MTFE ප‍්‍රාදේශීය කාර්යාල රාත‍්‍රියේම වසා දමති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිරමීඩාකාර මූල්‍ය ගනුදෙනු වල නිරත වූ බවට චෝදනා එල්ල වන MTFE ආයතනයේ ප්‍රාදේශීය කාර්යාල කිහිහිපයක් ඊයේ රාත්‍රියේ වසා ඉවත් කර ගෙන ඇති බව වාර්තා වේ.

    එම ප්‍රදේශයන්හි වාර්තාකරුවන් සඳහන් කරන්නේ එම ඇතැම් ශාඛාවන්හි ඇති බඩු භාණ්ඩ පවා සියල්ල ඊයේ රාත්‍රියේ ඉවත් කරගෙන ඇති බවයි.

    එම ආයතනයේ ප්‍රදානයෙන් පස් දෙනෙකුට එරෙහිව රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක් අධිකරණය විසින් ඊයේ දින නිකුත් කර තිබේ.

    නමුත් ඉන් ප්‍රධාන සැකකරුවා මේ වන විටත් ඩුබායි රාජ්‍ය බලා පලා ගොස් ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රහස් පොලිසියට දැනුම් දී තිබුණේ මෙම සමාගම පිරමිඩාකාර මුදල් ගනුදෙනුවක නිරත වන බව නිරීක්ෂණය වන බැවින් එහි ප්‍රධානින්ට රටින් පිටවීම වළක්වීම සඳහා වහා ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

    ඒ අනුව ඊයේ දින අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අදාළ වාරණ නියෝගය නිකුත් කර තිබේ.

    ක‍්‍රිප්ටො ගනුදෙනු හරහා මුදල් උපයන බව පවසමින් එම සමාගම් විසින් රට පුරා පිහිටි රට පුරා පුද්ගලයන්ගෙන් මුදල් විශාල වශයෙන් එක් රැස් කරගෙන ඇත.

    නමුත් අදාළ සමාගමේ වෙබ් අඩවිය හෝ ජංගම දුරකතන යෙදවුම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවක් ලෙස ක‍්‍රියා නොකරන අතර ඔවුන් Binance ප්‍රකට ක්‍රිප්ටෝ විනිමය හුවමාරුව හරහා ඔවුන්ගේ පෞද්ගලික ගිනුම්වලට මුදල් ගෙන්වා ගන්නා බව හෙළි වී තිබේ.

    එමෙන්ම ක‍්‍රිප්ටො විනිමය හුවමාරුවක් ඇයි පැවසුවද ඒ වෙත යොමු කරන කිසිදු මුදලක් වෙනත් කිසිදු ක්‍රිප්ටෝ එ්කකයකට මාරුකිරීමේ හැකියාවක් නොමැත.

    ලොව ප්‍රසිද්ධ ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වල ආයෝජනය කරන ඕනෑම පුද්ගලයෙකු අවදානම තමන් දරාගනිමින් ඕනෑම අවස්ථාවක වෙනත් ක්‍රිප්ටෝ මුදල් ඒකක හෝ ත්‍යන්තර මූල්‍ය එ්කක සමග හුවමාරු කිරීමේ හැකියාව ඇත. ඒවායේ කිසිම අවස්ථාවය නිශ්චිත ලාභයක් ගෙවන බවට සහතියක් ලබා නොදෙන අතර දක්‍ෂ හා දැනුවත් ආයෝජකයන් විශාල ලෙස ලාභ උපයා ගනී.

    පසුව මෙම ආයතනය පවසා තිබුනේ තමන් ආයෝජනය කරන්නේ ක‍්‍රිප්ටො වෙලදපලේ නොව ෆොරෙක්ස් වෙලදපලේ බවයි. නමුත් මේ වන තුරුත් ඔවුන් වෙත මුදල් ගෙන්වා ගන්නේ ක‍්‍රිප්ටො මුදල් හුවමාරු වල පමණක් භාවිතා වන USDT වලිනි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    bye-horse.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,595
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    දක්‍ෂ හා දැනුවත් ආයෝජකයන් විශාල ලෙස ලාභ උපයා ගනී.

    මෙන්න මේ වගේ පට්ට පල් හොරුන්ව උඩ තියලා තමයි අලුත් එ්වත් රන් කරන්නෙ. ඔතන දක්ෂකමක් නෑ බන් පට්ට පල් හොරකමක් විතරය්ි වෙන්නෙ.
     
    • Like
    Reactions: SLK_sri