපුවා තමයි. මේවා කවද කොහොම නවතියිද මන්ද.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    Mewa kiyawana kota puduma tharahak bn enne ape rate system eka gana.
    Ane manda bn api marenna kalin hari hoda system ekak hoda law ekak thiyena ratak ape lamai wenuven hari labenawa nam eka hithata sanasimak. Me rata dala gihin wadakuth na, ipaduan ratema marenna one.
    අපිට බන් අපේ අතින් පොඩි වැරද්දක් උනොත් මාර හිතට අමාරුවක් තියෙන්නේ මුන් කොහොම මේවා ගණන් නොගෙන ඉන්නවද මන්දා
     
    • Like
    Reactions: D_Mad and banda065

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අපිට බන් අපේ අතින් පොඩි වැරද්දක් උනොත් මාර හිතට අමාරුවක් තියෙන්නේ මුන් කොහොම මේවා ගණන් නොගෙන ඉන්නවද මන්දා

    Ow machan.. Mun kohoma hithata ekagawa wada karanawada manda.
    Balapan me hama thamana corruption ne machan.

    * Kudu allanna one un kudu vikuna nawa drug dealers lath ekka ekathu wela.
    * Politician la puluwan tharam rate dewal mankolla kanawa.
    * Hari thindu wenna one judge la / lawyers la waradi karayo nidahas karala unta sura sapa denawa. Nikan podi manussayata loku penalty ekak gahala hire danawa.
    * Godak doctors la duppath minissu huragena kanawa.
    * Police karayo boruwata minissu hire dala nadu targets cover kara gannawa. Game karanna puluwan hama jara wadak ma karanawa.

    Ape misissuth puduma athmartha kami bn dan.
     
    • Like
    Reactions: navinnuwan

    වැඩක් නැ බන් කතා කරලා නිකන් හිත රිදෙනවා විතරයි
     
    • Like
    Reactions: RLT4U